Watch Trailer

Scream VI (2023) Sinhala Subtitles | වෙස් බැඳි මාරයා නැවතත් [සිංහල උපසිරැසි] 18+

ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා බිහිසුණුම මරණය ඉතින් මැරුම් කන එක කියලා තමයි මගේ මතය. සිනමාව පැත්තෙන් ගත්තම ක්‍…

ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා බිහිසුණුම මරණය ඉතින් මැරුම් කන එක කියලා තමයි මගේ මතය.

සිනමාව පැත්තෙන් ගත්තම ක්‍රියාදාම චිත්‍රපට ගොඩක් ඒවා වෙඩි තියා ගන්නවා, කපා කොටා ගන්නවා. හැබැයි ඊට වඩා ත්‍රාසජනක මරණ තියෙන්නේ හොල්මන් (Horror) සහ අභිරහස් (Mystery) ගණයට වැටෙන චිත්‍රපට වල. ඒ අතරින් Scream කතා මාලාව කියන්නේ ත්‍රාසජනක මරණ වලට තෝතැන්නක්. මම හිතන්නේ වෙස් බැඳි දාම මිනී මරුවන් (Ghostface serial killers) ආශ්‍රයෙන් Scream චිත්‍රපට නිර්මාණය වීම ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.

ගිය අවුරුද්දේ Scream 5 වෙනි චිත්‍රපටයට උපසිරැසිය කරන්න මට අවස්ථාව ලැබුණ නිසා අද ඔයාලට අරන් එන මේ Scream 6 වෙනි චිත්‍රපටයේ උපසිරැසිය කරන්නත් උරුමයෙන්ම මට ඉඩ ලැබුණා. නමුත් කතාවේ ඇති දෙබස් ප්‍රමාණය අධික වීමත්, වෙලාවට උපසිරැසිය ලබා දෙන එක ගොඩක් වැදගත් වීමත් නිසා මේ උපසිරැසිය කරන්න මම මට ගොඩක් හිතවත් යුරාන් ධනුක මල්ලිව මේ වැඩේට සම්බන්ධ කර ගත්තා. යුරාන් කියන්නේ බයිස්කෝප් පවුලට මට පස්සේ සම්බන්ධ උන, නමුත් මට වඩා උපසිරැසි නිර්මාණ රාශියක් කරපු එල කොල්ලෙක්. වැදගත්ම කාරණේ Scream 6 කියන්නේ මගේ පළවෙනි කඩයිම (50) සහ යුරාන්ගේ තුන් වෙනි කඩයිම (150) ඉවර කරලා අපි දෙන්නම කරන පළවෙනි උපසිරැසි නිර්මාණය වීමයි. ඉතින් මේ වෙලාව මං යුරාන් මල්ලිට ස්තූති කරන්න අවස්ථාව කර ගන්නවා. ඒ වගේම උපසිරැසිය බෙදා හරින්න ඇඩ්මින් එක පැත්තෙන් මුල් උන විමාවත් මතක් කරන්න ඕන.

ඉතින් කියන්න ඕන මේ චිත්‍රපටය බලන්න කලින් මුල් කොටස් 5 බලල නැති අය ඉන්නවා නම් එයාලා ඒවා බලලාම මේක බැලුවා නම් ගොඩක් හොඳයි කියලා. ඒකට හේතුව මේ කතා අතරේ සම්බන්ධයක් තිබීමයි. එහෙනම් පුංචි ඉඟියක් දෙන්නම් මේ කතාව ගැන.

