Watch Trailer

Second Case of Seetharam (2026) Sinhala Subtitles | මිනීමරුවා කවුද? [සිංහල උපසිරසි]

Second Case of Seetharam (2026) Sinhala Subtitles අද ඔබ වෙතට ගෙනාවේ 2026 වසරේ තිරගත වුණු සුපිරි කන්නඩ ක්‍රයිම් ත්‍රිලර් චිත්‍රපටියක් ගැන විස්තරයක්. මේ චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය මග බලාගෙන හිටියා. මේක 2021 ආපු Seetharam Benoy Case No. 18 කියන චිත්‍රපටියේ දෙවන කොටස විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ…

Second Case of Seetharam (2026) Sinhala Subtitles

අද ඔබ වෙතට ගෙනාවේ 2026 වසරේ තිරගත වුණු සුපිරි කන්නඩ ක්‍රයිම් ත්‍රිලර් චිත්‍රපටියක් ගැන විස්තරයක්. මේ චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය මග බලාගෙන හිටියා. මේක 2021 ආපු Seetharam Benoy Case No. 18 කියන චිත්‍රපටියේ දෙවන කොටස විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

​චිත්‍රපටියට මේ වෙනකොට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ඉන්ස්පෙක්ටර් සීතාරාම්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ කන්නඩ සිනමාවේ දක්ෂ නළුවෙක් වෙන Vijay Raghavendra විසිනි. ඊට අමතරව Gopal Krishna Deshpande සහ Usha Bhandari ඇතුළු නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වෙනවා. Devi Prasad Shetty තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

​කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේකත් අර වගේම මිනීමරුම් මාලාවක් වටා ගෙතුණු කතාවක්. ඇනෙගඩ්ඩේ ප්‍රදේශයේ මැදිවියේ පිරිමි අය අභිරහස් විදිහට ඝාතනය වෙන්න පටන් ගන්නවා. මුලින් මේවා සාමාන්‍ය මරණ විදිහට පෙනුනත් පස්සේ මේවා පිටිපස්සේ ඉන්නේ එකම මිනීමරුවෙක් කියලා පොලිසියට තේරුම් යනවා. මේ අභිරහස විසඳන භාරදූර රාජකාරිය පැවරෙන්නේ ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට. එයාගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නත් එක්ක මේ මිනීමරුවා කවුද, ඇයි මේ වගේ දේවල් කරන්නේ කියලා හොයාගන්න එයාට ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා.

​මේකේ කතාව ගලාගෙන යන විදිහ, කුතුහලය උපරිමයෙන්ම තියාගෙන ප්‍රේක්ෂකයාව කතාවට බැඳලා තියාගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. ත්‍රාසජනක චිත්‍රපට බලන්න කැමති අයට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

Written & Directed by God (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,040 downloadsDownload Second-Case-of-Seetharam-2026.zip32 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Second Case of Seetharam (2026) Sinhala Subtitles

Subtitles

6,040 downloadsDownload Subtitles32 KB

3 comments

  1. Amila Madushan

    Film eka download karanna thanak nethda brother

  2. Buddhika laKMal

    ස්තූතියි දමිදු සහෝ මේකට සබ් දුන්නට

  3. prageeth chamalka

    සබ් එකට ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.