Watch Trailer

The Book Thief (2013) | පොත් හොරා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළු‍වනේ කාලෙකින් බලන්න ලැබෙන විදිහේ සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශිත චිත්‍රපටි අතර ඉදිරියෙන්ම තිබෙන මේ චිත්‍රපටිය සම්මාන 5කට නාම යෝජනා ලබාගෙන ඇති අතර තවත් සම්මාන 3ක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා. IMDb වෙබ් අඩවියේ 7.7/10ක් තරම් ඉහල…

The Book Thief 2013
ඔන්න යාළු‍වනේ කාලෙකින් බලන්න ලැබෙන විදිහේ  සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශිත චිත්‍රපටි අතර ඉදිරියෙන්ම තිබෙන මේ චිත්‍රපටිය සම්මාන 5කට නාම යෝජනා ලබාගෙන ඇති අතර තවත් සම්මාන 3ක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා. IMDb වෙබ් අඩවියේ 7.7/10ක් තරම් ඉහල ඇගයීමක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ සංවේදී සලරුව මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 87 වෙනි තැන ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියානු කතුවරයෙකු වන  Markus Zusak විසින් රචිත The Book Thief නැමති අලෙවි වාර්තා තැබූ නවකතාව පාදක කරගෙන නිපදවපු මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනේ 2013 වසර් නොවැම්බර් 27 වෙනිදායි.

දෙවෙනි ලෝක යුද්ධය ඇති වූ සමයේ ජර්මනියේ හෙවන් වීදිය නැමති පලාතේ වෙන සිදුවීම් මාලාවක් පදනම් කරගෙනයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ලීසෙල් මෙමින්ගර් නැමති අනාථ දැරිය මේ හෙවන් වීදියේ සිටින යුවලක් විසින් හදා ගන්න බාර ගන්නවා. ඔවුන්ගෙ අල්ලපු ගෙදර ජීවත් වෙන හූඩි නැමති පිරිමි ලමයා තමයි ලීසෙල්ගෙ හොඳම යාළුවා වෙන්නේ. හූඩි සමග පාසලට යන ලීසෙල්ට මලපොතේ අකුරක් බෑ. ඒත් ලීසෙල්ව හදා ගන්න පියා, හෑන්ස් හ්‍යුබර්මන් විසින් ලීසෙල්ට කියවන්න සහ ලියන්න උගන්නනවා.

හෑන්ස් හ්‍යුබර්මන් කලින් හමුදාවේ සේවය කල කෙනෙක්. එහිදී හෑන්ස්ගෙ මිතුරෙක් ඔහුගෙ ජීවිතේ කැප කරලා හෑන්ස්ව බේරගන්නවා. ඔහු යුදෙව් ජාතිකයෙක්. මේ දවස් වල තමයි හිට්ලර් විසින් යුදෙව්වන් සමූලඝාතනය කරගෙන යන්නේ. අර හෑන්ස්ව බේරගන්න තමන්ගෙ දිවි පුදපු හමුදා සොල්දාදුවගෙ පුතා වන මැක්ස් නැමැත්තා හිට්ලර්ගෙන් බේරෙන්න හිතාගෙන හෑන්ස්ව හොයාගෙන හෙවන් වීදියට එනවා. ඔහු එන්නේ යහපත් සෞඛ්‍ය තත්වයකින් නම් නෙවෙයි.

ඒ අතරේ ජර්මන් සොල්දාදුවන් විසින් යුදෙව් ජාතිකයන්ගේ හා වෙනත් භාෂා වලින් ලියවුන පොත් පත් සියල්ල එක් රැස් කර ගම්වැසියන් ඉදිරියේ ඒ සියල්ලක්ම ගිණි තියනවා. මේ කරන ක්‍රියාව කෙරෙහි ලීසෙල් වැඩි කැමැත්තක් දක්වන්නෙ නෑ. පොත් ගිණි තියලා ඉවර වෙලා හැමෝම යනකල් ඉඳලා ලීසෙල් විසින් එතන නොදැවී ඉතුරු උන පොතක් අරගන්නවා. ඒක එක් කාන්තාවක් විසින්දකිනවා. නමුත් ලීසෙල් ඒ බවක් දන්නෙ නෑ. මේ සිද්ධිය ලීසෙල්ගේ ජීවිතයට විශාල විදිහේ බලපෑමක් ඇති කරනවා.කතාව වැඩිය කියන්න යන්නෙ නෑ. අපේ  සමහර යාළුවෝ මෙහෙම චිත්‍රපටියේ කතාව කියනවට වැඩි කැමැත්තක් නැති බව කියලා තිබුනා. හැබැයි කතාව කියවලා චිත්‍රපටිය බාගන්න අය වෙනුවෙන් තමයි මේ කතාවේ ටිකක් විතරක් කිව්වේ. කොහොමත් කිසිම චිත්‍රපටියක කතාව සම්පූර්ණයෙන්ම කියන්නෙ නෑ. එහෙම කිව්වම ඒ චිත්‍රපටිය බලලා වැඩක් නෑනේ.

