කාලෙකට පස්සේ ඔන්න ආයේ සුපුරුදු වැඩකට බැස්සා. මේ අරගෙන එන්නේ වොකින් ඩේඩ් කතා මාලාවේ සියවැනි කතාංගය. මේ කතාංගය පොඩ්ඩක් විශේෂ වෙනවා. රුගත කිරීම් අතරතුර අඩි විසි දෙකක උසින් බිමට ඇද වැටීම හේතුවෙන් John Bernecker කියන ස්ටන්ට් ශිල්පියා මියයනව. මම හිතන විදියට ඒ සිදුවීම අද කතාංගයේ තියෙනවා ඔයාලට බලාගන්න පුළ…

කාලෙකට පස්සේ ඔන්න ආයේ සුපුරුදු වැඩකට බැස්සා. මේ අරගෙන එන්නේ වොකින් ඩේඩ් කතා මාලාවේ සියවැනි කතාංගය. මේ කතාංගය පොඩ්ඩක් විශේෂ වෙනවා. රුගත කිරීම් අතරතුර අඩි විසි දෙකක උසින් බිමට ඇද වැටීම හේතුවෙන් John Bernecker කියන ස්ටන්ට් ශිල්පියා මියයනව. මම හිතන විදියට ඒ සිදුවීම අද කතාංගයේ තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. අදින් පස්සේ මම වොකින් ඩේඩ් කතාවෙන් සමුගන්නවා. මොකද ලබන සුමානේ වයිකින් සීසන් 5 පටන් ගන්නව කතා දෙකේම ටොරන්ට් එන්නේ සදුදට එකම දවසේ කතා දෙකක කරන එක තියෙන කාල වෙලාවත් එක්ක අමාරු නිසා මේක සුධිර මාලන් සහෝදරයට බාරදෙනවා එයා වෙලාවට සබ් එක අරගෙන එයි කමන්ට් එකක් දාල එයාට සහයෝගය ලබාදෙන්න. වෙනද වගේම මුල ඉඳල කතාව මතක් කරගෙන අද කතාව බලන්න යමු. අද කතාව ටයිම් ලයින් කිහිපයක දුවන්න ගන්නවා ඒ විතරක් නෙමේ කතාවේ අනාගතය රික්ගෙන් ගිලිහිලා කාල්ට ලැබෙන බවට පොඩි ඉඟියක් වගේ දෙයක් අද කතාවෙන්ම ලැබෙනව මට හිතෙන විදියට. සමහරවිට රික්ගේ මරණය වෙන්න ඉඩ තියෙනව. ඒ වගේම ට්‍රේලර් එකේ රික්ව පෙන්නුව විදිය එහෙම හරි අමුතුයි කියල මතක ඇතිනේ. හිතාගන්න බෑ ඒ පෙන්නුවේ කතාවේ අවසානයද කියල, කොහොම උනත් කතාව නම් මෙදා සැරේ පට්ටම පට්ටයි. එහෙනම් ගිහින් එන්නම් ජයෙන් ජය 😀
පළමු කතා සමය
රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණුවෙලා ගිය මළමිනී, ලෝකෙම එකම විකාරයක් වෙලා. මෙයාගේ පවුලේ අයට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ ඉතින් ඔහොම ඉන්නකොට වෙන්නේ මොනවද කියල ටික ටික මෙයට වැටහෙන්න ගන්නවා, එයා නගරෙට එනකොට ග්ලෙන් විසින් රික්ව බේරාගන්නවා, එතනදී තමයි මේ කල්ලියේ කතාව පටන්ගන්නේ මර්ල් සහ ඩැරල් යන සොහොයුරන් දෙන්නවත් මෙතැනදී තමයි කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එතැනදී රික්ට ටහ්මන්ගේ පවුලේ අයව මුණගැහෙනවා රික්ගේ මිතුරා ෂේන් විසින් එයාගේ පවුලේ අයව ආරක්‍ෂිත තැනකට අරන් ගිහිල්ලා. රික්ගේ බිරිඳ සහ ෂේන් අතර පටලැවිල්ලක් සිද්දවෙනවා. සිදුවීම් දාමයකට පසුව පලවෙනි කතා සමය නිමවෙන්නේ ඉන්න හිටින තැනක් හොයාගෙන අන්තිමටම CDC කියල පරීක්ෂණාගාරෙකට යනව මේකෙන් බේරෙන්න විදියක් හොයාගෙන එතැනදී බලාපොරොත්තු වෙච්ච දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් අත්විදගන්න කණ්ඩායම නැවතත් පාරට වැටෙනවා එතනින් පළමු කතා සමය නිමවෙනවා.
