“හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා ! “ ඔන්න මම ඔයාලට තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. නිකම්ම එකක් නෙවෙයි සම්මානනීය චිත්‍රපටයක්. ගොඩක් අය මේ ගැන දන්නව ඇති. සුපිරි ගණයේ සලරුවක්. විකියා අයියට ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ විශිෂ්ට ගණයේ සිනමාපටයක් මගේ අතට පත් කළාට. ප්‍රමාදය පිළිබඳව…

“හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා ! “
ඔන්න මම ඔයාලට තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. නිකම්ම එකක් නෙවෙයි සම්මානනීය චිත්‍රපටයක්. ගොඩක් අය මේ ගැන දන්නව ඇති. සුපිරි ගණයේ සලරුවක්. විකියා අයියට ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ විශිෂ්ට ගණයේ සිනමාපටයක් මගේ අතට පත් කළාට. ප්‍රමාදය පිළිබඳව සමාව අයදිනවා. ඒ විතරක් නෙවෙයි. මේක මගේ මුල්ම ඉංග්‍රීසි චිත්‍රපටය.ඉතින් යම් වැරැද්දක් අතපසුවීමක් වෙලා නම් සමාව අයදිනවා.
ඉතින් චිත්‍රපටය ගැන කියන්නම්. මේ මුළු චිත්‍රපටය තුළම කියවෙන්නේ එක පුද්ගලයෙක් ගැන. ඒ තමයි ජෝර්ඩ්න් බෙල්ෆෝට්. එයා ගැන බලන්න මෙතනින් යන්න.මේ එයාගෙ චරිතාපදානය. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. සාර්ථක එහෙත් අසාර්ථක වුණ මිනිහෙක්. ඉතින් චිත්‍රපටිය ගැන මුලින් කියන්නම්.
මේ සඳහා පාදක කරගෙන තියෙන්නෙ ජෝර්ඩ්න් බෙල්ෆෝට් රචනා කළ The Wolf Of The Wall Street නම් කෘතියයි. මෙහි ජෝර්ඩ්න් බෙල්ෆෝට් ලෙස රංගනයේ යෙදෙන්නෙ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන Leonardo Di Caprio. ඒවගේම Jonah Hill සහ Margot Robbie යන අයද රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය සම්මාන 61ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒවායින් හොඳම නළුවා, හොඳම තිර රචනය ඇතුළු සම්මාන විස්සක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒකෙන්ම පේනවනෙ චිත්‍රපටිය කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි. ප්‍රේක්ෂක මනාපයෙන් 8.4ක් වැනි ඉහළ IMDb අගයක් ලබා ගෙන තිබෙනවා. ඉතින් තව මොන කතාද ?
ජෝර්ඩ්න් බෙල්ෆෝට් වෘත්තියෙන් තැරැව්කරුවෙක්. දක්ෂ කථිකයෙක්. ඔහු ආරම්භයේදී මධ්‍යම පාන්තික මිනිහෙක්. ඒත් ඔහු ස්වෝත්සාහයෙන් Wall Street එකේ (ඇමරිකාවේ මූල්‍යමය ගනුදෙනු වැඩිපුරම සිදු වෙන වීදියේ ) ඉහළම ආයතනයේ හිමිකරු බවට පත් වෙනවා. ඔහු අති සාර්ථක විදියට විශාල ධනයක් උපයනවා. ඔහු මිනිසුන්ට රැකියා ලබා දෙමින් ඔවුන්ටත් ධනවත් වීමේ මාර්ගය පෙන්වා දෙනවා. අතිසාර්ථකව ධනය ඉපයුවත්, ඔහුට මේ ධනය ඉපයූ ක්‍රම නිසා ඇමරිකාවේ රාජ්‍ය ආයතන වලින් විශේෂයෙන් FBI එකෙන් ඔහුට නීතිමය ගැටලු ඇති වෙනවා. ඔහු ඒවයින් ගැලවෙන්න විවිධ උපායන්ද යොදනවා. ඒත් අවසානයේ ඔහුගේ නීතිමය ගැටලු හේතුවෙන් ඔහුගේ සියලු දේපල අහිමි වෙනවා. ඔහුගේ පවුල් ජීවිතය දෙදරා යනවා. ඔහුට සිරබත් කෑමට සිදු වෙනවා. ඕක තමයි සාරාංශය. කතාව නිකන් කම්මැලියි වගේ නේද ? මුලින්ම මටත් ඔහොමයි හිතුණේ. ඒත් මේක සුපිරිම චිත්‍රපටයක්. කම්මැලි නැතුව බලන්න පුළුවන්. නියම කොමඩියක්.
ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. හැකි සියල්ලෝම අදහසක් දක්වලා යාවි කියල බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් නිර්මාණයක් එක්ක ඉක්මනින්ම හමුවෙමු.
66,959 downloadsDownload The.Wolf_.of_.Wall_.Street.2013.baiscopelk.zip245 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
106 comments
යශෝධ
ගුරු
එල එල සහෝ
මේක ගොඩක් මැනේජ්මන්ට් කරන අයට වටිනවාමොකද ෂෙයා මාකට් එක ගැන තියනවා ..
තෙරුවන් සරණයි
notisamanalaya
ස්තූතියි
rgagna
ස්තුතියි...The Villa-Pizza II මේකෙත් සබ් දාමුද
thisara
ela ela
රවිඳු නිපුන්
නියමයි මචන්!!!!! සුපිරිම ෆිල්ම් එකක් හාලා තියෙන්නේ....ජය වේවා!!!!!! දිගටම සබ් කරමූ!!
jack
නියමයි මචන්... ෆිල්ම් එක සබ් නැතුව බැලුවා.
දැන් ආයෙත් සිංහලෙන්ම බල්න්න පුලුවන්.
ස්තුතියි..deleepa
මචෝ මෙකේ අසභ්‍ය දර්ශන වැඩි වාගේ මට ඒක නිසා බලන්න අමාරැයි වාගේ මොකද මම තාම පොඩි පැටියානේ පුලුවන් නම් කොටු දාලා හරි නැත්නම් ඒ දර්ශන ටික කපලා හරි දානව නම් බලන්න පුලුවන් මේ වගේ ඒව දෙනකොට දෙපාරක් හිතන්න කියලා බැගැපත්ව ඉල්ලනවා මොකද මේක සිරි ලංකාව ඇමරිකාව නෙමේ සිරි ලංකාවේ වුන්ට හොද විනයක් තියෙනවා ආ නැද්ද හා
කැලුම් ගුණසේකර
පුතා, ඔයා පොඩි ළමයෙක් වෙන්න ඇති. එහෙමයි කියලා මේ වගේ හොද නිර්මාණයක් නොදී ඉන්න බැහැ නේ නේද? අනික ඔයා හොද ළමයෙක් නම් මේක නොබලා ඉන්න ඕන. ඒකනේ ඇත්ත? ආ නැද්ද ..... ?
ගයාන් රූකාන්ත (ජෝනා)
සහෝ අන්තර්ජාලයේ තියන වීඩියෝ පිටපත්
අපිට වෙනස් කරන්න බැනේ 18+ කියලා දාලා තියෙන්නේ එක තමා
ඔයා ගන්න කලින් එක බලලා ඉන්න එපැයි
ආ නැද්ද හාShan Vimukthi
හි හී...
අලේ පැටියෝ ඔයා මේ පිලුම නොබලා ඉන්න ඔදේ
එතකොට අලිනේ....
කොටු දාන්න ඕනත් නෑ නොවැ :Dනිෂූ
@deleepa
මචන් ඉස්සරවෙලා මම දෙන මේ ලින්ක් එකට ගිහින් මේ කමෙන්ට්ස් ඔක්කොම කියවලා බලපන්http://www.baiscopelk.com/martyrs-2008-%E0%B6%87%E0%B6%AF%E…
මීට ගොඩක් කාලයකට කලින් උන කමෙන්ට් යුද්ධයකට මුලපුරපු කෙනෙක් මම !
මේ කමෙන්ට් කියෙවුවම තේරයෙි මම කොච්චරම බැනුම් අහලා තියනවද ඒකට කියලා !
එදා මට බැනපු සමහර අය අද මේ සයිට් එකට එන්නෙත් නෑ. ඒත් මම තාමත් ඉන්නවාඒක කියන්න නෙමෙයි මම මේක ලිවුවේ !
අද ආපස්සට හැරිල බැලුවම මට උනත් හිතෙනවා මම එදා සමහරවිට වැරදියි කියලා
මොකද දෙන ඕනම දෙයක් බලන්නේ නැතිව අපි දැනගන්න ඕන අපිට හරියන දේ විතරක් අරගෙන බලන්න !
එදා ඒ ෆිල්ම් එක බලන්න කලින් මම ඒක ගැන දීල තියන විස්තර හරියට කියවලා බැලුවනම් මම එදා අපහසුතාවයට පත්වෙන්නේ නෑ !තේරැම් ගන්න ඔයත් අද ඉන්නේ ඒ තත්වයේමයි !
මේකේ පැහැදිලිවම කියලා තියනවා මේක 18+ කියලා !
එතකොට කාගෙද වැරැද්ද ?Aditha Praween
හැමෝටම ගොඩාක් ස්තුතියි !
සහෝ ගොඩක් චිත්රපටිවල අසභ්ය දර්ශන තියනවනෙ . ඒක වෙනස් කරන්න මට බැහැ .
සිනමාව මුළු ලෝකෙටම විවෘතයිනේ .
එක රටක දෙයක් තව රටකට නොගැලපුණාට ,
අපි දැනගන්න ඕන ගැලපෙන දේ විතරක් ගන්න .
ඇත්තටම මම මේක ගත්තෙ ආව දවස්වලමයි .
මට ලැබුණ කොපියෙ නම් අසභ්ය දර්ශන අයින් කරලා තිබුණේ .
ඒ කොපිය දෙන්න වුණේ නැත්තෙ ඒකෙ කොලිටිය මදි නිසා .
ඒ ගැන සමාව ඉල්ලනවා .
අසභ්ය දර්ශන තිබුණට ඒ කොටස් නොබලා චිත්රපටය රසවිඳින්න පුලුවන්නේ .
ඉතින් ආයෙත් තවත් ලස්සන චිත්රපටියක් එක්ක හමුවෙමු . :)Kasun sudaraka
ගණන් ගන්න එපා මචං,, මිනී දැකල දවස් ගණන් කෑම නොකා ඉන්න ලපටි චරිත වලට ෆිල්ම් ගහන්නේ නැහැනේ බං ලෝකේ,,, සුපිරි වැඩක් මචං.. දිගටම සබ් දාහන්...
සමීර
ලපටි චූ කොල්ලන්ට නෙමේ සබ් දෙන්නෙ. කොන්දක් තියෙන පට්ට කොල්ලන්ටයි, රෑට චූ කරන්නත් අම්මල එක්ක යන උබල වගේ උන් නම් නින්දාවක්. මමත් බැලුව අරකෙ කමෙන්ට්ස්. පට්ට චාටර් ඕයි, ඊය . වහ කාපන්
ගයාන් රූකාන්ත (ජෝනා)
සබට තුති කොල්ලෝ ඔන්න ගන්නවා ජය වේවා
මමත් මේකේ සබ් කරන්න කියලා බැලුවා ලයින් ගාන දැක්කට පස්සේ
පිස්සු හදුනා keep rockingආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මචං
වැඩේ නම් කියල වැඩක් නැ කියල කිව්වොත් කමෙන්ට් එකක් නොදා ඉන්නම බැරි උනා..
ඔයා කොච්චර එල කොල්ලෙක්ද කියනවනම් ලිපියේ කියන්නම ඕනේ දෙයක් කියලා නැ..
වෙන කෙනෙක් මේක කලානම් (මම උනත්) මුලින්ම කරන්නේ ඒක..
ඒ තමයි මේකේ දෙබස් ලයින් ගාන ලිපියේ සඳහන් කරන එක..පිස්සු හැදෙනවා නේ.. දෙබස් ලයින් 4000 + තිබ්බා නේද?
මොන හිතකින් කලාද මන්දා? නියමම කොල්ලෙක් කියන්නේ ඒ ගැන පොඩි හරි සඳහනක් නොකරපු එක..
හරිනම් ඔයා නෙවි, විකි තමයි ඔයාට ස්තුති කරන්න ඕනේ මේ වගේ එකක් කරලා දුන්නට..
එල මචෝ..ෆිල්ම් ඒකත් මැක්සා..ඔන්න සබ් එක ගත්තා..
ජය වේවා..aa
100% true
bee
ela ela tnx pattata ati
Kulanjana Maduranga
patta. mekata sub denakn baln hitiyeee.aniwa bamak.subata thanks ADITHA saho.Great work & Lot of thanks.digatama sub denn labewa.jaya wewa....
Givantha Arshakularathne
Thank you.
buddhika
superrrrrr,...................
හර්ෂ ලහිරු
පරක්කුව නම් ඒහැටි දෙයක්නෙමේයි සහො :P
මේක දුන්නු එක තමයි වටින්නේ
බොහොම ස්තුතියි සහො :P :P ජයTharindu Perera
Niyamaii machannnn............
supiri vadakkkk.............
meka denakanmai machann balan hitiyee...
danma bava danma baluvaa machann.....
thanks machan sub ekatahh...thiliya
menna sub gattho..sthuthi saho :D
Bandu
max..................... bro
harsha
ඔන්න ගත්තා ස්තූතියි
maheshpubudu
balannama watina ekak
praveen
balanawanana menna film eka aaa
Isu
Niyma filumakne genath thiyenne..
