Watch Trailer

Vampire Hunter D: Bloodlust (2000) Sinhala Subtitles | පිසාච දඩයම ඇරඹෙයි! [සිංහල උපසිරසි]

Vampire Hunter D: Bloodlust (2000) Sinhala Subtitles හලෝ යාළුවනේ! අද මම ඔයාලට අරන් ආවේ මගේ පළවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. පරණ වුණත් අදටත් Anime පිස්සෝ අතර අතිශය ජනප්‍රිය සලරුවක් තමයි මේ Vampire Hunter D: Bloodlust කියන්නේ. 2000 අවුරුද්දේ රිලීස් වුණු මේ ඇනිමේ එක හදලා තියෙන්නේ 1985 තිරගත වුණු “Vampir…

Vampire Hunter D: Bloodlust (2000) Sinhala Subtitles

හලෝ යාළුවනේ! අද මම ඔයාලට අරන් ආවේ මගේ පළවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. පරණ වුණත් අදටත් Anime පිස්සෝ අතර අතිශය ජනප්‍රිය සලරුවක් තමයි මේ Vampire Hunter D: Bloodlust කියන්නේ.

2000 අවුරුද්දේ රිලීස් වුණු මේ ඇනිමේ එක හදලා තියෙන්නේ 1985 තිරගත වුණු “Vampire Hunter D: Demon Deathchase” කියන නවකතාව පදනම් කරගෙනයි. යොෂියාකි කවාජිරි තමයි මේකේ අධ්‍යක්ෂකවරයා.

• Genre: Dark Fantasy, Vampire Adventure
• IMDb Rating: 7.7/10
• Rotten Tomatoes: 70%

මේකේ කතාව යන්නේ “ඩී” කියන පිසාච දඩයම්කරුවා වටා. මයර් ලින්ක් කියන පිසාචයා, ෂාලට් කියන ලස්සන තරුණියව පැහැරගෙන යනවා. ඉතින් ඇයව බේරගන්න ෂාලට්ගේ පවුලේ අය “ඩී” ට වගේම “මාකස් සහෝදරයෝ” කියන දඩයම් කණ්ඩායමටත් වැඩේ භාර දෙනවා.

ඇත්තටම ෂාලට්ව බේරගන්න පුළුවන් වෙයිද? ෂාලට්ව පැහැරගත්තේ ඇත්තටම ඇගේ අකමැත්තෙන්ද?

මේ අභිරහස විසඳගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. සටන් ජවනිකා සහ ලස්සන කතාවක් තියෙන මේ ෆිල්ම් එක ඔයාලත් බලයි කියලා මම හිතනවා.

මේ මගේ මුල්ම සබ් එක නිසා වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරගෙන යන්න.

ඉස්සරහට තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

‎

Vampire Hunter D: Bloodlust (2000) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

516 downloadsDownload Vampire-Hunter-D-Bloodlust-2001.zip40 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Vampire Hunter D: Bloodlust (2000) Sinhala Subtitles

Subtitles

516 downloadsDownload Subtitles40 KB

3 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    1. Nishan Sameera

      ❤️

  2. Dimuthu

    Thank you!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.