දෙවැනි කතා සමය
දෙවැන්නහි සිද්දවන්නේ සොෆියාව නමැති පුංචි කෙල්ලව අතුරුදහන් වීම සහ මැගී බෙත් ඇතුළු කණ්ඩායම හමුවීම සිද්දවෙන්නේ මෙහිදී තමයි. රික් ඩැරල් ඇතුළු කණ්ඩායම හර්ෂල්ගේ ගොවිපලේ ඉන්නකොට සිද්දවෙන සිදුවීම් දාමය තමා මේකෙදි දිගහැරෙන්නේ ඒ වගේම ලෝරිට ලම් හම්බවෙන්න ඉන්න බව දැනගන්න ලැබීම සහ දරුවාගේ පියා කවුද කියන ගැටලුවත් ෂේන්ගේ මිත්‍ර-ද්‍රෝහීකමත් කතා සමයෙහිම ඉදිරියට ගෙන ආ සොෆියගේ ඉරණම අවසාන කෙලෙස සිදුවේද යන්න ප්‍රේක්ෂකයා හට දැනගන්නට සලස්වමින් ඒ වගේම අවසානයේ විශාල ඇවිදින මලමිනී රැළක්ම ගොවිපළ වෙත ඇදී එනවා ඔයාලා දකින්න ඇති. ඒ රැළ එන්නේ ගොවිපලේ නිවස පැත්තට බව තේරුම්ගන්නා රික්, කාල් සමඟ ධාන්‍ය ගබඩාව වෙත යනවා සැඟවෙන්න. නමුත් නිවස වෙත යන ඒ රැළ වැළැක්විය යුතු නිසාත් ධාන්‍ය ගබඩාව වෙත එන ඇවිදින්නන් විනාශ කිරීම උදෙසාත් රික් විසින් ධාන්‍ය ගබඩාවට ගිනි තබනවා. ඒ අතර නිවසේ සිටි අනෙක් පිරිස උපරිම උත්සාහයක් දරනවා ඇවිදින මල මිනී රැළ ගොවිපළෙන් පන්නා දමන්න. ඉතින් අයෙමත් කට්ටියත් එක්ක පාරට වැටෙනව.
තෙවැනි සහ සිව්වැනි කතා සමයන්
තෙවැන්න සහ සිව්වැන්න වෙන්නේ කණ්ඩායමට සිරගෙයක් හමුවීම, හිරගෙයක් කියනකොට දන්නවනේ ඉතින් ආරක්ෂාව උපරිමයි ඇතුල්වීම පිටවීම අසීරුයි, මේ වගේ ව්‍යසනයකදී ආරක්ෂිතම තැන තමා සිරගෙයක් කියන්නේ ඉතින් කට්ටිය දැන් එතන තමන්ගේ වාසස්ථානය කරගෙන අවාසනාවන්ත සිදුවීමකින් පසුව උනත් රික් සහ ලෝරිගේ දෙවන දරුවා මෙලොව එලිය දකිනවා, ඒ වගේම පහුගිය කොටස්වල නොසිටි මිෂෝන් නැමති චරිතය මිත්‍ර පක්ෂයටත් එකතුවන අතර ගවනර් නමින් හදුන්වගන්න තැනැත්තෙක් සතුරු පාර්ශවයක් ලෙසින් ඉස්මතුවෙනවා. ගවනර් සතුව ජනපදයක් ඇති අතර රික්ගේ කණ්ඩායම සමග ඇතිවන ගැටුමකින් අනතුරව ගවනර් පාරට වැටෙනවා.. තමන් විහින්ම කරගත්තු විනාශයක් හැටියට තමා ඒක කියන්න තියෙන්නේ ඉතින්. ඊට පසුව සිවුවන කතා සමයේ සිරගෙයෙහි සිටින කණ්ඩායමට නව රෝගයකට මෙන්ම ගවනර්ගේ පුනරාගමනයට මුහුණදීමට සිදුවනවා, කරදර මදිවට තවත් කරදර පැමිණෙන අතර ගවනර්ගේ ප්‍රහාරයකින් සිරගෙයහ බිඳවැටෙන අතර නැවත කට්ටිය පාරට වැටෙනවා, නිකම් නෙමේ කණ්ඩායමේ කට්ටිය සී සීකඩ විසිරිලා ගිහින්.. අන්තිමේදී දුම්රිය පර්යන්තයක් වෙත කට්ටියම ලඟාවෙන්ව ඒ වගේම මිට පිලියමක් සොයාගතහැකි ඉයුජින් නමැති විද්‍යාඥයා තවත් දෙන්නෙක් එක්ක මෙයාලගේ කණ්ඩායමට එකතුවෙනව. ඒ වගේම දැන් කට්ටිය ඉන්නේ කොච්චි පෙට්ටියක, දුම්රිය පර්යන්තයේ ඉන්න අය අභිරහස් දෙයක් සිදුකරන බවට සාක්ෂි ඉදිරිපත් කරමින් තමයි හතරවෙනි කතා සමය නිම උනේ.
පස්වැනි කතා සමය
පස්වැනි කතා සමය ආරම්භ වෙන්නේ විසිරුණු කණ්ඩායම නැවත එක්කාසුවිමෙන්, ඊට පස්සේ කරදර රැසකට මුහුනදෙන කට්ටියට අලුත් ක්ෂේම භූමියක් හමුවෙනවා, ඒ තවත් සමාජයක්, ගිණි පෙලෙල්ලෙන් බැට කාපු රික් ඇතුළු පිරිස කණාමැදිරි එළියටත් බයයි මේ වෙද්දී, ඉතිං රික් ඇතුළු පිරිස තමන් දැන් රැඳිලා ඉන්න නව ජනාවාසය ගැන හොඳ අධ්‍යනයක් කරනව, මේ වගේ දරුණු කාලයකදී මේ ජනපදයේ පාලනය කරන උදවිය තම පාලනය කරගෙන යන ආකාර වැරදි බව රික් ඇතුළු පිරිසට තේරුම් යනව, බොහොම නිසලව ගාලාගෙන ආපු කතාව අන්තිමේදී උණුසුම් වෙන්න පටන් ගන්නවා, ඒ කොහොමද කියල බලපු පිරිස දන්නව.
