මරණයේ එක් කෙළවරක ඔබ, තවත් කෙළවරක මම ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම මගෙන් අහන්නෙ, “ඒ සූර්යයා කොහෙද?” කියායි. වාසුදේවන් ගන්ටා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. බොහෝ කලක ඉඳන් යෝග්‍යතා පරීක්ෂණ කලත් වාසුගෙ හිතේ මැවුණු නිළිය තවම ලැබුණෙ නැහැ. කොහොම වුණත් වාසුට අහම්බෙන් වගේ හිතේ මවාගෙන ඉන්න චරිතය දකින්න පුළුවන…

මරණයේ එක් කෙළවරක ඔබ,
තවත් කෙළවරක මම
ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම
මගෙන් අහන්නෙ, “ඒ සූර්යයා කොහෙද?” කියායි.
වාසුදේවන් ගන්ටා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. බොහෝ කලක ඉඳන් යෝග්‍යතා පරීක්ෂණ කලත් වාසුගෙ හිතේ මැවුණු නිළිය තවම ලැබුණෙ නැහැ. කොහොම වුණත් වාසුට අහම්බෙන් වගේ හිතේ මවාගෙන ඉන්න චරිතය දකින්න පුළුවන් වුණා. වාසු ඒ කෙල්ලව හොයාගෙන යනවා. ඒ කීර්ති. කීර්තිව තමන්ගේ කෙටි චිත්‍රපටයේ රඟපාන්න කැමති කරගෙන රූගත කිරීම් පටන් ගත්තා. කෙටි චිත්‍රපටය වාසුගේ හිතේ මැවුණු ආකාරයෙන්ම රූගත කරලා නිම කලා. වාසු ඒකෙටි චිත්‍රපටය නිෂ්පාදකවරයෙකුට ලබා වෙනවා. අනතුරුව වාසුව ඇගයීමට ලක් කරන නිෂ්පාදකවරයා වාසුට එක්ක චිත්‍රපටයක් කරන්න කැමති වෙනවා. ඒ චිත්‍රපටියේද වැඩ අවසන් කරලා නිකුත් කලා. වාසුගේ චිත්‍රපටය සුපර් හිට් එකක් වුණා. වාසුගේ චිත්‍රපටය නැරඹූ බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, වාසුට එයාගේ චිත්‍රපටය හින්දි භාෂාවෙන් රීමේක් කරන්න කියලා ඉල්ලුවා. හින්දි සිනමාවට වාසුව හඳුන්වා දෙන්න ලැහැස්ති වෙමින් ඉන්න අතරවාරයේ, වාසුව පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට අරගත්තා.
වාසු ලිව්ව තිර පිටපත් ඔක්කොම බෙංගාලි-තෙළිඟු ලේඛකයෙක් මීට අවුරුදු 50කට විතර කලින් ලිව්ව පොත් වලින් අනුකරණය කරලා තියෙනවා කියලයි වාසුට චෝදනා එල්ල වුණේ. වාසු එයාගේ පිටපත ලිව්වෙ කිසිම පොතක් නොබලා තමන්ගේම උත්සාහයෙන්. වාසු බෙංගාලි දැනගෙන හිටියෙත් නැහැ. හිරබාරයේ ඉන්න වාසුට මොනවද වුණේ කියලා හිතාගන්න බැහැ. කොහොමින් හරි වාසු වෙනුවෙන් නඩුවට පෙනී සිටින්න නීතීඥයෙක්ව හොයා ගත්තා. වාසු අනුකරණය කලා කියන මේ පිටපත් මීට පෙරදී ශ්‍යාම් සිංග රෝයි කියන ලේඛකයා ලියූ කතා හා සමානයි. වාසුට මේ නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් වේවිද? ශ්‍යාම් සිංග රෝයිගෙ කතා කොහොමද වාසු ඒ විදිහටම ලිව්වෙ? වාසු ලිව්ව කතා වල අයිතිය එයාටම හිමි වේවිද?
මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ Taxiwaala (2018) චිත්‍රපටය අධ්‍යක්ෂණය කල රාහුල් සන්ක්‍රිත්‍යන්‍ගේ අධ්‍යක්ෂණයක්. හොල්මන් නැති හොල්මන් චිත්‍රපටයක්. බලපු අය දන්නවා ඇති. කොහොම වුණත් ටැක්සිවාලා චිත්‍රපටය අවසන් සංස්කරණයට කලින් ධාවන කාලය පැය 3ක පමණ පිටපත චිත්‍රපටය නිකුත් කිරීමටත් පෙර පැහැර ගැනීමට Tamilrockers වෙබ් අඩවිය සමත් වනවා. අන්තර්ජාලයේ දැක්වෙන පරදි ටැක්සිවාලා චිත්‍රපටයේ ධාවන කාලය පැය 2කුත් විනාඩි 30ක් වනවා. ඒ සම්බන්ව නීතිමය ක්‍රියාමාර්ග ගත්තා කියලා සඳහන් වනවා.
