ඔන්න එහෙනම් හරියටම සතියකට පස්සේ House Of The Dragon දෙවෙනි කොටසයි මේ අරන් එන්නේ. සෑහෙන සාර්ථක පළවෙනි කොටසක් අපිට කලින් සතියෙ නරඹන්න පුලුවන් වුණා. ඉතිං ඒ කොටස බලපු ඔයාලා කැමැත්තෙන් ඇතිනේ පාල්ද් ගැන දැනගන්න. ඉතිං ඒ දේවල් ගැන සවිස්තරාත්මක ලිපියක් නෙරංජි අක්ක අරන් ඇවිත් තියෙනවා. ඒකත් කියවලාම ඉමු. නෙරංජ…

ඔන්න එහෙනම් හරියටම සතියකට පස්සේ House Of The Dragon දෙවෙනි කොටසයි මේ අරන් එන්නේ. සෑහෙන සාර්ථක පළවෙනි කොටසක් අපිට කලින් සතියෙ නරඹන්න පුලුවන් වුණා. ඉතිං ඒ කොටස බලපු ඔයාලා කැමැත්තෙන් ඇතිනේ පාල්ද් ගැන දැනගන්න. ඉතිං ඒ දේවල් ගැන සවිස්තරාත්මක ලිපියක් නෙරංජි අක්ක අරන් ඇවිත් තියෙනවා. ඒකත් කියවලාම ඉමු.
නෙරංජි සහෝදරියගේ ලිපිය
ඔන්න අද අපි ඔයාලට අරගෙන එන්නෙ HOTD පළමු කතාමාලාවෙ,දෙවන කතාංගය. ලෝකයේ වැඩිම දෙනෙක් එක රැයින් නැරඹු වාර්තාව සමඟ උසම උස ඉහළකට යන්න එක් සතියක් තුළදී හැකිවූ HOTD ගැන මේ වෙද්දි ඔයාලා හුඟාක් විස්තර දන්නවා. නොදන්න විස්තර හොයාගන්න වුණත් හිතෙන තරමට Homework කරන්න හිතෙන එකම ටීවී සීරිස් එක වෙන්න ඇති HOTD කියන්නෙ.
ඔයාලා දැනටමත් දන්නවා, අපි මේ දකින්නේ අපි මීට වසර දෙකකට පෙර බලලා නිමා කරපු GOT වලට පාදක වූ ලෝකයේම,ඒ මහද්වීපයේම අතීත කතාවක් බව,
Great Council එකෙන් පටන් ගන්න කතාව, අපිට කියනවා ඒ Mad King ගෙ ඝාතනයට වසර 172 ක් පෙර සිදුවීමක් බව. නැත්තම්, ඩැනේරිස් ගේ උපතට වසර 172 ක් පෙර බව. ටාගේරියන්වරු වෙස්ටරොස් වල සම්පූර්ණ බලය අල්ලාගැනීම පළමුවන ඒගොන් රජ දවස සිදු වෙනවා. එහෙත් දැහැමෙන් සෙමෙන් බොහෝ කල් රජ කරපු රජ විදිහට ඉතිහාසගත වෙන්නෙ අපි එපියෙ මූලික දර්ශනයේදී දකින වයසක ජෙහාරිස් ටාගේරියන් රජ්ජුරුවෝ. එයාගේ කාලය කොයිතරම් දැහැමින් සෙමෙන් එයා පාලනය කළත්, එයාට රාජ්‍ය පැවරීම සඳහා සෘජු අනුප්‍රාප්තිකයෙක් නොමැතිකමින්, Great Council එක හරහා ගන්නා තීරණයට එකඟ වෙනවා. ඒ තීරණය තමයි මේ කොටසේ පටන් අපි දකින සියලු ව්‍යාකූලතාවලට පාලම හදන්නෙ. ඇතුළතින් බිඳ වැටීම තමයි භයානකම කියලා ඔබටත් ඉදිරියේදි වැටහේවී…
ගිය එපියේ කතාව කෙටියෙන් සිහි කළොත්,
විසේරිස් ට රාජ්‍යත්වය දීම ගැන තහවුරු වීමෙන් පස්සෙ, ඔහුගේ රාජ්‍යත්වයෙන් 9 වන වසරේ කින්ස්ලෑන්ඩින් නුවර වගේම හොඳට නඩත්තුවන ඩ්‍රැග්න් පිට් එකත් අපි දකිනවා. විසේරිස් ගෙ දියණිය සිය මකරා පිටින් (සයිරෙක්ස්) ඇවිත්, ඔහුව ඩ්‍රැගන් පිට් එකට දාලා, සිය සහයිකාව – මිතුරිය වන ඇලිසන් හයිටවර් සමඟ රාජකීය කරත්තෙන් මාලිගාවට යනවා. විසේරිස් රජුගෙ දියණිය වන රෙනෙයිරා සිය මව සමඟ කතා කරනවා. මාලිගාව බොහොම සාටෝපයි. ජනාකීර්ණයි. ඇගේ මව ගර්භණී. ඈ සංකූලතා අධික ගර්භණී කාලයක් පහු කරමින් ඉන්න බව මූණෙන්ම පෙනෙනවා. ඇගේ සිහිනය පුතෙක්. රාජ්‍ය වෙනුවෙන් දරුවන් වැදීම සේවය බව හිතන ඇරන් නිවාසයේ එමා තමයි, රජුගේ බිරින්දෑ. ඇයට රෙනෙයිරාගේ උපතට පසු බොහෝ ගබ්සා වීම්, මලදරු උපත් සහ, ළදරු මරණ වලට මුහුණ දීමට සිදු වීමෙන් තවමත් පුත්‍ර උරුමක්කාරයෙක් විසේරිස් රජුට, අනුප්‍රාප්තිකයා හැටියට ලබාදෙන නොහැකි වෙලා තියෙනවා. මේ වන විට රෙනෙයිරා තමයි රජ්ජුරුවන්ගේ බඳුන දරන්නා. අපට රාජ්‍ය මන්ත්‍රකයන්ගෙ රැස්වීම දකින්න ලැබෙනවා. ඔවුන් රාජ්‍ය ට එල්ල විය හැකි තර්ජන වලට වඩා ක්‍රීඩාව ගැන උනන්දු වෙන බවක් පෙනෙන්නෙ. කොහොම හරි ක්‍රීඩා තරඟය හැරන්හෝල් වල පැවැතෙද්දි.. රැජිනිට දරුවා ලැබෙන්නට සංකූලතා එනවා. ග්‍රෑන්ඩ් මේස්ටර් ගේ අවවාදයෙන් රජු දරුවා තෝරාගන්න නිසා, හිරි වැටීම් වලින් තොරව සිදු කෙරෙන සැත්කමක් හේතුවෙන් එමා ඇරන් රැජිණ මියයනවා. අවමංගල්‍යය උත්සවයට පසු රජු විසින් අනුප්‍රාප්තිකයා නම් කළ යුතු වෙනවා. උපන් අවස්ථාවේ දී දරුවා බේරාගත හැකි වූවාට, දරුවාට ජීවත්වීමට තිබෙන්නේ ඉතා කෙටි කාලයක්. එම දරුවාද එක දවසින් මිය යනවා. මව සමඟම චිතකයේ ඔහුද දැවෙනවා. රජුගේ අනුප්‍රාප්තිකයා ලෙස රජුගේ බාල සහෝදරයා වන ඩේමන් නම් කළ හැකි වුවත්, මුල සිටම ඔහුගේ කල් ක්‍රියාව ගැන කිසිම පැහැදීමක් නැති රාජ්‍ය භාර කාර දූරය දරන මොටෝ හයි ටවර්, රජුගෙ මිය ගිය පුත්‍රයාට ඩේමන් සිනාසුණු බව ප්‍රකාශ කරනවා. එයින් වේදනාවට පත් විසේරිස් රජ තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස තම ජීවත්ව සිටින එකම දියණිය වන රෙනෙයිරා පත් කරනවා. ඩේමන් තම මකරා සමඟ පලා යනවා. විසේරිස් රජ් වෙන්න කලින් වෙස්ටරෝස් පාලනය කළේ ජෙහාරිස් නම් පාලකයෙක් විසින්. ජෙහාරිස්ට පුතුන් දෙදෙනෙක් සිටියත් අවසනාවන්ත ලෙස ඔවුන් දෙන්නම මිය යනවා. ඉතිං තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට තමන්ගේ සහෝදරිය වුනු රේනිස් සහ විසේරිස් අතරින් කෙනෙක්ව තෝරගන්න වෙනවා. රෙනීස් වැඩිමල් උරුමක්කාරිය වුනත් ඇය කාන්තාවක් වුනු නිසා සිහසුන උරුම වෙන්නෙ විසේරිස්ට. මුල් කාලයේ සාමකාමී පාලනයක් අරන් ගියත් පසුව අසනීප වීම සහ තමන් ගන්න වැරදි තීරණ නිසා විසේරිස් දැවැන්ත ගැටුමකට හේතු වෙනවා. මීට අමතරව කතාවේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වෙනවා. ඒ තමයි, GOT වලට වඩා පෙර යුගයේ පැවැති යකඩ සිහසුන ඉතා තියුණු භයානක ස්වරූපයක් ගත් බව අපිට පෙනෙන්න තියෙනවා. ඒ රජවරුන් තුවාල කරනවා. බොහොම සන්සුන්ව හිඳ නොසිටින සෑම වේලාවකම එය කැපුම් ඇති කරනවා.එහෙත් රජුගේ පිටේ තියන කැපුම, සිංහාසනය විසින් ඇති කළ එකක්මද? ඔබට ජෝරා මෝමන්ට් මතක් වෙනවාද?