හයවෙනි කතා සමය
මේ කතා සමය ආරම්භ උනේ ඇවිදින්නෝ පිරිලා ඉන්න ගල් වලක් අසලින්, බාධක දාල අවහිර කරලා තිබ්බත් වැඩේ හරියන්නේ නෑ කියල රික් ඇතුළු පිරිස තේරුම් ගන්නවා, උන් කෙලින්ම අවොත් එන්නේ ජනාවාසය පැත්තට කියලත් හොඳටම පැහැදිලියි, ඉතිං කට්ටිය ඒ ව්‍යසනය වලක්වන්න යමක් කරනවා, ඒ අතරවාරයේ ජනාවාසයට ඇලෙක්සැනඩ්‍රියාවට W අකුර නළලේ සටහන් කරගත්ත පිරිසකගේ ප්‍රහාරයක් එල්ලවෙනවා, ඒ වගේම රිකට සමීප කිහිප දෙනෙක් මියයනවා, ඒ සොම්බි රංචුවක් ජනාවාසයට කඩා වැදීම නිසාවෙන්. ඉතිං ඔය දේවල් නිසා අන්තිමේදී ජීසස් කියල කියාගත්ත හාදයෙක් නිසාවෙන් හිල්ටොප් කියල තවත් ජනාවාසයක් රික්ලට හමුවෙනවා, අද වෙන හැම දේම පටන් ගන්නේ ඔන්න ඔය සිදුවීමෙන්, දකින්න ඇතිනේ අන්තිමටම ස්ක්‍රීන් එකට ලේ පාරක් විසි වෙනවා, බලමු අද භයානක තත්වය මොකක්ද කියල එහෙමනම්…. ග්ලේන් ද? ඩැරල් ද? මැගිද?
හත්වෙනි කතා සමය.
හත්වෙනි කතා සමයේදී තමා රික්ට මෙතෙක් මුණගැහෙන දරුණුම හතුරා වෙන නිගන්ව මුණගැහෙන්නේ, දෙතුන් දෙනෙකුට එලොව යන්නත් වෙනවා නිගන්ගෙ පිහිටෙන්. ප්‍රේක්ෂකයා කතාවෙන් ගිලිහෙමින් හිටිය මොහොතක සාම්ප්‍රධායිකව අවිදින්නන්ගෙන් මිදිලා මිනිස්සු ප්‍රධාන කොටගෙන කතාව ඉදිරියට යන්න පටන් ගත්තේ මේ කතා සමයෙන්. කතා මාලාවේ සාර්ථකම කතා සමයන්ගෙන් එකක් විදියට හත්වෙනි කතා සමය පත්වුණා. ඒ වගේම මේ කතා සමයේදී අලුත් චරිත රැසකුත් ප්‍රේක්ෂකයින් හමුවට ආව, ව්‍යාඝ්‍රකුත් එක්කම 😀 ඉතිං අන්තිමටම සිද්දවුනේ හැංගි හැංගි හිටිය නිගන් විරුද්ධවාදී රාජධානිය ඇතුළු රික් පෙරමුණ නිගන් එක්ක නිල වශයෙන් යුධ ප්‍රකාශ කිරීමක්. ඒ වගේම මේ කතා සමයේ තිබ්බ මන්දගාමී ස්භාවය අටවෙනි කතා සමයේදී පවතින්නේ නැහැ කියලයි ආරංචිය, ඉතින් එහෙනමන් යුද්දේ කොහොම ඇවිලෙයිද කියල බලමු 😀
“This is your show Carl”
Due to copyright issues, we do not provide any torrent links.
The.Walking.Dead.S08E01.HDTV.x264-SVA The.Walking.Dead.S08E01.HDTV.XviD-AFG The.Walking.Dead.S08E01.HDTV.XviD-RMX The.Walking.Dead.S08E01.480p.HDTV.x264-mSD The.Walking.Dead.S08E01.480p.HDTV.x264-RMTeam The.Walking.Dead.S08E01.720p.HDTV.HEVC.x265-RMTeam The.Walking.Dead.S08E01.720p.HDTV.2CH.x265.HEVC-PSA The.Walking.Dead.S08E01.720p.HEVC.x265-MeGusta The.Walking.Dead.S08E01.720p.HDTV.x264-AVSමෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
19,067 downloadsDownload The.Walking.Dead_.S08E01.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
73 comments
Dhananjaya Kasthuri
Sajeevi
Wow..
Thanks.
