Batman: Gotham by Gaslight (2018) චිත්‍රපටයට පස්සේ ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත්වුන DC කොමික් පදනම් කරගෙන නිර්මාණය වුණු දෙවැනි චිත්‍රපටය එක්කයි අද මේ හමුවෙන්නෙ.ඊයේ දිනයේ (27 වැනිදා) තමයි පිටපත් නිකුත් වෙලා තිබුණේ. මේ ගැන දැනුවත් කරලා චිත්‍රපටය බාර දුන්නට සමීර අයියටයි, හසන්ත අයියටයි හුගක් ස්තුතිවන…

Batman: Gotham by Gaslight (2018) චිත්‍රපටයට පස්සේ ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත්වුන DC කොමික් පදනම් කරගෙන නිර්මාණය වුණු දෙවැනි චිත්‍රපටය එක්කයි අද මේ හමුවෙන්නෙ.ඊයේ දිනයේ (27 වැනිදා) තමයි පිටපත් නිකුත් වෙලා තිබුණේ. මේ ගැන දැනුවත් කරලා චිත්‍රපටය බාර දුන්නට සමීර අයියටයි, හසන්ත අයියටයි හුගක් ස්තුතිවන්ත වෙනවා.
Suicide Squad කියන්නේ මොකක්ද කියලා මේ වෙද්දීත් කට්ටිය දන්නවා ඇතිනෙ. Batman: Assault on Arkham (2014) ඇනිමේෂන් චිත්‍රපටයෙන් වගේම DCEU හි තුන්වැන්න හැටියට Suicide Squad (2016) චිත්‍රපටයෙන් දකින්න ඇති Suicide Squad කියන්නේ මොන වගේ කණ්ඩායමකින් යුත් අයද කියලා. ඔය කතා දෙකෙන් එකකට සම්බන්ධ නැතුවයි මෙදාපාර මේ නිකුත් වුන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමැන්ඩා වෝලර් ටාස්ක් ෆෝස් එක්ස් නිර්මාණය කරන්නේ ඩෙෙඩ්ෂොට්, කිලර් ෆ්‍රෝස්ට්, කැප්ටන් බූමර් රෑන්ග්, ගන් මෑන්, ස්නේක් අයි වගේම හාර්ලි කුවින්ව පාවිච්චි කරලා. වෝලර්ට ඕන වෙනවා නැතිවුණු කළු පාට කාඩ් එකක් අරගන්න. මේක හුගක් බලගතු කාඩ් එකක්. ඉතින් මේක තියෙන තැනින් හොයාගෙන අරන් එන්නයි තියෙන්නේ. හැබැයි මෙදා පොටේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. මොකද ඔය කියන කාඩ් එක අරගන්න වැන්ඩල් සැවේජ් වගේම ප්‍රොෆෙසර් සූම් එනවා. සූම්? ඒත් කොහොමද? මම කිව්වනේ වෙනින් කිසිම Suicide Squad චිත්‍රපටයකට මේක සම්බන්ධ නැහැ කියලා. හැබැයි එකක් සම්බන්ධ වෙනවා Justice League: The Flashpoint Paradox (2013) කියන චිත්‍රපටය. ඒකෙ අපිට පෙන්නනවානෙ අනික් ටයිම්ලයින් එකක බැට්මෑන් වෙලා උන්නු තෝමස් වේන් සූම්ට වෙඩිතියනවා. හැබැයි එතැනදී අපිට පෙන්නුවේ නැහැ සූම්ට මොකො උනේ කියලා. මිනිහා සැහෙන්න දුර්වල වෙලා ඉන්නෙ. එයාට කොහොම හරි දැන් ඕන අර කාඩ් එක අරගන්න. එතනින් එහාට කතාවේ මොකක්ද වෙන්නේ කියලා කියන්න යන්නේ නැහැ. හැබැයි Justice League: The Flashpoint Paradox (2013) චිත්‍රපටය නොබලපු අය ඉන්නවනම් ඒකත් බලලා හිටියා නම් හොදයි.
මෙදාපාර මේ අරගෙන ආව චිත්‍රපටයත් වෝනර් බ්‍රදර්ස්ලගේ චිත්‍රපටයක්. සුපුරුදු පරිදි මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය වෙන්නේ සුපිරිම කෙනෙක්ගේ අතින්. The Batman vs. Dracula (2005), Superman/Batman: Public Enemies (2009), Justice League: Crisis on Two Earths (2010), Batman: Year One (2011), All-Star Superman (2011), Justice League: Gods and Monsters (2015), Justice League vs. Teen Titans (2016), Batman: The Killing Joke (2016), Teen Titans: The Judas Contract (2017) වගේම Batman and Harley Quinn (2017) වගේ DC ඇනිමේෂන් විශ්වයේ සුපිරිම චිත්‍රපට 10 ක්ම අධ්‍යක්ෂණය කරපු වගේම මාවල් විශ්වයේ Hulk Vs (2009), Planet Hulk (2010) වගේම Thor: Tales of Asgard (2011) වගේ තවත් මාවලස් ඇනිමේෂන් චිත්‍රපටි තුනක් නිර්මාණය කරපු චීන-ඇමරිකානු ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂණය කල, දෘෂ්‍යකරණ කලාකරුවෙක් වගේම චරිත නිර්මාතෘ කෙනෙක් හැටියට Marvel Entertainment හා Warner Bros. Animation.තුලත් දැනට සේවය කරන “Sam Liu” තමයි මේ ඇනිමේෂන් චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම තිරපිටපත්වල වැඩේ ප්‍රධාන විදිහටම සිදු කරලා තියෙන්නේ මේ වෙද්දී ඇනිමේෂන් චිත්‍රපට සෑහෙන ගණනකට නිර්මාණය සදහා දායක වුණු Alan Burnett තමයි සිදු කරලා තියෙන්නේ. මිට අමතරව තවත් දොළොස් දෙනෙකු චරිත නිර්මාණයේ ඉදලම දායක වෙලා තියෙනවා. නිකුත්වෙන දිනය හැටියට නම් කරලා තියෙන්නේ 2018 මාර්තු 27’වැනිදා හැටියට. ඉතින් එදාම හවස් වෙද්දී පිටපත් නිකුත් වෙලා තිබුණා. සුපුරුදු පරිදි මේ කතාවත් Animation, Action කියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටයේ ධාවන කාලය හැටියට පැයකුත් විනාඩි විසි හයකුත් පුරාවටම දිවෙන චිත්‍රපටය මේ වෙද්දී IMDb දර්ශකය තුල 7.5/10 ක අගයක් ලබාගෙන තියෙනවා.
එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
44 comments
menuka1
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
download කරා විතරයි සබ් එකත් දීලා...JL Fernando.
Thanks Bro.
Udara Damith Dissanayaka
නියමයි එල
මන් කලින් කියපු එක බලල නෑ
එක බලල මේක බලනවාIshan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
4devinda
බොහෝම ස්තුතියි
sachintha
Sub ekata thanks sahoo
JayaKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Riddler
ස්තුතියි සහෝ
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gmail
thanksmchn godak
uvi
බොහොම ස්තූතියි
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...............................
ranga11112
උපසිරසියට ස්තුතිය සහෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
AsithaDilruwan
ela ela thanks
Sajithlakshan
උපසිරසියට ස්තුතිය සහෝ
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට DC ඇනිමේටඩ් අතඅරින්නෑ ලොවෙත් ෆිල්ම් කෙසේ වෙතත් ඇනිමේටඩ් ෆිල්ම් වලින් නම් DCල හුඟක් ඉදිරියෙන්
SUPERMANගෙ ඇනිමේටඩ් එකක් එන්න තියනවද බන් මන් fb දැක්ක ශුවර් කරගන්න අහන්නෙ
aks
thanks...
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraStranger
thank you
akashadhithya
thanks.........!!!!!!!!!!!!
Haashan Dhanushka
thnxxxx
br update karannoooooooooNadu2001
Ela
Nyzz work ⭕️⭕️⭕️DasunPancha
thanks bro sub ekata
sajanasathira
biscopdownload page eka thawa upgrade karanna
Tharu Gunawardhana
Thnx
Kumara4
SUb eka ganna bene
Beach
Thanx mcn sub ekata
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Gayan_madushanka_
Thanks bro
සචින්ත කල්හාර බෙනට්
Ela. Jaya wewa..
Shehan Naveen
Thnx bro sub ekata digtma sub krnna Good luck!
ishanmaxmaxmax
Thanq bro
Amila Mudalige
Sub ekata Thanks
Dewadithya
Thanks for sub!
Akshi
Sucide squad 2 eketh sub ikmnin dnna bomkala...✨️❤️
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.... දිගටම සබ් ගේමු... ජය වේවා...❤️❤️❤️
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

baiscope download eke dala nane download karannaaaa