No description available.
චිත්‍රපටය රූ ගත කරන දර්ශනයක්

Scream 5 වෙනි චිත්‍රපටයේ සමන්තා (Melissa Barrera) අතින් එයාගේ පෙම්වතා රිචී බල්ලෙක් වගේ මැරුම් කෑවට පස්සේ සමන්තාට ඕන වෙනවා ආපහු සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ජීවත් වෙන්න. නමුත් යම් මානසික ආතතියක් තිබීම සහ සමාජයෙන් මිනී මරුවෙක් විදිහට හංවඩු ගැහීමත් එක්ක සමන්තා ඉන්නේ කල කිරීමෙන්. තමන්ගේ නංගි ටේරා (Jenna Ortega) සහ පරණ යාළුවන් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන සමන්තාට ආපහු ඉස්සර වගේ මිනී මැරුම් ගැන අහන්න දකින්න ලැබෙනවා වගේම ජීවිත තර්ජන වලට මුහුණ දෙන්නත් වෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, එයා අතින් රිචී මැරුම් කාපු නිසා. ඇයි රිචී වගේ මිනී මරුවෙක් මරපු එකට සමන්තාට මේ තරම් ජීවිත තර්ජන? එතකොට ඒ තර්ජන එන්නේ කාගෙන් ද? ඕවාට උත්තර දැන ගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Spyglass Media Group විසින් නිෂ්පාදනය කරන ලද Paramount Pictures සමාගම විසින් බෙදා හරින ලද Scream 6 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Matt Bettinelli-Olpin සහ Tyler Gillett යන දෙදෙනායි. චිත්‍රපටය ඇමරිකාවේ නිව්යෝක් නගරය පදනම් කරගෙන නිර්මාණය උනත් රූගත කිරීම් සිදු කරේ කැනඩාවේ Montreal නගරයේයි. ඉහත සඳහන් කල ප්‍රධාන නිලියන් දෙපලට අමතරව මේ චිත්‍රපටයේ ඊතන් ලෙස Jack Champion, ගේල් ලෙස Courteney Cox, චැඩ් ලෙස Mason Gooding, ක්වින් ලෙස Liana Liberato, සහ ඩැනී ලෙස Josh Segarra රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපට නිර්මාණය අවසානයේ ගත් කණ්ඩායම් ඡායාරූපය.
දිනය 2022.08.30 (මගේ උපන්දිනය වීමත් මට සතුටක්).

මේ වන විට චිත්‍රපටයේ IMDb අගය 7.1 ක් ලෙසත් Rotten Tomatoes අගය 77% ක් ලෙසත් පවතිනවා. ඇත්තටම මේ අගයන් Horror/Mystery චිත්‍රපටයටක ලැබුණ වඩාත් ඉහලම අගයන් දෙකක් විදිහට දකින්න පුළුවන්. ඒකට පහළ හේතුත් බලපාන්න ඇති.

Scream 6 චිත්‍රපටය තිර ගත වෙලා පළවෙනි සති අන්තය වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 44.5 ක Domestic box office ආදායමකුත් ඇමරිකානු ඩොලර් මිලියන 22.6 ක විදේශ සිනමා දර්ශන ආදායමකුත් ලබා ගන්න සමත් උනා. ඒ කියන්නේ තිර ගත වෙලා පළවෙනි සති අන්තයේ Scream 6 මුළු අදායම ඇමරිකානු ඩොලර් මිලියන 67.1 ක්. ඉතින් චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ගිය ඇමරිකානු ඩොලර් මිලියන 33, සතියක් යන්නත් කලින් හොයා ගන්න නිෂ්පාදකවරුන්ට පුළුවන් උනා. ඒක Horror චිත්‍රපට මාලාවක ඕපනින් එකක ලබපු වැඩිම ආදායම විදිහටයි සැලකෙන්නේ. චිත්‍රපටයේ වර්තමාන සමස්ථ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 167 ඉක්මවා ගිහින්. ඒ අනුව Scream 5 ට වඩා Scream 6 ආදායම සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් සාර්ථකයි.

දැන් මං විශ්වාස කරනවා මේ කතාව බලන්න සාධාරණ හේතු ඇති කියලා. එහෙම නේද? හරි එහෙනම්, කට්ටිය කතාව බලලා පුළුවන් නම් comment එකකුත් දාගෙනම යන්න. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

21,562 downloadsDownload Scream.VI_.2023.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

21,562 downloadsDownload Subtitles63 KB

34 comments

  1. Ravindu

    Thanks Bro sub ekata. Film eka awilla payak giye na sinhala sub eka daalath iwarai... Adarei.❤✌

  2. Bimsara Yashan(ඔලිව)

    සුපිරියක් තමා ෆිල්ම් එක ඇවිත් පැයෙන් සබ් එකත් දීලා. බොහොම ස්තූතියි දෙන්නටම උපසිරැසිය ඉක්මනින් ගෙනාවාට. බැලිල්ලක් තමා ඉතින් දැං. ජයවේවා!

  3. Dasun

    Maru speed eka...Bohoma sthithiyi Sub ekata...

  4. බයිස්කෝප් සුපිරියි

    හිතුවෙම නෑ බයිස්කෝප් එකෙන් මේක මෙච්චර ඉක්මනට දෙයි කියල.
    PSA එකෙන් දීල තියෙනව දැකල ඩව්න්ලෝඩ් කරගෙන එනකොට මෙන්න යකෝ සබ් එකත් දීලා.

    මෙහෙම දෙනව කියන්නේ සුපිරි ආ.....
    මම හිතන්නේ බයිස්කෝප් එක ආපහු පරණ ට්‍රැක් එකට වැටිල දැන්. :)
    නිකම් කරන්නන් වාලේ ගුගල් ට්‍රාන්ස්ලේට් සබ් කරලා දෙන කාලෙක හරිහමන් සබ් එකක් බලන්න අපිට ඉන්නේ උඹල විතරයි.
    ඒ නිසා උඹල මෙහෙම සබ් දෙනවා කියන්නේ ඉංග්‍රීසි බැරි අපිට තමයි හොඳ. ජය කොල්ලනේ, දිගටම මෙහෙම දෙමු!

    1. Praveen Namika

      සිරා කතාව බන්

  5. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා චාමි ......!
    150 උපසිරසියට හදවතින්ම සුභ පතනවා යුරාන්.......!

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Mahesh

    Sub ekata thanks carnival row ekth dennko

  7. Rukshan

    අඩෝ පට්ට බන්, මෙහෙමනේ සබ් දෙන්න ඕනා. ගින්දර..

  8. විමා

    උපසිරසට දෙන්නටම බොහොම ස්තුතියි.
    අනිවා බැලිල්ලක් මේක, ඒ වගේම සබ් එක ඉවර කරලා ඉක්මනට දීපු එකටත් බොහොම ස්තුතියි.

  9. Anuththara

    Sub ekata thanks ❤️

  10. Ravindra

    Thanks

  11. Praveen Namika

    සබට පට්ට තෑන්ක්ස්, ගින්දර

  12. Naveen Mbr

    උපසිරැසියට දෙන්නටම ස්තූතියි!

  13. Anonymous

    Pttane bn baiscope eke parna vibe eka aphau awilla sub eka krpu kollo dennm

  14. Arawinda Sunimal

    Thanks supiriyak

    1. සංජන චමෝද්

      උපසිරැසියට ස්තූතියි දෙන්නටම. ❤️
      ඉක්මනට දීලනෙ....
      මරු ඈ.
      දිගටම මේ වගේ සබ් දෙමු

  15. යුරාන් ධනුක (දනුවා)

    ලිපියනම් සුපිරියක් චාමි අයියා
    මාවත් වැඩේට හවුල් කරගත්තට බොහෝම ස්තූතියි
    ජය වේවා !!!

  16. Buddhika Lakmal (laKMal)

    50වෙනි උපසිරැසියට සුබපැතුම් චාමිකර...
    150වෙනි උපසිරැසියටත් සුබ පැතුම් යුරාන්...
    ඉස්සරහටත් ඉඩක් ලැබුනු වෙලාවට සබක් ගේන්න දෙන්නම හරි එකතුවෙලා....
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. Anonymous

    Thanks jayawewa....!

  18. බිම්සර

    අම්මෝ චාමි ඔයා නම් යකෙක්. කියන්න වචන නෑ.

  19. Ruchika

    Thanks

  20. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට .....

  21. Anonymous

    සබට තැන්ක්ස්
    Wandering Earth 2 සබ් දෙන්නකෝ

  22. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  23. Hashan

    Thnx for the sub sgorr & Good luck ❤️❤️

  24. Amaljfernando

    Thank you

  25. Sahan Gayantha

    thanks a lot sahola sub ekata

  26. viraj

    thanks...........

  27. Niro

    thanks mcho sub ekata

  28. anuruddha

    The.Last.Kingdom.Seven.Kings.Must.Die.2023
    mekatath sub eka dennako

  29. lakshan

    thanks .....................

  30. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Anonymous

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.