Watch Trailer

NTR: Kathanayakudu (2019) Sinhala Subtitles | විශිෂ්ඨ සිනමා පරම්පරාවක ආරම්භකයා [සිංහල උපසිරැසි සමඟ]

NTR කිව්වාම කාවද මතක් වෙන්නේ? NTR jr(Nandamuri Taraka Rama Rao Jr.) නේද? කවුරුත් හඳුන්වන විදිහට කියනවනම් ජූනියර් NTR. ඔහු උපතින්ම කලාව හා දේශපාලනය උරුම කරගෙන ඉපදුනු NTR පරම්පරාවේ වර්ථමාන පුරුකක්. මේ චිත්‍රපටයෙන් ඔබ අප හැමදෙනාටම මේ සිනමා පරම්පරාවේ ආරම්භකයා, එහෙමත් නැත්නම් ජූනියර් එන්.ටී.ආර්ගේ සීයාගේ…

NTR කිව්වාම කාවද මතක් වෙන්නේ? NTR jr(Nandamuri Taraka Rama Rao Jr.) නේද? කවුරුත් හඳුන්වන විදිහට කියනවනම් ජූනියර් NTR. ඔහු උපතින්ම කලාව හා දේශපාලනය උරුම කරගෙන ඉපදුනු NTR පරම්පරාවේ වර්ථමාන පුරුකක්. මේ චිත්‍රපටයෙන් ඔබ අප හැමදෙනාටම මේ සිනමා පරම්පරාවේ ආරම්භකයා, එහෙමත් නැත්නම් ජූනියර් එන්.ටී.ආර්ගේ සීයාගේ (Nandamuri Taraka Rama Rao) ජීවිත කතාව දැනගන්න පුලුවන්.

එහෙනම් එන්.ටී.ආර් කියන මේ විශිෂ්ඨ රංගධරයා ගැන පොඩි විස්තරයක් කරන්නම්. 1923 මැයි 28 ගොවි පවුලකට දාව උපත ලබපු මෙතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ මාමා කෙනෙක් ලඟ. අධ්‍යාපන කටයුතු අවසන් වුනාට පස්සේ රජයේ කාර්යාලයක උප රෙජිස්ට්‍රාර්වරයකු වශයෙන් පත් වෙනවා. පගා ගැසීම් ආදී වංචා දූෂණ නිසා කළකිරෙන මොහු සති තුනෙන් එතනින් ඉල්ලා අස් වෙනවා. පසුව ඔහු දන්නා හඳුනන චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන L. V. Prasad කළ පැරණි ආරාධනයක් මතක් වෙලා නළුවෙක් වීමේ සිහිනය ඇතුව මැඩ්‍රාස් බලා පිටත් වෙනවා. ඒ සියල්ල සහ තවත් විස්තර චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් නිසා මෙතුමා ගැන තවත් වැදගත් විස්තර ටිකක් ගෙන එන්නම්.

CNN-IBN වෙතින් පැවැත්වූ ජාතික ඡන්ද විමසීමෙන් තේරුණු මෙතුමාගේ නම, 2013 වසරේ පැවැත්වූ ඉන්දියානු සිනමා ශත සංවත්සර උළෙලේදී එදා මෙදා තුර ඉන්දියාවෙන් බිහි වුන විශිෂ්ඨතම රංගණ ශිල්පියා ලෙසින් නම් කෙරුණා. ඒ වගේම එදින නම් කළ ශත වර්ශයේ විශිෂ්ඨම සිනමා නිර්මාණ 100 අතරට මෙතුමා රංගණයෙන් දායකු වූ Patala Bhairavi (1951), Malliswari (1951), Mayabazar (1957), Nartanasala (1963) යන චිත්‍රපට හතරත් ඇතුලත් වුනා. ඉන්පසු ඉන්දියානු රජයෙන් පිරිනමන ඉහළම ගෞරව සම්මාණ වලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාණයෙන් 1968 වසරේදි පිදුම් ලැබුවා. චිත්‍රපට 300 කට රංගණයෙන් දායක වී ඇති මෙතුමාට ගෞරවයක් වශයෙන් ඉන්දියානු රජයෙන් මුද්දර පවා නිකුත් කෙරුණා. පහතින් දැක්වෙන්නේ එසේ නිකුත් වූ මුද්දරයක්.