Exam kesewethath meka nam balannama ona.විදුෂාන් සජිත්
:-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි ශාන් විමුක්ති සහෝ, ජය වේවා! :-)
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
විදුෂාන් සජිත්
කල් වෙලා තියනවා නම් The Fear Walking Dead Season 03 එකට සබ් දෙන්න පුළුවන්ද!,. Season 1,2 ලක්ෂාන් පියුමන්ත සහෝ දුන්නේ, ඒත් Season 03 නම් එයා කරන්නේ නෑලු. කතාව මගින් නතර නොකර සබ් එක කාට හරි භාර දෙන්න පුළුවන් නම් ඒක අපි වෙනුවෙන් කරන ලොකු උදව්වක්... උපසිරැසියට ගොඩාක් ස්තුතියි, ජය වේවා!.......
Induvara
Elama
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
බොහොම ස්තුතියි ..
ඉක්මනට දෙන්න අයෙත් මේ වගේ ආපු ගමන්ම
GooD LucK... ☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬Ganicus
පට්ට මචෝ සබ් එක දාන්නම් හිටියෙ.... ජය වේවා
Ishan
ela ela.. digatama demu
Thanuj darshana
බෝහෝම ස්තූතියි සහෝ....සබ දානකන් බලාගෙන හිටියෙ
sanjaya90sri
bala bala hitiye sub denakam thankz wewa suduuuuuuuu
Vimu
thnxxx bokka ummmmmah
Thusitha
උපසිරැසියට ගොඩාක් ස්තුතියි!!!!
sithum
Thenkzz sab aekata...aekan magabalan hitiye
Kasun Widusha
Thada thada puthii.welawata lands karaa
pasindu dixon
එල සහෝ...සුපිරි වැඩක්
අමිල
<එලම සහෝ ආපුගමන් ම දිලා...තැන්කූ වෙවා....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraravi
thnx sahoo sub ekata
YASAS
thanks for sub!!!
Praditha
Thank you soo much for giving us this sub soo quickly. Really appreciate your hard work.
Randika
සබට ගොඩාක් ස්තූතියි..... Fear The Walking Dead සීසින් 03 එකෙත් සබ් ඉක්හනට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා!
thilan
thanks bro ikmanin sub dammata good luck
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි
madusara manawasinghe
ela
Chamith Mihiranga
Affata Siri.. Oya nam deyiyek wima aiya.. Thank you so much...
Kiri putha
Ado patta bnz thanx
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
ටෘ තමන්නා
එල එල කොල්ලො
ප්‍රසාද් රත්නායක (Prasad)
ස්තුතියි. සුපිරි වැඩක්
shashi
thanq
Heshan
Thanks
shasith sandaruwan
මේකා ඉක්මනට සබ් එක ගෙනල්ලා නෙව. :P
ප්‍රිසන් බ්‍රේක් එකට පස්සේ ආසාවෙන් බලපු සීරිස් එක තමා මේක.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
harsha
ජිල්ගත බුං පැහ්! එලකිරි සහෝ ඔන්න එහෙනම් සබ ගත්තා. ලිපියත් පට්ටයි ඈ. ස්තූතියි ජයවේවා
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ishan (LB)
සුපිරි මචන් සබ ගෙනාවට මම ආසම කතාව තමා මේක තැන්ක් ඈ.
chamath achalya
wow thanks a lot gotham aka parakku karanna apa
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
dulitha hashan
thanks sub ekata.. enakamma balagena hitiye
lahiru
elama mchan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madushanka Kandage
niyamai enakan balan hiteye thanks.....
Madhu
හපොයි මේ තියෙන්නේ.ඊයේ දැක්කා අද තමයි බලන්න හදන්නේ.කොහොමත් මී සීරියස් එක පට්ටට තියෙයි.බොහොම තුති බ්‍රෝ සබ එකට.....ජය වේවා !!!
Kasun chathuranga
Elaaa...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
prasad
Thanks Bro
hasitha dilshan
supiri................
hasitha dilshan
Thanx broooo......
Advertisement



tnx bn sub ekata balan hitiye msg eka dn ei dn ei kiyala thnx