සුභ දවසක් වේවා හැමෝටම! ඔන්න මං අද ඔයාලට ගෙනාවා 2017 මාර්තු මස නිකුත් වෙච්ච Taking Earth කියන විද්‍යා-ප්‍රබන්ධ ගණයට අයත් සලරුව. මේ සලරුව ගැන දෙයක් කියනව නම් මේක Grant Humphreys කියන අධ්‍යක්‍ෂකවරයා තමයි අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ. මෙයට Ronan Quarmby, Brad Richards, Barbara Harrison, Marco Torlage කියන…

සුභ දවසක් වේවා හැමෝටම! ඔන්න මං අද ඔයාලට ගෙනාවා 2017 මාර්තු මස නිකුත් වෙච්ච Taking Earth කියන විද්‍යා-ප්‍රබන්ධ ගණයට අයත් සලරුව. මේ සලරුව ගැන දෙයක් කියනව නම් මේක Grant Humphreys කියන අධ්‍යක්‍ෂකවරයා තමයි අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ. මෙයට Ronan Quarmby, Brad Richards, Barbara Harrison, Marco Torlage කියන නළු නිළියන් රැසකගේ දායකත්වයක් ලැබී තියෙනවා. මේක ගැන දෙයක් කියන්න ඕන. මේකෙ චරිත වලින් සමහරක් ඔයාලට එච්චරටම හුරුපුරුදු නැතුව ඇති. මොකද මේකෙ බොහෝමයක් අය රඟපාන සලරූ එච්චරටම ප්‍රසිද්ධියක් උසුලන්ට සමත් වෙලා නෑ. නමුත් 2017 වසරේදී නිකුත්වෙච්ච මෙය IMDb දර්ශකයේ 2.7ක අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. හැබැයි දර්ශක අගය අඩුවුනාට මේකෙ කතා තේමාව නම් කියන්නත් සුපිරියි.
ඉතිං එහෙනම් වැඩි විස්තරක් නැතිවම අපි කෙලින්ම කතාවට බහිමු. මේ කතාවට පාදකවෙන්නෙ කැමරන් හා ඩේවිඩ් කියන තරුණ කොළු ගැටව් දෙන්නෙක් වටා, මොවුන් ජීවත්වන ග්‍රහලෝකය එකපාරම උඩියටිකුරු වෙන්න ගන්නවා. ඉතින් ලෝකය මහත් විනාශකාරී සිදුවීම් දාමයන් රැසකගෙන් ආරම්භවන මෙය මුලදී වෛරසයක් නිසා සිදුවන්නක් සේ පෙනුනත් හැබෑවටම හැමෝගෙම ඇස් වසා අතයටින් යන පිටසක්වල ආක්‍රමණයක් ලෙස දියත්වෙනවා. හැබැයි මේක අමුතු ආක්‍රමණයක්. බැලූ බැල්මට ආක්‍රමනිකයනුත් මිනිසුන් වගේම කියල ඔයාලට සලරුව බලාගෙන යනකොට පෙනේවි. මොවුන්, මේ පිටසක්වලයින්, කතාවට පාදකවන ග්‍රහලෝකය නැත්නම් පෘථීවියෙ තෝරාගත් මිනිසුන් කොටසක් අල්ලගෙන ඔවුන්ව සිය පාලනයට නතුකර ගන්නවා. විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා මේ සලරුවෙ සඳහන්වෙන ග්‍රහලෝක දෙකම පාහේ පෘථීවිය ලෙසයි හඳුන්වන්නේ. මොකද බැලූ බැල්මට මේ ලෝක දෙකම සමාන්තර හැඩරුව තියෙන ජීවීන් ඉන්න ග්‍රහලෝක දෙකක්. හරියට සමාන්තර ලෝක දෙකක් වගේ. මට ඒ හින්දා කතාවට හානි නොවෙන්න ඒදෙකම පෘථිවිය විදියට නම් කරන්න සිද්ධවුනා. මං හිතනවා ඔයාල ඒක කතාව බලලම තේරුම් ගනීවි කියලා. හරි හරි… ඔය ඇති… අපි දැන් කතාව දිහාට හැරෙමු……..