පසුකාලීනව මෙතුමා දේශපාලනයටත් පිවිසෙනවා. ඒවා ගැනත් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ඉතින් මෙතුමාගේ ජීවිත කතාව රැගත් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙත් මෙතුමාගේ හයවෙනි පුතා වන Nandamuri Balakrishna විසින්. පියාගේ චරිතයට පණ පොවන්නෙත් ඔහු විසින්මයි. NTRගේ බිරිඳගේ චරිතයට රංගණයෙන් දායක වෙන්නේ සුරූපී බොලිවුඩ් නිළි Vidya Balan. IMDb 5.9 ක් හිමි වෙලා තියෙන මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබුණේ. හැබැයි කවදාවත් මුල අමතක කරන්න හොඳ නෑ කියනවනේ. ඒ නිසා තෙලුගු සිනමාව දැන් තියන තත්වයට අරන් එන්න අති විශාල දායකත්වයක් දැක්වූ මේ විශිෂ්ඨ රංගධරයාගේ ජීවිත කතාව දැනගැනීමට කැමති අයට නරඹන්න කියලා ආරාධනා කරනවා.

ප.ලි. ලයින් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තිබ්බ උපසිරැසියක් නිසා ආයෙත් චානක මලයත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඇත්තටම වැඩත් එක්ක කරගන්න කල් ගියා. මගේ කොටස තමයි ටිකක් පරක්කු වුනේ. වැඩි කොටසක් කරේ චානක මල්ලි. කරමු කියපු ගමන් බැහැ නොකියා වැඩේ ගොඩ දැම්මට එයාටත් ස්තූතියි කියන ගමන් සමු ගන්නවා. ආයෙත් කවදා උපසිරැසියක් ගේන්න පුලුවන් වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා හැමෝටම ස්තූතියි කියන ගමන් සමු ගන්නවා. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,323 downloadsDownload NTR-Kathanayakudu-2019.zip90 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට සහ චානක ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

           SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,323 downloadsDownload Subtitles90 KB

18 comments

  1. M.W. Dilhani

    Thank you sooo much

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  3. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. Lalith Susantha

    10 සංවත්සරයට සුබ පැතුම් අප වෙනුවෙන්ම කැපවෙන ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරනයි
    බොහොමත්ම ස්තුති ජයෙන් ජය

  5. Kulanjana Maduranga

    niyamai...subata thanks sahola...keep it up

  6. කවිනු වීරක්කොඩි

    බෙහෙවින්ම ස්තූතියි ශසිත් අයියට වගේම චානක අයියටත්...

  7. Udaya Saman

    උපන් දිනේට තෑගි ගෙනත් නොවැ, සදේ අයියයි, චානකයි..බොහොම ස්තූතියි උපසිරසියට දෙපලටම..

  8. Tharaka

    THANKS....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Lahiru Sampath

    10 සංවත්සරයට මගේ උණුසුම් සුභ පැතුම් ...ජයෙන් ජයම වේවා ...

  11. ඔෂද ධනංජය

    thanx sahoo

  12. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම ...!!!

  13. harshani11112

    පරණ චිත්‍රපට වලට ආසනම් නැ...එත් බලමුකො...
    තෙරැවන්සරණයි
    ස්තුති යාලුවා

  14. Buddhika Lakmal (laKMal)

    thanks machan sub ekata

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Su

    Thanks saho sub ekata>> :)

  17. yasindumax

    shakti 2011 film 1 sub eka දෙන්න පුළුවන් ම් supiriyak bro

  18. Imesha Ransara

    NTR Mahanayakudu ෆිල්ම් එකටත් සබ් එකක් දෙන්නකො

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.