logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mr & Mrs 55 (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය විසිපස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb තුළ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, පුවත්පත් කාටූන් ශිල්පියෙක් වන ප්‍රීතම්ට ටෙනිස් තරඟයකදී ඇනීටා නම් සුන්දර තරුණිය හමුවෙයි, එහිදී ඇය ඇගේ ප්‍රියතම ටෙනිස් තරුව වෙත ඇය ආදරය කළත් ඔහු ඇයව නොසලකා හැර විදෙස් ගතවෙයි. ඒ නිසා ඇනීටාට පිරිමින් ගැන කලකිරීමක් ඇතිවේ. ඇය ඉතා ධනවත් පවුලක තරුණියක් වුවත් තම දෙමවුපියන් මියගොස් ඇති නිසා ඇගේ නැන්දා වන සීතා දේවි යටතේ හැදී වැඩෙයි. ඇයද පිරිමින් ගැන සැක කරන අතර ඇනීටා තුළද ඇගේ ආකල්ප ඇති කරවයි. මේ අතර තම පියාගේ අන්තිම කැමැත්ත පරිදි විශාල දේපොලක් ඇනීටාට හිමිව ඇති බව පවුලේ නීතිඥවරයා දන්වා සිටියි. කෙසේ වෙතත්, ඇයගේ හිමිකම ලැබීමට නම්, ඇගේ පියාගේ කැමැත්ත අනුව අනීතාට වයස අවුරුදු විසි එක සම්පූර්ණ වී මාසයක් ඇතුළත විවාහ විය යුතුය. සීතා දේවි මෙයට එකඟ නොවන අතර, ඉක්මනින් දික්කසාද වීමට තුඩු දෙන ව්‍යාජ විවාහයක් අනීතාට ලබා දීමට උත්සාහ කරයි. ඒ අනුව සීතා දේවි තරුණයෙක් සොයයි. මෙහිදී ප්‍රීතම්ව යෝජනා වෙයි. සීතා දේවි විසින් විවාහයෙන් පසුව දෙදෙනා හමුවන්නට නොහැකි බවත්, මේ විවාහය වෙනුවෙන් ප්‍රීතම්ට මාසිකව දීමනාවක් පමණක් ගෙවන බවත්, ඇය ඉල්ලා සිටි දිනයකදී දෙදෙනා දික්කසාද විය යුතු ලෙසත් ආදී ලෙස කොන්දේසි රැසක් දමයි. කලින් සිට ඇනීටාව දන්නා නිසා සහ තමාට රැකියාවක් නොමැති නිසාත් ප්‍රීතම් මෙම විවාහයට කැමැත්ත පළ කරයි. විවාහය සිදු වන තැනදී මොවුන් දෙදෙනා හමුවූ විට ඇනීටා පුදුම වෙයි. ඒ මීට පෙර ඇනීටාද, ප්‍රීතම්ව දන්නා කෙනෙක් නිසායි. එදින විවාහය සිදුවෙයි. ඉන් පසුව ගැටළු රැසක් ද ඇතිවේ. අවසානයේ කුමක් වේවිද? මෙය කුතුහලයකින් නැරඹිය හැකි සිනමාපටයකි.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්,  ගුඩ්ඩිනාමක් හලාල්, ශර්මිලීහේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේමධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේශිකාර්චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී,බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමාගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානාඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තර්ඩ් මෑන්, ඒක් හයි රාස්ටා, අමර් දීප්, දිල් තෙර දිවානාආයා සාවන් ජූම් කේ, ඩබල් ඉන්ඩේමිනිටි, සද්නාජබ් ප්යාර් කිසිසේ හෝතා හේ, මෙරේ හම් දම් මෙරේ දොස්ත්, ලව් ඉන් සිම්ලා, අනෝකි ආදා, සම් ලයික් ඉට් හොට්, පටිටාකහින් දින් කහින් රාට්, ගරානා, දෝ බාදන්, බේටි බේටේ, මේන් බි ලද්කි හුන්, ගෙහ්රා දාග්, ආප් අයෙ බහාර් අයෙ, ජීනේ කී රාහ්, අමාන්,බාස්“. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Mr & Mrs 55 {HD} – Guru Dutt – Madhubala – Johnny Walker – Old Hindi Movies – (With Eng Subtitles) යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසිපහයි, තත්පර හතළිස්හයක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම 1950 වසරේ සිට 1975 වසර දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

8 thoughts on “Mr & Mrs 55 (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • මෙවැනි වටිනා නිර්මාණ වලට උපසිරැසි ගේනවාට බොහොම ස්තූතියි. ජයවේවා!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි……..

    Reply
    • බොහෝම ස්තුතියි විතානගේ සහෝදරයා සිංහල උපසිරැසියට..ජයවේවා…!!

      Reply
  • Old is gold, Thanks!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *