Watch Trailer

You Should Have Left (2020) Sinhala Subtitles | සුඛෝපභෝගී යක්ෂ නිවහන. [සිංහල උපසිරැසි සමඟ]

වෛරසයක් නිසා එක පිට එක සිනමාපට දිනෙන් දින කල් යන, නිර්මාණය වෙමින් තිබුණු සිනමා නිර්මාණවල වැඩ කටයුතු අතරමග නැවතුනු මේ වගෙ කාලෙක අන්තර්ජාලය (VOD) ඔස්සෙ පහුගිය ජූනි 18’වැනිදා නිකුත් වන සිනමාපටයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. නිකන්ම නිකන් එකක් නෙවෙයි නවකතාවක් ඇසුරින් නිර්මාණය වූන එකක්. 2017 වසරේ ජූලි 1…

වෛරසයක් නිසා එක පිට එක සිනමාපට දිනෙන් දින කල් යන, නිර්මාණය වෙමින් තිබුණු සිනමා නිර්මාණවල වැඩ කටයුතු අතරමග නැවතුනු මේ වගෙ කාලෙක අන්තර්ජාලය (VOD) ඔස්සෙ පහුගිය ජූනි 18’වැනිදා නිකුත් වන සිනමාපටයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. නිකන්ම නිකන් එකක් නෙවෙයි නවකතාවක් ඇසුරින් නිර්මාණය වූන එකක්.

2017 වසරේ ජූලි 13’වැනිදා ජර්මන් කතුවරයෙකු වන Daniel Kehlmann විසින් නවකතාවක් ලියනු ලබනවා You Should Have Left නමින්. මේකෙ නම ජර්මන් නාමය Du hättest gehen sollen විදිහටත් සටහන් වනවා. මේ විදිහට ලියැවුණු නවකතාව 2019 වසරේදී පවත්වපු International Dublin Literary සම්මාන උළෙල සදහාද නිර්දේශ වනවා. පසුකාලීනව 2018 වසරේදී මේ නවකතාව ඇසුරින් සිනමාපටයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කල නිවේදනයත් එක්ක තමයි අද අරගෙන ආව සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.

අහලා ඇතිනෙ කතාවක් තියෙනවා මිනිස්සු ගෙවල් හද්දී භුමිදෝශවල ඉදලා හැමදේම හොයලා බලලා ගන්නෙ කියලා. සමහර වෙලාවට ගෙදර මොන තරම් හොද වුනත්, නිස්කලංක වුනත් ඒවයේ වුනත් යටගිය කතාවක් තියෙන්න පුලුවන්. ඔය දේවල් හොයලා බලන්නෙ නැතුව ගෙවල් ගත්තම පුංචි පුංචි ප්‍රශ්ණවල ඉදලා ජීවීත හානි දක්වාම මිනිස්සුන්ට කරදර ඇතිවෙන්න පුලුවන්.  ඉතිං මේ චිත්‍රපටයෙ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ නිවාඩුවක් ගත කරන්න කියලා හිතාගෙන හුදකලා වූ පැත්තක බැලු බැල්මට හුගක් හොද, සුඛෝපභෝගී ගෙදරක් කුලියට අරං ජීවත් වෙන්න ගියපු පවුලකට මුහුණ දෙන්න වෙන සිදුවීම් පාදක කරගෙනයි.

අධ්‍යක්ෂකවරයෙකු විදිහට වඩා Jurassic Park, Panic Room, Spider-Man, War of the Worlds වගේම Indiana Jones සිනමාපට රැසකම චිත්‍රපටයෙ පිටපත් නිර්මාණය දායකත්වය ලබා දුන් David Koepp විසින් තමයි අද අරගෙන ආව සිනමා නිර්මානයත් අධ්‍යක්ෂණය වගේම චිත්‍රපටයෙ පිටපත් නිර්මාණයත් දෙකම සිදුකරලා තියෙන්නෙ. ඒවගේම නිෂ්පාදකවරුන් අතරේ The Purge, The Invisible Man වගේම මෙතෙක් බිහිවුන දැවැන්ත හොරර් සිනමාපට වගේම Into the Dark කතාමාලාවෙත් නිෂ්පාදක විදිහට කටයුතු කරපු Jason Blum වගේම ඔහුත් සමග Dean O’Toole, Kevin Bacon දෙදෙනාත් එකතු වෙලා තියෙනවා. ඒවගේම මේ සිනමාපටයෙ සංගීත කටයුතු සිදු වෙලා තියෙන්නෙ Pirates of the Caribbean: Salazar’s Revenge, Maleficent: Mistress of Evil වැනි සිනමාපට සදහා සංගීතමය නිර්මාණය සදහා තම දායකත්වය ලබා දුන් Geoff Zanelli විසින්.

මේ සිනමාපටය සදහා Kevin Bacon, Amanda Seyfried, Avery Essex, Geoff Bell, Lowri-Ann Richards යන නළු නිලියන් එකතු වෙලා තියෙනවා වගේම හොරර් සිනමාපටයක අනිවාර්යෙන්ම දැකගන්න ලැබෙන ඉන්ට්‍රෝ එක හිමි, Blumhouse Productions සමාගම මෙහි නිෂ්පාදන සමාගම ලෙසත්, සිනමාපටයෙ බෙදාහැරීමේ කටයුතුවල හිමිකාරිත්වය Universal Pictures සමාගම සතු වනවා. සම්පුර්ණ විනාඩි 93 ක් පුරාවට ධාවනය වෙන මේ සිනමාපටය Horror, Mystery වර්ගීකරණ පාදක කරගෙන නිර්මාණය වෙලත් තියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය සදහා ඇ.ඩො.මි. 4ක පුංචි මුදලක් තමයි වියදම් වෙලා තියෙන්නෙ. තාම චිත්‍රපටය වීඩියෝ ඔන් ඩිමාන්ඩ් ක්‍රමයට නිකුත්වෙලා සතියක්වත් ගත වෙලා නැති නිසා ලැබෙන්න පුලුවන් ආදායම ගැන කියන්න අමාරුයි.

හොරර් සිනමාපට බලන අය අරගෙන බලන්න එහෙනම්. සුභ සතිඅන්තයක් හැමෝටම!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,677 downloadsDownload You-Should-Have-Left-2020-Blu-Ray.zip143 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,677 downloadsDownload Subtitles143 KB

14 comments

  1. indika75

    Thanks..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Anonymous

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  4. raviz

    Thank you.........!

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. suranuwan

    thanks...

  7. Suranjan

    Thanks jayawewa.....!

  8. Lasantha

    Ela

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  12. Malith Samarawickrama

    thanks bn

  13. TMK

    thanks

  14. roshan

    You.Should.Have.Left.2020.720p.Bluray.DTS-HD.MA.5.1.x264-EVO.srt file aka nene