මේ හැම දෙයක් පිටුපස්සේම ඕටෝ හයිටවර් ඉන්නවා ද? ඒක නිසාද ඔහු ග්‍රෑන්ඩ් මේස්ටර් ව හවුල් කරගෙන, රැජිණගේ ගර්භණී සංකූලතා රජුගෙන් සැඟෙව්වෙ? රජුට තමන්ගේ සහෝදරයා ගැනම ඇතුලත් ඇති වන ආකාරයෙන් කේලම් කිව්වේ? තමන්ගේම දියණිය වන ඇලිසන්ට් හයිටවර් ව සිය බිරිඳගේ ඇදුමක් අන්දලා, වැන්දඹු වූ විගස රජු වෙත යැව්වෙ?
ඒවගේම එගෝන් නම් ජයාග්‍රාහකයා දුටු සිහිනය සමඟ ටාගේරියන් රජුගෙන් අනුප්‍රාප්තිකයා වෙත හුවමාරු වන වැලේරියන් කිණිස්ස අපිට බොහොම විශාල වැදගත්කමක් පෙන්වනවා. GOT වලදි වගේම, මේ කිණිස්ස HOTD වලදි වැදගත් වෙන්නේ කොහොමද කියලත් අපිට බලන්න පුළුවන්. හැරන් හෝල්වල තරඟ පැවැත්වෙන හැටි, මකරුන්ගේ සටන්, පැරණි නිවාස පිළිබඳ තොරතුරු බොහෝමයක් අපිට HOTD ඉදිරි එපි වලින් බලාගන්න පුළුවන් වෙයි. කොහොමත් ලෙයින් සහ ගින්නෙන් නිර්මාණය වූ ඉතිහාසයක් තමයි අපිට මේ ඔස්සේ දැක බලා ගන්න වෙන්න. අද කොටසින් බලාගමු, කොහොමද? ඩෙමන් ටාගේරියන් බලය පතුරන්නෙ කියලා. තමන්ට නීත්‍යානුකූලව අයිති නැති බිමක. දැන් ඔයාලට හොඳ අවබෝදයක් එන්න ඇතිනේ ඇයි කලින් කොටස GoT ඇතුලු වෙස්ටරෝස් ඉතිහාසයට සෑහෙන වැදගත් වෙන්නෙ කියලා. තාම මේ ගොඩනගාගෙන යන්නේ කතාවේ පදනම විතරයි. ඉදිරියට තමා හොඳ හොඳ සෙල්ලම් එන්න තියෙන්නේ. ඉතිං අද කොටස නම් වෙන්නේ “The Rogue Prince” නමිනුයි. මතක් කරන්නම ඕනේ, මේ කොටස ආරම්ඹ වෙද්දි විසේරිස්ගෙ බිරිඳ වෙන ඇමා මියගිහින් මාස හයකට ආසන්න කාලයක් ගත වෙලයි තියෙන්නේ. ඉතිං තාම විසේරිස් සහ රෙණෙයිරා ඇතුලු රාජකීයන් හැමෝම ඇයගේ මරණයෙන් යථා තත්ත්වයට පත් වෙමිනුයි ඉන්නේ. මේ කොටසත් IMDB මීටරේ 8.9 ක ඉහක අගයක් වාර්තා කරල තියෙනවා. ඒ වගේම මේ එක්කම Game Of Thrones ෆෑන්ස්ලට සුබ ආරංචියකුත් කියන්න තියෙනවා. ගිය සතියේ ලබපු සාර්ථකත්වය නිසාම House Of The Dragon කතා මාලාව නිල වශයෙන් දෙවෙනි අධියරක්ටත් HBO නාලිකාවෙන් දීර්ඝ කළා. දැනට කියන විදිහට තවත් අධියර දෙකක් සමග සම්පූර්ණ කතා සමයන් හතරකටම මේ සීරීස් එක සැලසුම් කරල තිබෙනවා. එහෙනම් ආයෙ ඔයාලා මුනගැහෙන්න අපි එන්නේ ඊළඟ සතියේ. පුලුවන් ඉක්මණින්ම ඒ එපියත් අරගෙන එන්නම්..හරියටම සතියකින් ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් මම දැනට මම සමුගන්නවා. සුබ දවසක්…!
S01E02: “The Rogue Prince”
Director: Greg Yaitanes
Writer: Ryan J. Condal
Runtime: 54 Minutes
Released Date: August 29, 2022
IMDB Rating: 8.9
Age Rating: TV-MAi
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
36,305 downloadsDownload House.of_.the_.Dragon.S01E02.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #MaxxA
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
52 comments
Spider
R N Sandaruwan
සබ් එකට තෑන්ක්ස්..❤️
ඒත් සබ් එක ගොඩක්ම පරක්කුයිනේ... පටන් ගන්නකොට තත්පර 5ක් පරක්කුයි..පස්සෙ ඇදීගෙන යනකොට ටික ටික පරක්කු වෙලාව වැඩි උනා...එපිසෝඩ් එක ඉවර වෙද්දි තත්පර 142 පරක්කුයි..
Dinuka Wijesinghe
S01 E02 වෙන්න ඕනි නේද
නුවන් මානගේ
බොහෝම ස්තුතියි සියලුම දෙනාට ❤️
Anonymous
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Imesh Perera
ගොඩක් ස්තුතියි හැමෝටම.. ලිපියත් රසවත්
Anonymous
Bohoma sthuthi bro
Anuja Lakshitha
thanks kollo sub ekt
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Nayana
H264 ta sub set wenne nahane
Sandeep
Thanks Sub akata jaya !!
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Kavindu Madushan
Bohoma sthuthi bro
vishva
See ekata sub denne ndd broo
Anonymous
niyamai malli ikmanata sub eka dena ekata godak thanks.. digatama karagena yamu.. Jaya wewa..
viraj
thanks......
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
thanks..........
Rukshan
Thanks bro...
Mr B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ ❤
Anonymous
Thanks jayawewa....!
Saja
Ade umbalage sup ekata patta thanks. Apita meka therum ganna patta amarui oyala nethuwa.supiri ahhhh
R N Sandaruwan
සබ් එකට තෑන්ක්ස්❤️
ඒත් සබ් එක පරක්කුයිනෙ..පටන් ගන්නකොට තතොඅර 3-5 වගේ ලේට් උනේ.පස්සෙ ලේට් ටයිම් එක වැඩි වෙලා එපිසෝඩ් එක ඉවර වෙද්දි තත්පර 142 ලේට් වෙලා සබ් එක..
සචින්ත බෙනට්
ඔයා අරන් තියෙන්නෙ එහෙනම් ලීක් කොපිය. අපි සබ් දුන්නෙ හරිම රන්ටයිම් තියෙන ඔරිජිනල් කොපි එකට
Lanister
Noiz
sahangayantha
thanks a lot saho
විමා
සබට තුති මලේ.
එපිය එන දවසෙම හවසට සබ් එක දීලත්, වැඩක් නැහැ පරක්කුයිනේ ගාන අය වෙනුවෙන් ලංකාවේ වේලාවෙන් 5 වෙනිදා, සඳුදා උදේට ටෙලිකාස්ට් වෙන තුන්වෙනි එපියට, 3 වෙනිදා, සෙනසුරාදට වගේ සබ් එක දුන්නොත් ඇතිවෙයිද දන්නේ නැහැ නේද? :D
ඔය වගේ කිරිපණු ගාය හැදිච්ච උන් නිසා තමා සබ් කරන අයට, සබ් කරණ එක එපා වෙලා තියෙන්නේ දැන් නම්.
Shaggy
ඒකට කමක් නෑ උබනම් ආය සබ් හැදුවෙ නැති උනාට කමක් නෑ පීකී බ්ලයින්ඩර්ස් එකෙන් උබව එපාම උනා
Rajitha Malinda Samarakoon
good
Anonymous
Thank you
Anonymous
thanks bro ummmmmaa
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි මල්ලී
Don
සබ් එකෙ අකුරු පෙන්නෑ..කැරැක්ටස් විදියට පේන්නේ. මේ වගෙ..$&%-#%@%@?%*2... මෙක හදාගන්නෙ කොහොමද??
Dewadithya
Thanks for Sub!
Anonymous
EEpisode 3 ekath ikmnta oneee
Sanuk
Thanks For Sub Bro
Anonymous
Thanks brother
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ... නේරංජි අක්කටත් ලිපිය වෙනුවෙන් තුති වේවා!
Roshan
Tnx for sub.tnx for your time.great job...
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියී..❤
Dasun dammika
thanks bro sub ekata.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Bimbisha Indurugalla
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
damith niwanthaka
Thanks bro. Jaya wewa....!!!
Advertisement
![House of the Dragon [S01 : E02] Sinhala Subtitles | බලය වෙනුවෙන් වංශයන් බැඳීම [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/House-of-the-Dragon-1.0.jpg)



Ado Patta kalinma awith