ශ්‍යාම් සිංගා රෝයි ඉ.රු. කෝටි 47ක බොක්ස් ඔෆිස් ආදායමක් හිමිකර ගැනීමට සමත් වනවා. තෙළිඟු චිත්‍රපටවල බොහෝ වශයෙන් මාස්-මසාලා කවලම් තේමාවන් දකින්න පුළුවන් වුණත් කිසි දෙයක් වැඩි නැතිව ගාණට, චිත්‍රපටයට හානියක් නොකර ගෙන යනවා මෙහිදී දකින්නට පුළුවන්. අධ්‍යක්ෂකවරයා විසින් තිර පිටපත රචිත මෙහි, කතාවෙන් සමාජයට, දේශයට පණිවිඩයක් සපයයි. සමහර වචන, අදහස් අදාල සමාජ, සංස්කෘතීන්ට කනේ පහරක් ගැහුවා වැනි දර්ශන පවා දකින්නට පුළුවන්. පීඩිතයින් වෙනුවෙන් නැගී සිටින ලේඛකයෙකුගේ කතාව මින් දිගහැර පානවා. පෑන් තුඩෙන් එක උණ්ඩයකට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන්.
නානි නළුවෙක් පමණක් නෙවෙයි. හඬ කැවීම් ශිල්පියෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙකුද වනවා. HIT : The First Case (2020), Awe (2018) චිත්‍රපට නානි විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. අවේ චිත්‍රපටයේ එන ගෝල්ඩ් ෆිෂ් මාළුවාට නානි හඬ ලබා දී තිබෙනවා. ඇත්තටම නානි ඇනිමේටඩ් චිත්‍රපටවලට බොහෝ කැමැත්තක් දක්වනවා. Lion King (2019) චිත්‍රපටයට තෙළිඟු භාෂාවෙන් සිම්බාගේ චරිතයට නානි විසින් හඬකවනු ලැබුවා. Eega (2012) චිත්‍රපටියේ වැඩ කටයුතු කෙරෙමින් යන අවස්තාවකදී රාජමෞලි නානිට කතාව පිළිබඳව පැහැදිලි කිරීමෙන් පසුව, පුනර්භවය ලබන මැස්සාට හඬ කවන්න්න නානි හුඟක් පෙරැත්ත කරලා තියෙනවා. අධ්‍යක්ෂකවරයා ඊට පස්සෙ ඒ ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. දෙමළ, තෙළිඟු ආදී සිනාමා ක්ෂේත්‍රයන්ගේ නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන් ඇතුලු පිරිස් නානිට මහත් ආදරයක්, ගෞරවයක් දක්වනවා. ඒ ආකාරයටම නානි ඉතා කාරුණික කලාකරුවෙක්. නානි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මහත් ආදරයක් තබා තිබෙනවා. ඔහු වෙනුවෙන් අනවශ්‍ය ප්‍රචාරණ, මතභේද ඇති කරගැනීම් වලින් වලකින්න කියලා නානි තමන්ගෙ රසිකයින්ට උපදෙස් දෙනවා.
නානි ආරම්භයේ සිට හාස්‍යය සහ ආදරණීය තේමාවන් මුසුවූ කතා පාදක කරගත් චිත්‍රපටවලට දායක වූවා. තමන්ගේ 25වන පලමු කඩයිමේදි ඊට හාත්පසින්ම වෙනස් වූ දුෂ්ඨ චරිතයක් නිරූපණය කරනවා. චොකලට් බෝයි වගේ චරිත රඟපෑව නානිට තිබුණ ස්වාභාවික රංගන හැකියාව නිසාම එම චරිතයද ඉතාමත් විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කරනවා.