ඉතින් මේ පිටසක්වලයින් මුළු ලෝකෙම කණපිට ගහන්න සමත්වෙනවා. හැබැයි මොවුන්ට යටි පරමාර්තයක් තියෙනවා. මොවුන් යම් විශේෂිත දෙයක් ලෝකෙපුරාම හොයනවා. සියදහස් ගණන් මිනිසුන්ට ඒවෙනුවෙන් මියයන්න සිද්ද වෙනවා. අන්න එතනදී තමයි අපෙ කථානායකයින් දෙන්නා කතාවට එකතුවෙන්නෙ. මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් විශේෂිතයි. ඔහුට සෘජුවම සම්බන්ධතාවයක් පිටසක්වලයින් එක්ක තියෙනවා. ඒවගේම ඔහුට පිටසක්වලයින්ව නවත්තන්න තරම් ශක්තියකුත් තියෙනවා. ඉතින් කවුරු වෙන්න පුළුවන්ද මේ කොල්ලා? මොකක්ද මේ කොලුවට පිටසක්වලයින් එක්ක තියෙන සම්බන්ධය? මොකක්ද ඔහු අනෙක් අයගෙන් විශේෂිත වන්න හේතුව? ඔහු ඔහුගේම වර්ගයාට විරැද්ද වේවිද? නැත්නම් එකතු වේවිද? බලලම දැනගන්න කියන ආරාධනයත් සමඟ මම අදට ඔයාලගෙන් සමුගන්නවා. සමුගන්න කලින් මං ඔයාලට දෙයක් කියන්න ඕන මේ සලරුව ඔයාල මෙච්චර කාලෙකට හැමදාම වගේ බලපු විදියේ එකක් නම් නෙවෙයි. මොකද කතාවෙ හැරවුම් ලක්‍ෂය අන්තිමේදී හිතුවට වඩා වෙනස්වන හින්දා…
එහෙන්ම හැමෝටම සුභ දවසක් වේවා කියන ගමන් අදට මං ඔයාලගෙන් සමුගන්නවා. නැවත උපසිරැසියකින් හමුවෙන තුරු ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR / WEB / DVDRip පිටපත් සඳහා අදාළ වේ.
5,135 downloadsDownload Taking-Earth-2017.zip92 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හිරාන් සේනානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
38 comments
යුරාන් ධනුක
kelumchathuranga
thanks
Arunagunathilaka
Thanks.........
Prabodha Madhusankha Hettiarachchi
Thanks bro....
roshanst
බොහොම ස්තුති සිංහල උපැසිරැසියට.. ජයවේවා!!!
Tharaka
THANKS............
Hashan Nethupriya HK
බයිස්කෝප් download eke link eka thama na ne saho.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!vishan_tharuka
Taking.Earth.2017.720p.BluRay.x264- subtitle hariyta time ekata na.
bhanuka12222
timeing aul bokka
Kulanjana Maduranga
subata thanks saho....
AyeshDushmantha
Thank you for sub
amindu.mac1
SUB EKATA thankz bro... timing awl wela habai
Dewadithya
Thanks for Sub!
Uddeepa
Subta thankz broo..yifi eke 720p sub timing aul.awage...eka hadapu kenek innawada..
andru_88
hodatama awl [] walin goda daanna bari tharam
Uddeepa
Puluwannam sub eke timing hadala aye update ekak danna bro
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dinesh
Sub akata thanks subwala timing aulne Yalu hadala danawada
Sajiya99
Sub ekata thanks
ranga11112
thans hiran saho...
sasala
thanks sub dunnata
theone
thank bokka
chandika1975
thank you for sub
sanduntga
Taking earth film eke sub eke timing waradi hadala danna puluwanda plz
Tharaka
timing weradi tamai. poddak balanna.
Udara Damith Dissanayaka
හොල්මන් වෙලා ගියා
වෙනස්ම විදිහේ පිට සක්වල එකක්Amila Roshan
Sub ekata thanks saho...
copy ekath ekka sub eka match na puluwannam update ekak denna
jaya wewakrishanthakumara
wasi
Waruna Dasun
Thanks Bro....
Rashmika dumidu
Ela bro thanks
Anoj dinuranga
Sub download wennane!!!
GKUNiranjan
Need sub for bluray please
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
andru_88
timing awl yts 720p ekata
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Rukshan37
ela ela
Advertisement

බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..... :D