විවාහ ගිවිස ගැනීමෙන් නේ කලින් කොටස අවසන් වුනේ. හිතුවේ නැති විදියට විවාහ පොරොන්දු ඉදිරිපත් කළේ හිටපු රජු, ලී ජේ කන්ග්.ලී ජේ කන්ග් රජතුමාට තිබුන ලොකුම බලාපොරොත්තුවක් වුන WOC එක සාර්ථක ව නිමා වුනා, ඒ වගේම උතුරත්-දකුණත් යා කරන විවාහය වෙනුවෙන් ගිවිස ගැනීමත් සිද්ධ වුනා. හැමදේම හොඳින් වෙද්දි බය හිතෙනවා නේ…

විවාහ ගිවිස ගැනීමෙන් නේ කලින් කොටස අවසන් වුනේ. හිතුවේ නැති විදියට විවාහ පොරොන්දු ඉදිරිපත් කළේ හිටපු රජු, ලී ජේ කන්ග්.ලී ජේ කන්ග් රජතුමාට තිබුන ලොකුම බලාපොරොත්තුවක් වුන WOC එක සාර්ථක ව නිමා වුනා, ඒ වගේම උතුරත්-දකුණත් යා කරන විවාහය වෙනුවෙන් ගිවිස ගැනීමත් සිද්ධ වුනා. හැමදේම හොඳින් වෙද්දි බය හිතෙනවා නේද? මොකද, දුෂ්ටයා තාමත් නිදැල්ලේ ඉන්න නිසා කොයි මොහොතේ, කොයි විදියකින් ප්‍රශ්නයක් ඇති වෙයිද කියන්න බෑ.
කිම් බොන්ග් ගු එහෙමත් නැත්නම් ජෝන් මයර් ගේ අලුත්ම සැලැස්ම තමයි අද කොටස පුරා දිගහැරෙන්නේ. මාතෘකාවෙන්ම පේනවා ඇති මේ පාර නම් ලී ජේ හා රජුට ලේසි වෙන්නේ නෑ කියලා.මේ අතරේ ජේ ශින් උත්සහ කරන්නේ ශි ක්යුන්ග්ට තවත් ලං වෙන්න. ඒත් ශි ක්යුන්ග්ට නම් ඒ නිසා ගොඩක් කේන්ති යනවා. ඕනවට වඩා කේන්ති ගත්තත්, ශි ක්යුන්ගේ හිතේ ජේ ශින් ගැන ආදරයක් තියෙන බව ජේ ශින්ට තේරෙනවා. ඒත් ශි ක්යුන්ග් ඒ බව පිලිගන්න තියා අඟවන්නවත් ලෑස්ති නෑ. ඒ මොකද එයා ඒ තරම්ම කම්මැලි මෝඩයෙක් නිසා!
අද කොටසේ වෙන ප්‍රධාන සිදුවීම තමයි කිම් හන්ග් අහ් එක්ක මව් රැජින ස්වේච්ඡා සේවයෙ නිරත වෙන්න විදෙස් ගත වීම. නොදන්නා දේශෙකට ගිය මේ රාජකීය නැන්දම්මයි, ලේලියි පිළිගන්න එන්නේ කිම් බොන්ග් ගු ගේ සේවිකාව, බොන්ග් බොන්ග්. එතනින්ම හිතා ගන්න පුලුවන් නේද ලී ජේ හා ට රතු එළියක් දැල්වෙන්නෙ කොහොමද කියලා.
එහෙම නම් අද කොටස අවසානයෙත් කුතුහලය නොඅඩුව තියලා, මම යනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,113 downloadsDownload The-King-2-Hearts-E16.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
7 comments
chamini
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The King 2 Hearts (2012) [E16] Episode Sinhala Subtitles | රජුට රතු එලියක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-King-2-Hearts-2012.jpg)

thank you sis