සයි පල්ලවි මෙහි සුවිශේෂී චරිතයක් නිරූපණය කරනු ලබනවා. නැටුමට කොහොමත් හැකියාව තියෙන සයි පල්ලවී මේ චිත්‍රපටයේ නර්ථන අංග ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් රඟ දක්වා තිබෙනවා. Uppena (2021) චිත්‍රපටයෙන් පස්සෙ ලංකාවෙත් ටිකක් ප්‍රසිද්ධ කීර්ති ෂෙට්ටිවත් මේ චිත්‍රපටයේදී දැක ගන්න පුළුවන්. මැඩෝනා සෙබස්තියන් Premam (2015) චිත්‍රපටයට පස්සෙ හුඟ කාලයකට පසුවයි තෙළිඟු චිත්‍රපටියකින් හමුවෙන්නෙ. මැඩෝනා මලයාලම්, දෙමළ චිත්‍රපට කිහිපයක නම් දකින්නට පුළුවන් වුණා.
මුරලි ෂර්මාට නෙගෙටිව් චරිත නිකම් වතුර බොනවා වගේ කියලා මේ චිත්‍රපටයෙදිත් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. මෑතදී නිකුත් වුණ Ala Vaikunthapurramulo (2020) චිත්‍රපටය උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම රාහුල් රවීන්ද්‍රන්, භරත නාට්‍යම් ශිල්පිනී ලීලා සැම්සන් යන අයද මෙහිදී දැකගත හැකියි.
මේ චිත්‍රපටය මුලින්ම උපසිරැසිය ලබා දෙන්න බාරගෙන තිබුණේ ශසිත් සඳරුවන් අයියා. කාර්‍යබහුල නිසා චිත්‍රපටය මගේ අතට ලැබුණා. ඒ ගැන මගේ ස්තූතිය පුද කර සිටිනවා. චිත්‍රපටය මට බාර දෙන්න කටයුතු කරපු අනෙකුත් බයිස්කෝප් සහෝදරවරුන්ටත් ස්තූතියි. ලිපිය හරියට ලියන්න තරම් කරුණු එකතු කරගන්න කාලයක් තිබුණෙ නැහැ. ඒ ගැන මම කණගාටු වෙනවා. අදහස් දක්වන හැමෝටමත්, බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටමත් ස්තූතියි. තවත් උපසිරැසියකින් හමුවෙමු.
මගෙත් එක්ක එන්න රෝසි.
බුදු සරණයි! සියලු දෙවියන්ගේ රැකවරණයි!

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
24,896 downloadsDownload Shyam-Singha-Roy-2021.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
41 comments
Kushan
chathuranga
Oyala katahari puluwannam Romeo juliet (2015) kathawa danna puluwanda baiscop download ekata...........
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
oshanda
තෑන්ක්ස් කොල්ලෝ...ඔන්න ගත්තා
Naveen Mbr
ස්තූතියි! ඔෂධ සහෝදරයා.
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
Thanks for sub
Naveen
උපසිරසියට තුති
Naveen Mbr
හැමෝටම ස්තූතියි!
Samith
Thanks brother
Teron
Superb movie.thanks for sub.keep it up
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Oshada
උපසිරසියට ස්තුතියි සහෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thanks
Naveen Mbr
හැමෝටම ස්තූතියි!
Dineth de silva
Thanks brother
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
සබ කරගන්න වෙලාවක් නැති වුන වෙලාවේ බාර අරන් කරාට බොහොම ස්තූතියි...
ඔන්න සබ බාගත්තා එහෙනම්. බලලම ගුණදොස් කියන්නම්...
සබට තුති වේවා! තව තෙලුගු බස්සමු.
දිගටම සබ් දෙමු ආ... ජය!Naveen Mbr
ගොඩක් ස්තූතියි අයියේ.:-):-)
Bhanuka
සුපිරියක් තමයි ඉතින්
බොහොම ස්තුතියි බයිස්කෝප්Eranda
Thanks brother
Anonymous
සබට තෑන්ක්ස් ලොක්කා
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා ..!!
Anonymous
Supiriyak.. Baluwa.. Thankx...
Chanaka
තෑන්ක්ස් සහෝ
Akhanda Telugu Movie එකත් සබ් දෙන්නAnonymous
එලකිරි සුපිරිකිරි
Idunil Weerasinghe
Thanks brother
Anonymous
Bro Daddy sub plz
Rajitha
උපසිරසියට ස්තුතියි
Sameera
Bro daddy
Akhanda plzThilanka Dissanayake
lassana film ekak . thanks for sub
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!viraj
thanks...
Asanga Udara
much love❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Udara
Thanks bro
dinal
patta story ekak tnx sub ekata . aniwaryen balanna ona film ekak jaya wewa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub akta thanks