Movie eke gana nam dagena hitiya Sub eka denkam idiye.....
Sub ekenm poddk parakkui... Line ganath wadi ne???
Kohoma unath Subta Thuthi....
Thawa filumk ikmnin gemu..
Obata Jaya !!!දිනිඳු සම්පත්
මං මේක කලින් බැලුවා. අසභ්‍ය දර්ශණ වැඩි උනාට පට්ටම කතාව. ඒ වගේම මේකෙ ලයින් ගානත් මං දන්න තරමින් සෑහෙන්න ගොඩක් තිබුනා. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!!!
Mihiraj
Thanks, නියමයි නියමයි,
Thanu
මොන විකාරයක්ද බන් මේ.
උබේ නම දාල ගම වටේ පොස්ටර් එකක් ගැහුවනම් ඔයිට හොදයි.
DDSameera
mmmmm....FATTA !!
නලින්
ස්තුතියි අදිත්‍ය සහෝ
ජය වේවා!
namika
මචන් අදිත උඹ නම් නියම කොල්ලෙක්. ලයින් 4000කට වඩා තිබුනද? උඹව අදහන්න වටිනවා. අනික මෙ සලරුව වාර්තාගත එකක්. මට මතක හැටියට මෙ සලරුවට ඩිකැප්‍රියොට ලැබෙන්න තිබුන සම්මානෙ මගහැරුනා. ඒ වෙලාවෙ ඔහුගෙ ඇස් වල කදුලු පවා තිබුනා. මොනවා වුනත් ඩිකැප්‍රියො කියන්නෙ විශිෂ්ටතම නලුවෙක්. හරියට ඔටුන්න අහිමි රජ කෙනෙක් වගේ.
සහෝ ඔයාට බොහොම ස්තුතියි මෙ සලරුව සින්හලෙන්ම දුන්නට. ජය වෙවා!Chami
Thank you very much...
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)මචන් මැක්ස්
නියමායි.. මේන් බෑවා... ජය :D
Keshan Wasala
එල ගොඩක් ස්තුතියි :D
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ලයින් ගාන දැක්කහම පිස්සු හැදෙනවා. ජය෴෴ :P :P
Gihan Chamara
thanx mcn thnx මම මෙකේ sinhala sub ඵනකන් ගොඩක් කල් බලන් ඉදිය thank you
Chami.S
Thanks a lot...
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
#ChalinduDeshan (කිනා)
හම්මේ ලයින් ගාන. උබද මංදා වැඩිපුරම ගානක් කරල තියෙන්නේ.
එල ජයවේවා!Rajith Lakruwan
kiyala wedak ne saho... thanks very much......
film eaka sub nethuwa beluwath sub danakan balagena hitiye.....
den ayeth sub eakka balanna puluwan... thanks............Sanjaya
Thanks Saho..... Menna Mat Gatta......
නිෂූ
ජයවේවා !
කාලෙකට පස්සේ බලාපු වෙනස්ම ෆිල්ම් එකක්
බොහෝම ස්තුතියි අපිවෙනුවෙන් මේක මහන්සිවෙලා දීපු එකට“චූටී මල්ලි”
ලයින් 4000ක්
පිස්සු වගෙ නෙහ්
ප්‍රමාදවෙලා හරි දුන්න එක එල මචන්
මෙච්චර කල්
බලන් උන්නෙ මේක දෙනකම්
සබට තුති
ඔබට ජය............Janith
supiri
Shan Vimukthi
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ඒ වගේම වෙච්ච මහන්සියට
මම නම් මේක කරන්න තිය හිතන්නෙවත් නෑ ඔන්න :D
මෙන්න බානවාrajitha
supiri, thanks
Akila D
Thanks..........
Kanishka
මේක නන් සුපිරි..english sub එක්ක බැලුවේ..දැන් අයෙත් බලන්න හිතෙනවා බන්..එල
thilina
ජයවේවා….
උපසිරැසියට තුතිසාරංග ලියනගම
ස්තුතියි සහෝ උපසිරැසියට……මේකට සබ් ලැබෙනකම් තමයි බලා ගෙන හිටියේ. :)
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
dik
mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako,
dinesh
ela ela saho film eka lassanai sub ekata thanks
Advertisement

මෙන්න දාලා ආසාවෙන් බලන් හිටපු ගින්දර ෆිලුම... ස්තූතියි අදිත සහෝ උපසිරසට.. ජයම වේවා....... එලස්ස්ස්.....