Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E05] Sinhala Subtitles | මගේ භයානක යාළුවා-මී හෝ [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී දේ වුන්ග්ට ෆිල්ම් එකේ රඟපාන්න චාන්ස් එකක් හම්බ වුනානේ. ඉතින් දේ වුන්ග් මේ ගැන හරිම සතුටෙන් මී හෝ එක්ක මේක සමරන්න හිතාගෙන එනකොට මගදී හේ ඉන් අක්කව මුණ ගැහුනනේ. ඇය කිව්ව දේවල් වලට දේ වුන්ග්ට හොඳටම අප්සට් ගිහින් බීලා ගෙදර යනවනේ. මේ අතර මී හෝ දේ වුන්ග් එනකම් මග බලාගෙන ඉන්නවනේ එයාට අලුත්ම…

පසුගිය කොටසේදී දේ වුන්ග්ට ෆිල්ම් එකේ රඟපාන්න චාන්ස් එකක් හම්බ වුනානේ. ඉතින් දේ වුන්ග් මේ ගැන හරිම සතුටෙන් මී හෝ එක්ක මේක සමරන්න හිතාගෙන එනකොට මගදී හේ ඉන් අක්කව මුණ ගැහුනනේ. ඇය කිව්ව දේවල් වලට දේ වුන්ග්ට හොඳටම අප්සට් ගිහින් බීලා ගෙදර යනවනේ. මේ අතර මී හෝ දේ වුන්ග් එනකම් මග බලාගෙන ඉන්නවනේ එයාට අලුත්ම ආරංචිය කියන්න. දේ වුන්ග් කණගාටුවෙන් ඉන්න නිසා, මී හෝ ට කියනවනේ එයාව දාලා යන්න කියලා.  ඉතින් මී හෝ දේ වුන්ග්ට ගොඩක් කැමති නිසා ඇය තීරණය කරනවනේ දේ වුන්ග්ගෙන් ඈත්වෙලා යන්න. ඊට පස්සෙ දේ වුන්ග් උදේ නැගිටලා බලනකොට මී හෝ නැති නිසා එයා ගොඩක් පුදුම වුනානේ.

ඉතින් එහෙනම් අපි බලමු 5 වෙනි කොටසේ මොනාද වෙන්නෙ කියලා.

කොහොමහරි දේ වුන්ග් දැන ගන්නවා මී හෝ යන්න ගිහිල්ලා තමයි කියලා. මේ නිසා දේ වුන්ග් හරිම සතුටෙන් ආපහු ගෙදර යනවා. ඒ වුනත් ටිකක් වෙලා යනකොට දේ වුන්ග්ට පාළුවක් වගේ දැනෙන්න ගන්නවා, නිකන් තමන්ගේ ඇඟෙන් මොකක්හරි දෙයක් අඩු වුනා වගේ. මේ අතරේදී දේ වුන්ග්ව පරික්ෂා කරලා බලන වෛද්‍යවරයෙක් කියනවා දේ වුන්ග් කලින් ලොකු අනතුරකට මුහුණ දීලා තියෙන නිසා ඇක්ෂන් ෆිල්ම් වල රඟපාන එක අවදානම් කියලා. ඒත් ඉතින් මේ ෆිල්ම් එකේ රඟපානවා කියන්නෙ දේ වුන්ග්ගේ හීනයක්නේ. ඔහුට තේරුම් යනවා තමන් මෙච්චර දවස් හොඳට හිටියේ මී හෝ නිසා තමයි කියලා. ඒ වගේම මේ ෆිල්ම් එකේ රඟපාන්න නම් මී හෝ ව හොයාගන්න ඕනේ කියලා. කොහොමහරි ඔහුට මතක් වෙනවා තමන් යන්න කිව්ව හින්දා තමයි මී හෝ යන්න ගියේ කියලා. මී හෝ ත්, දේ වුන්ග් නැතුව ගොඩක් දුකෙන් තමයි ඉන්නෙ. එයාට ඕනේ දැන් මනුෂ්‍යයෙක් වෙන්නනේ. ඒකට දේ වුන්ග් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා ඇය හිතනවා. ඉතින් ආපහු මේ දෙන්නව හම්බවෙයිද? එහෙනම් 5 වෙනි කොටස බලලම ඉන්නකෝ.

නැවත 6 වෙනි කොටසත් එක්ක මුණගැහෙමු….!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

4,192 downloadsDownload MGIAG-S01E05.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,192 downloadsDownload Subtitles32 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.