ඉතිං කොහොමද යාළුවනේ, ඔන්න ඉතිං අරගෙන ආවා තවත් ඉහළ මට්ටමේ සජීවීකරණ සිනමා සිත්තමක්… හදිස්සි විභාගයකට ලෑස්ති වෙන්න වුණු නිසා බාර අරන් සතියක් ගියා වැඩේ ඉවර කරගන්න.. හරි මතක ඇතිනෙ මම මීට කලින් The Missing Lynx කියල බයිස්කෝප් එකකුයි, Sheep and Wolves කියල බයිස්කෝප් එකකුයි අරගෙන ආව. (Sheep and Wolves චිත්…

ඉතිං කොහොමද යාළුවනේ, ඔන්න ඉතිං අරගෙන ආවා තවත් ඉහළ මට්ටමේ සජීවීකරණ සිනමා සිත්තමක්… හදිස්සි විභාගයකට ලෑස්ති වෙන්න වුණු නිසා බාර අරන් සතියක් ගියා වැඩේ ඉවර කරගන්න.. හරි මතක ඇතිනෙ මම මීට කලින් The Missing Lynx කියල බයිස්කෝප් එකකුයි, Sheep and Wolves කියල බයිස්කෝප් එකකුයි අරගෙන ආව. (Sheep and Wolves චිත්‍රපටියෙ තිබුණු උපසිරැසි දෝෂය නිවැරදි කරල තියෙන්නෙ දැන්…) ඉතිං මේකත් ඒව වගේම ලස්සන කතාවක් මත පදනම් වුණු තවත් සිනමා පටයක්.. බලන්නම වටිනව.. බැලුවට පාඩු නෑ….
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො… අපි හැමෝම දන්නවනෙ අපේ කතෝලික යාළුවන්ගෙ ශාස්තෘන් වහන්සේ තමයි ජේසුස් වහන්සේ කියන්නෙ.. මේකෙන් කියවෙන්නෙ ජේසු බිළින්දාගේ උපත සිදුවෙන්න කලින් එතුමාගේ මව මරියතුමිය සහ පියා ජෝශප්, ජේසු බිළින්දා බිහි කරන්න බෙත්ලෙහෙමට යන අතරතුර, අනාවැකියක් නිසා හෙරඩ් රජු මේ තුන් දෙනාව මරන්න එවන දඩයක්කාරයෙක්ගෙන් ජේසු බිළින්දාව බේර ගන්න අප්‍රමාණ දුක් විඳින බූරු පැටියෙක් සහ යහළුවන් පිරිසක් දරණ වෙහෙස ගැන කියවෙන කතාවක්… බෝ, ඩේව්, රූත් කියන මේ බූරු පැටිය, කුරුල්ලා, සහ බැටළු පැටිය යන මේ පිරිසට, මේ තත්වය පාලනය කර ගන්න පුදුම වෙහෙසක් දරන්න වෙන්නෙ, මිනිස්සුන්ට සත්තු කියන්න උත්සාහ කරන දේවල් තේරෙන්නෙ නැති නිසා.. මේකෙ අපි දන්න කතාවෙම වෙනස් පැතිකඩක් ගැන කියවෙනව.. අපි අහල තියෙන විදියට සාමාන්‍ය කතාව මරියතුමිය බෙත්ලෙහෙමෙදි ජේසු බිළින්දා බිහි කරනව කියලනෙ… ඒක හරි.. ඒත් අපි දැනගෙන හිටියෙ නෑනෙ බූරු පැටියෙක් ජේසු බිළින්දගෙ ජීවිතය බේර ගන්න සියදිවි පරදුවට තියල කැපකිරීමක් කරපු කතාවක්… මේ අන්න ඒ අපි නොදන්න කතාව….
Animation, Adventure, Comedy කාණ්ඩයන් යටතේ වර්ගීකර්ණය කරල තියෙන මේ සිනමා කෘතියට IMDb අගය 5.8/10 විදියට තමයි සටහන් වෙලා තියෙන්නෙ.. නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 20ක් කියල සටහන් වෙනව.. Box office වාර්ථාවට අනුව ඇමරිකාවෙ සහ කැනඩාවෙදි විතරක් මේක ඩොලර් මිලියන 40.9ක් උපයල තියෙනව.. ඒ වගේම තමයි Heartland Film Festival (2017) සම්මාන උළෙලේදී Truly Moving Picture Award සම්මානයත් දිනාගෙන තියෙනව.. තව Golden Globes – USA (2018), Annie Awards (2018), Guild of Music Supervisors Awards (2018) සම්මාන වලට නිර්දේෂ වෙලත් තියෙනව.. ඔන්න එහෙනම් මේකත් බලන්න කියල ආරාධනා කරනව.. තව සබ් එකකින් හමුවෙනකල්, බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!

Due to copyright issues, we do not provide any torrent links.
The.Basketball.Diaries.1995.720p.720p.BluRay.AC3-x264
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
28 comments
Bandaramudiyansi
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ........................
විමා
සබට බොහොම තුති සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharakat
තැන්කු මචං සබට.... ජය වේවා.......!!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
download කරලා තිබ්බා සබ් එක්කම බලන්න පුළුවන් දැන්..Randi
උපසිරැසියට ස්තූතියි. පුංචි ඉල්ලීමක් තියෙනෙවා. පුලුවන්නම් shadowhunters කතා මාලාවට උපසිරැසි දෙන්න. ජය වේවා!!!!!!
Thisal
ස්තුතියි.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rukshan37
Thnk bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
trok
tnx bro
ranga11112
උපසිරසියට ස්තුතිය සහෝ
Viraj
sub ekata thanks saho..jaya wewa!!
AsithaDilruwan
Netflix
Sandeepmadushan
Thanx saho ela meka
tharindusampath
Thank you bro subtitles ekata!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.supunkau
mcn meke sub file eka mata ewanna puluwanda..meke download denne...([email protected])
mission
ado matath diyalla gaththa akek [email protected] viber hri daoalla 0757176231
3737
Login unama download denawa bn.
supunkau
download dennene meke sub eka..
ncsics
උපසිරැසියට ගොඩක් තැන්කු මචං.....
*** ජය වේවා…….!!! ***sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!MAALnath
Thanks ...............good luck ....................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
wds
elaaa thanks
Anonymous
subtitle cannot download
Advertisement

බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
ලිපිය කියෙව්වම අරම් බලන්නම හිතුන ස්තුතියි