Tehran (2025) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි, ටික කාලෙකට පස්සේ, මගේ 166 වැනි සිංහල උපසිරැසිය ලෙසින් මං ඔයාලට අරගෙන ආවේ ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වෙන අලුත්ම ක්‍රියාදාම දේශපාලනික හින්දි සිනමා පටයක් වන Tehran (2025). මේක අරුන් ගෝපාලන් අධ්‍යක්ෂණය කරපු දිනේෂ් විජාන්, ෂෝබ්නා යාදව් සහ සන්දීප් ල…
Tehran (2025) Sinhala Subtitles
සුබ දවසක් මිත්‍රවරුනි, ටික කාලෙකට පස්සේ, මගේ 166 වැනි සිංහල උපසිරැසිය ලෙසින් මං ඔයාලට අරගෙන ආවේ ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වෙන අලුත්ම ක්‍රියාදාම දේශපාලනික හින්දි සිනමා පටයක් වන Tehran (2025). මේක අරුන් ගෝපාලන් අධ්‍යක්ෂණය කරපු දිනේෂ් විජාන්, ෂෝබ්නා යාදව් සහ සන්දීප් ලේසෙල් විසින් නිෂ්පාදනය කරන ලද සිනමාපටයක්. මේකේ ජෝන් ඒබ්‍රහම් ට අමතරව නීරු බජ්වා වගේම මනුෂි චිල්ලාර් ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2025 අගෝස්තු 14 වැනිදා ZEE5 විකාශන සේවයේ සහ 2025 අගෝස්තු 27 වන දින Netflix විකාශන සේවයේ තිරගත වුණා. මේක රූගත කිරීම් ආරම්භ වුණේ 2022 ජූලි 11 වැනිදා ඉරානයේ ටෙහෙරාන් වලදී. දෙවන කාලසටහන 2022 අගෝස්තු මාසයේදී ආරම්භ වූ අතර තුන්වන කාලසටහන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරී, ග්ලාස්ගෝ, මුම්බායි සහ දිල්ලියේ දර්ශන තල වල රූගත කිරීම් වලින් පසුව 2022 ඔක්තෝබර් මාසයේදී රූගත කිරීම් අවසන් වුණා. සමස්තයක් ලෙස Tehran (2025) ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර ලබාගන්නට සමත් වුණා. ඒ වගේම ඒ වගේම IMDb දර්ශකයේ 6.2/10ක අගයකුත් ලබාගන්න සමත් වුණා. මිහිරි ගීත හතරක් අන්තර්ගත මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ තන්ශික් බග්ෂි සහ ධුර්ව් ඝනේකර් විසින්. මේ චිත්‍රපටය 2012 දී දිල්ලියේදී ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරය පාදක කර ගෙන නිර්මාණය කෙරුණු එකක්. තමන්ගේම රට විසින් අතහැර දමනු ලැබූ තනි ඉන්දියානු නිලධාරියෙක්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ භූ දේශපාලනික ගැටුමට එරෙහිව දියත් කරන ලද මාරාන්තික කුමන්ත්‍රණයක් හෙළිදරව් කරන අන්දම මේ සිනමා පටයෙන් විවරණය වෙනවා.
රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්
- ජෝන් ඒබ්‍රහම් ACP රජීව් කුමාර් ලෙස
- නීරු බජ්වා ශීලජා ලෙස
- මනුෂි චිල්ලාර් SI දිව්‍යා රානා ලෙස
- මධුරිමා තුලී රජීව් කුමාර්ගේ බිරිඳ වන්දනා ලෙස
- අලී ඛාන්, නීරජ් ලෙසින්
- එල්නාස් නොරූසි ලයිලා ලෙස
- දිනකර් ෂර්මා එස්අයි විජේ ලෙස
- ක්වාෂික් මුකර්ජි හිමද්‍රි ලෙස
- අයිඩෝ සැමුවෙල් යූසුෆ් ලෙස
- අශ්වින් කෞෂාල්, ධර්මේෂ් ජේන් ලෙස
- සුෂිල් ඛත්‍රි පොලිස් කොමසාරිස් ලෙස
- හදී ඛන්ජන්පූර්, අෆ්ෂාර් හුසේනි ලෙස
- ඇලන් සිල්වේන් සයිඩ් අලි ලෙස
- ෆර්හාද් කොල්ගි මහමුද් අලවි ලෙස
2012 දිල්ලියේදී ඊශ්‍රායල කොන්සල් ජනරාල් වරයා ඉලක්ක කළ බෝම්බ ප්‍රහාරය (වමේ) සහ එම ප්‍රහාරය මේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය කෙරුණු අන්දම (දකුණේ)
අපි මේ සිනමාපටයේ කතාව දෙසට හැරෙමු. සහකාර පොලිස් කොමසාරිස් රජීව් කුමාර් (ජෝන් ඒබ්‍රහම්) කියන්නේ දිල්ලි විශේෂ පොලිස් ඒකකයේ නිලධාරියෙක්. 2012දී දිල්ලියේ ඊශ්‍රායල කොන්සල් ජනරාල්වරයා එල්ල කර සිදු කෙරුණු බෝම්බ ප්‍රහාරයක් විමර්ශනය කිරීම ඔහුට භාරවෙනවා. ඒ පිපිරීමට මොහොතකට කළින් රජිව්ට මලක් විකුණපු මල් විකුණන කුඩා දැරියක් ඒ බෝම්බ ප්‍රහාරය නිසා පිළිස්සී මරණයට පත්වෙනවා. රජීව්ටත් මේ වගේම දියණියක් ඉන්නවා. මේ සිද්ධියෙන් දැඩි කම්පනයෙන් පීඩනයට පත්වෙන රජීව් මේ සිද්ධියේ පරීක්ෂණය ඉදිරියට අරගෙන යනවා. සාක්ෂි මඟින් ඔහුට ඉන්දීයාව, ඉරානය, සහ ඊශ්‍රායලය අතර ජාත්‍යන්තර භූ දේශපාලනික අරගලයක් හා බැඳී ඇති රහසක් අනාවරණය කරගන්නට හැකි වෙනවා. ඒ කුමක්ද? ඔහු සත්‍යය හඹා යද්දී, තමන්ගෙම රට ඔහුව තනිකර දැමීම නිසා, ඉරාන ඔත්තු සේවාවලට ඔහුව නිරාවරණය වෙනවා. නීතිමය රාජකාරියත්, පුද්ගලික වේදනාවත් අතර දෝලනය වෙමින් ඉන්න අතරේ රජීව්ට තනිවම ක්‍රියා කරන්න වෙනවා තමන්ගේ ඉලක්කය වෙනුවෙන්. ඔහුට තමන්ගේ ඉලක්කය සපුරා ගත හැකි වනු ඇතිද? මේ සිනමා පටය බලලාම කතාව දැනගන්න.
“අහිංසකයෙක්ගේ ජීවිතය බිලිගන්න තැනැත්තා කවුරු වුණත්,
ඔහු සමස්ත මනුෂ්‍යත්වයම විනාශ කරනවා.
අහිංසකයෙක්ගේ ජීවිතය බේරාගන්නා තැනැත්තා කවුරු වුණත්,
ඔහු සමස්ත මනුෂ්‍යත්වයම බේරා ගන්නවා.”
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Tehran (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
4,198 downloadsDownload Tehran-2025.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Tehran (2025) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
3 comments
Buddhika laKMal
damith niwanthaka ranasingha
Thanks bro. Jaya wewa...!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට