Watch Trailer

What Maisie Knew (2012) Sinhala Subtitles | ම්ම් හ්ම්ම්.. [සිංහල උපසිරසි]

මොන බැඳීමටත් වඩා වටින්නේ ලේ බැඳීම.. අපිට කවදාහරි මොනාහරි උනාම ඉන්නේ අපේම පවුල.. අපේම අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ.. පිට එකෙක්ට දැනෙයිද අපේ දුකක්…?? කොතෙකුත් අහලා ඇති ඔය වගේ කතා.. ඔව් ඒ කතා ඇත්ත… ඒත් ඇත්තටම ඇත්තද? 1,2,3,4,5,6…! අවුරුදු හයයි.. අවුරුදු හයක පුංචි කෙලි පැටික්කියෙක් පණ වගේ ආදරේ අම්මෙක් ඉ…

මොන බැඳීමටත් වඩා වටින්නේ ලේ බැඳීම..
අපිට කවදාහරි මොනාහරි උනාම ඉන්නේ
අපේම පවුල..
අපේම අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ..
පිට එකෙක්ට දැනෙයිද අපේ දුකක්…??
කොතෙකුත් අහලා ඇති ඔය වගේ කතා..
ඔව් ඒ කතා ඇත්ත…
ඒත් ඇත්තටම ඇත්තද?

1,2,3,4,5,6…!
අවුරුදු හයයි..
අවුරුදු හයක පුංචි කෙලි පැටික්කියෙක්
පණ වගේ ආදරේ අම්මෙක් ඉන්න,
තාත්තෙකුත් ඉන්න
කිසිම අඩුවක් නොතිබ්බ
සන්තෝසෙන් පිරුණු පුංචි පවුලක්..
සංතෝසය පිරුණු තැන,
කොහෙන්ද ප්‍රශ්නයක්, දුකක්?
ඒ කියන්නේ මේ පොඩිත්තිත් සතුටින් ඉන්න ඇති
එහෙම ඉන්නම ඇද්ද?
එහෙම වෙන්න තිබ්බා,
මේක සුරංගනා කතාවක් වුණා නම්.

මේ පුංචි කෙල්ලගේ කතාව
සෙනෙහසට ලංසු තියන කතාවක්
පතන තැන සැඟවෙන
නොපතන තැන මතුවන
එක අහම්බයක කතාවක්
මිනිත්තු 105ක් අවසානයෙත්
ඔබේ හදවතේ ලැගුම් ගන්න කතාවක්

What Maisie Knew කියන්නේ එක විදිහක ෆැමිලි ඩ්‍රාමා එකක්..එක්තරා පවුලක්, එක විදිහක නොසැලිකිමත් අම්මෙක් තාත්තෙක්, විසම්බන්ධ පසුබිමක ජීවිතේ විඳින විිඳවන හරි අපූරු දුවණියක් මේ වගේ කවයක් ඇතුළෙ දිවයන සිියුම් සංවේදි ඛේදජනක ටිකක් මූණට පුංචි,හිනාවකුත් ගේන විදිිිහේ ෆැමිලි ඩ්‍රාමා එකක්. අතිශයෝක්තියක් අන්තර්ගතයෙ කොතනකවත් නෑ හරිම සරල විදිහට ගලාගෙන යන කතාවක්. ඇයි මං මේ වචන භාවිතා කරන්නේ සම්පූර් ණ කතාවම තියෙන්නේ පුංචි දරුවකුගෙ කෝණයෙන් ඉතිං හිතන්න ඉක්මන් වෙන්න වචන ඇතුුලෙ ලොප් වෙන්න එපා මම නැරඹූ සරල සුන්දර නිර්මාණයක් විදිහට මේ ගැන මගේ* අදහස තියන්නම්…. අවසානයේ අපට මේකෙ පසුබිමෙන් අපූූරු ගීතයක් ඇහෙනව මට ඒක සිංහලට පරිවර්තනය කරන්න නම් බැරි වුණා මොකද ඉංග්‍රීසි උපසිරසියෙත් ඒක අන්තර්ගත වෙලා තිබුණේ නෑ කණගාටුවක් තියනව කොහොමවුණත් කාරණය ඒ සමහරක් තිබුණ වචනවල අරුත් ටිිකක හිතුවට වඩා බර ගතියක් දැනුනේ..හරියට නිකං මුළු කතාවම ටිකක් ආපස්සට හිතන්න සලස්සන විිිදිිහේ.. කතාව පුංචි දරුවෙකුගේ වෙනකොට අපි මොනවද දන්නේ.. සමහර තැන් තිබුණා ටිකක් නතර වෙලා කෙනෙකුට හිතන්න සලස්වන අනිවා(ර්)යෙන්ම..

කොහොමද ඉතිං.කාලෙකට පස්සේ ඔන්න එහෙනම් ආයෙමත් මට උපසිරසියක් අරගෙන ඔයාල හමුවට එන්න ලැබිල තියනව. කාලෙකට කියන්නෙ ගොඩ කාලෙකට පස්සෙ ඇත්තටම මං භාරගෙනත් සෑහෙන කාලයක් වෙනව කාලය හරස් වුණාටත් වඩා මගේම කාරණාවන් දෙක තුන හතර වෙලා අන්තිමේ ඉවර කරපු වැඩේ භාර දෙන්න නැකැත් බලන්නත් වුණා.කොහොමරී ඔන්න මං ආව..ඉතිං අද මං මේ ගෙනාව කාලෙකට කලින් භාරගෙන තිබුණු කාලෙකට කලින් උපසිරසි ගන්වපු මේ සිනමාපටය මොන වගේද මොන වගේ ඇතිද කියල දැනටමත් ලාවට උඩින් අත ගාල තියන නිසා..උඩ ඉඳන් ලිපිය කියවගෙන එන ඔයාලට මේ වෙනකොට යන්තමට වගේ අදහසක් ඇති…අවසානයේ මං අන්ත(ර්)ජාලයෙන් එකතු කරගත්ත කරුණු ටික එකතු කරන්නම් මේ විදිහට. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Scott McGehee සහ David Siegel දෙපල…සුප්‍රකට ඉංග්‍රීසි නවකතාකරුවකු වන හෙන්රි ජේම්ස්ගෙ මේ නමින්ම ප්‍රකාශයට පත්වුන නවකතාවක් ඇසුරෙන් තමයි මේක නි(ර්)මාණය වෙලා තියෙන්නෙ..

නවකතා ඉතිහාසයේ මේ සබ්ජෙක්ට් ඒකෙන් ලියවුණු මුල්ම ආන්දෝලනාත්මක ඉංග්‍රීසි නවකතා කීපය අතර මේක තියනව කියල කියන්නෙ..කොහොම නමුත් ෆිිිල්ම් එකට එද්දි පොතේ තියනවටට වඩා නම් ගම් වගේම චරිත වල පුංචි පුංචි වෙනස්කම් වෙලා වඩා ව(ර්)තමානයට යාවත් වැඩක් තමයි අපිට දැක බලාගන්න තියෙන්නෙ.. ලංසු තිවිලි සේරමත් එක්ක මේ මොඩ(ර්)න් ඩේ ඇඩප්ටේශන් එකත් ඒ තරම් නරක තැනක නෙවෙ ඇත්තෙ කියලයි මගේ නම් අදහස..නමුත් මං මේ පොතේ තිබුණ සම්පූර්ණ දේ අතට අරගෙන කියවල නෑ මං දැක්කෙ ඒකෙ සංක්ෂිප්තයක් විතරක්ම නිසා මම රසවිඳපු දේ හොඳයි කියන්න විතරයි මට පුළුවන්. පොත කියවනකොට චිත්ත රූප මැවෙමින් ෆීල් වෙන දේ සහ සිිනමාපටයෙන් අපිට දෙන දේ එක වගේ ඇති කියල හිතන්න අමාරුයි..කොහොම වුණත් ෆිල්ම් එක විසින් අත් කරගෙන ලොකුම දේ Onata Aprile විදිහටයිි මම දකිින්නෙ.

මේ ළමා නිළිය මේසි කියන චරිතය මොනතරම් හොඳින් හසුරුවාගෙන තිබණාද ඒක නියත අව්‍යාජ ඉදිරිපත් කිිරීමක් ඒකට පුළුවන් වුණා දහසකුත් මේසිලා තනි සේයාවකින් ප්‍රතිබිම්බගත කරන්න Julianne Moore, Steve Coogan, Alexander Skarsgård වගේ අති දක්ෂ නලු නිලියන් පිරිසක් මැද්දේ කෙනෙකුගෙ හිත නිිමේශයෙන් ඩැහැ ගන්නට ඇයට පුළුවන්කම තිබුණා..අවුරුදු 7ක පුංචි කෙල්ලෙක්ගෙන් බලාපොත්තුවෙන්න බැරි විදිිහේ රංඟනයක් අනිවාර්ය යෙන්ම..මේක ගැන තවත් මම විස්තර කරන්න යන්නෙ නෑ 7.8ක IMDB අගයක් හිමි කරගෙන ඇති මේ සරල සුන්දර සිනමාපටය පුංචි වෙලාවක් ලබා දුන්නට කාටවත් කිසිම පාඩුවක් වෙන එකක් නැති වෙයි කියල විතරක් කියන්නම්..සිනමාව තුල වේවා පරිබාහිරව වේවා කිසියම් කෘති නි(ර්)මාණයකට නම් කෙනෙකුගේ හිත සොරා ගන්න මතකයේ තැන්පත් වෙන්න ඒ දේ තුල මහා ලොකු දේවල් තිියෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ මේකෙ අපිිිට ඉන්නව පුංචි මේසි කෙනෙක්.. ඉතිං බලන්න , මනසට දෑසට කරන උපහාරයක් විදිහට මේ සංග්‍රහය නොවරදවාම ලබාදෙන්න.හැඟීම් සයුරක කිමිදෙන්න.. අපි ගියා ❤

🎵 I hear the water lapping
On the side of the boat
Pretending I am catching
But I never feel the bite I only feel it’s missing
And I sail into the light I’m searching and I’m wishing for the
Feeling of being
How still the night
Feeling of being
One little light.. 🎵

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,464 downloadsDownload What-Maisie-Knew-2012.zip44 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,464 downloadsDownload Subtitles44 KB

10 comments

  1. හේමන්ත

    ස්තුතියි අචින්ත උපසිරැසියට... මහන්සියට.. කැපවීමට
    ස්තුතියි බයිස්කෝප්...

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. අශාන්

    නොහිතන වෙනස් පැතිකඩක්. සාර්ථකත්වය සහ මුදල් පසුපස හඹා යනවිට අපට මග හැරෙන ආදරණීයම බැදීම්.
    අලුත් අත්දැකීමක්.

  4. P.kavinda

    Thanx machan..digatma sub genna❤️

  5. Ghost rider*

    Thanks brother...

  6. Rusiru

    Sub eka video ekata gelapenne ne. Poddak balanna saho

  7. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  8. හිමන්ත

    මම මේ sub එක yts copyයට හරියන්න හැදුවා කොහොමද එවන්නේ.

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.