ඉතින් යාළුවනේ.. කවුද මේ පොත් හොරා? ලීසෙල් ද? නැත්නම් වෙන කෙනෙක් ද? ලීසෙල් විසින් නොදැවී ඉතුරු උන පොත අරගත්ත එක දකින්නෙ කවුද? ඒ සිදුවීම ලීසෙල්ගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? හෑන්ස්ව හොයාගෙන එන මැක්ස්ට හෑන්ස්ගෙන් පිළිසරණක් ලැබේවිද? මැක්ස් නිසා හෑන්ස්ගෙ මුළු පවුලම අනතුරේ වැටේවිද? ලීසෙල් හොඳින් ලියන්න කියවන්න පුළුවන් කෙනෙක් වේවිද? දෙවෙනි ලෝක යුද්ධයේ බලපෑම මේ හෙවන් වීදියටත් ඇති වේවිද? දෙවෙනි ලෝක යුද්ධය හා මේ පොත් හොරා සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!

The Book Thief  (2013) on IMDb

 

 

480 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

e8a2be83f9ba539b7d78d20e0db19d9621760f81

930 MB (BR) කොපිය මෙතනින් බාගන්න

17a91d3a06114f42c131dea72ccfc512d772077e

2.0 GB (BR) කොපිය මෙතනින් බාගන්න

12fe760c039f1f847838bf92e31fd8a132a6e47d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,802 downloadsDownload The-Book-Thief-2013.BR_.zip262 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,802 downloadsDownload Subtitles262 KB

67 comments

  1. amilatk

    Thanks saho

  2. hh

    Ela fim akak wage

  3. vee

    Maxxxa saho

  4. naleen

    Kathawe hatiyta pattama paharak

  5. kalana

    Super ;)

  6. wow

    Wow.....maru

  7. mahesh

    Bohoma sathutui saho mey film akata sub dunna aka gana.meyka aththa
    kathawak ne

  8. zumo man

    Elazzz thnxzzzz

  9. pathum

    Tx saho

  10. ANJANA

    thanks..

  11. tharindu

    Fatta film ekak vageee......onna ehenamm bagaththaa...thankss saho sub ektahhh...

    1. tharindu

      Kathava poddak kiyanna sahooo,...kavadakvath okkoma kynne naneee,.......kathavath ahala ratings th thiyenavanam vitharai api baganneee sahooo....

  12. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  13. නලින්

    ස්තුතියි දිනුදු අයියා

    ජය වේවා!

  14. චතුර ලක්මාල්

    නියමයි.

  15. සුමුදු

    ස්තුතියි දිනිදුවා...
    ජය වේවා...

  16. Bagaya

    mama bakuwa. kathawa lassanai machan. elaz

  17. mudiya / මුදියා

    දිනිඳුව කියල තියෙනව නම් පට්ටම පහරක් වෙන්න ඇති.
    නියමයි මචෝ.
    ටික දවසකින් ආවෙ මේ පැත්තෙ.
    හොඳ කොපි දෙනකං ඉන්නං.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  18. Vimukthi

    \|/ ____ \|/
    @~/ ,. \~@
    /_( \__/ )_\
    \__U_/ Kathawa patta.

  19. me

    Thanks

  20. mihan

    thank you !!!

  21. උදාන

    Thank you!

  22. කේ.යූ.ජී. උදාර

    මරු කොල්ලො..........
    මේකත් බැලෙයි වගෙයි.
    සිංහල සබට තුති.

  23. kesara

    patta kathawak wage...thank you bro!

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    යකඩෝ, මැක්සා ඉස්ටෝරි කතාවක් නොවැ...
    කලින් එක ගන්නත් මතක් උනේ දැන් බං දිනිදුවෝ..
    මේකත් ස්කිරින් එකක් නොවැ..
    හොද එකක් ආවම ගන්නවා..දැන් ක්ලෝස් සර්කිට් එක බාන්න ඕනේ..
    ජය වේවා..

  25. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  26. “චූටී මල්ලි”

    එල
    අනිව හොද කොපියටත් සබ් ඔනි හොදේ
    සබට තුති
    ඔබට ජය.......

  27. indika

    thnq

  28. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. නියම එකක් වගේ. මෙන්න බානව. ජය෴෴ :P :P

  29. nalaka

    thank u bro..

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.

  31. Aravinda

    Thanks...

  32. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි...........

  33. Amila windika weerasekara

    Ela.niyamai.

  34. bugs

    thanks...

  35. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. dulaj

    thanks..bro

  37. Naween

    ලස්සන කතාවක් වගේ.බාලම බලමු
    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...

  38. dinidu madushanka

    thanks saho brrip ekata jaya wewa

  39. sandu

    American Hustle (2013) Brrip sub plzzzzzzzz...

  40. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  41. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​!

  42. ප්‍රසාද්

    එල මචන් ස්තුතියි..

  43. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  44. DanstM

    නියමයි මචන්!

  45. Nandana

    Thank You Dinidu.

  46. Ara

    ලස්සන කතාවක්
    නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි

  47. Asiri

    harima lassana sanwedi kathawak.aniwa balanna.sub ekatanam bohoma thanx saho.

  48. ShaNuxLk

    Great Fiilm ! Good Work ! Thanks !

  49. Tharindu Dhananjaya

    Thanks for subtitles....

  50. gihan

    Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.