Watch Trailer

Amazon (1999) E01 Sinhala Subtitles | ඇමසන් වනයට කඩා වැටෙන ඇමරිකානු මගී ගුවන් යානය [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන්, මම හිතනවා මේ සීරිස් එක බයිස්කෝප් සයිට් එකේ හෝම් පේජ් එකේ ඔයාලා දැකපු ගමන් ක්ලික් කරලා මෙතනට එන්න ඇති කියලා. අපේ පොඩි කාලේ තවත් එක සුන්දරම මතකයක් වෙන සීරිස් එකක් නේද මේක?? මට මතක විදියට නම් මම මේක බැලුවේ 2002 හරි 2003 හරි ITN එකේ මේක ගියේ. අපේ ගෙදර තිබුණු පොඩි Sony CRT TV එකෙන් මේක බැලුවේ. කොහොමහරි සම්පූර්ණ සීරිස් එක බලන්න හම්බවුනේ නෑ, ගොඩක් එපිසෝඩ් මිස් වුණා, බොහොම අතරින් පතර තමා බැලුවේ :( මේක මුලින්ම ලංකාවේ විකාශය කරේ කවද්ද කියලා කවුරුහරි දන්නවා නම් පහළින් කමෙන්ට් එකක් දාන්න. අනේ මන්දා මේක ITN එකේ ආයේ විකාශය කරේ නැත්තේ ඇයි කියලා.

1

මේ කතා මාලාවේ කොටස් 22ක් තියනවා. මේවා මුලින්ම විකාශය වුණේ 1999 සහ 2000 අවුරුදු අතර කාලයේදියි.ඒ වගේම මේ කතාවේ පැය දෙකක "පයිලට්" (පූර්විකා) කොටස පදනම් කරගෙන රොබ් මැක්ග්‍රෙගර් විසින් නවකතාවක් ලියලා තිබුණා. ඒ පොත 2000 අගෝස්තු 8 වැනිදා Harper ප්‍රකාශන ආයතනය මගින් වෙළඳපොළට නිකුත් කරලා තියනවා.

මේකට සිංහල උපසිරැසි කරන්න මට අදහස ආවේ 2015 අවුරුද්දේ. මට එකපාරටම මේ සීරිස් එක මතක් වෙලා ටොරෙන්ට් එකක් හොයන්න ගත්තා. බඩු හොයාගන්න බැරි වුණා. පස්සේ YouTube එකේ තිබුණා. නමුත් Part විදියට කඩපු සීන් එකක් තිබුණේ. මොකද මේක upload කරලා තියෙන්නේ 2011. ඒ කාලේ YouTube එකේ විනාඩි 11ට වඩා වැඩි වීඩියෝ upload කරන්න බැරි කේස් එකක් තිබුනා.

සාමාන්‍ය‍යෙන් මේකේ එපිසෝඩ් එකක් විනාඩි 40ක වගේ කාලයක් යන්නේ. YouTube එකේ Part විදියට කඩපු පිටපත ගත්තු නිසා මම මේකේ උපසිරැසි ගොනුත් Part විදියට හැදුවේ. ඉතින් ඔයාලා මේ සීරිස් එක ඩවුන්ලෝඩ් කරගද්දි YouTube එකේ Part විදියට කඩපු ඒ ටිකම අරගන්න. කොලිටිය ඉතින් එච්චර අවුලක් නෑ, 360p වගේ තමයි තියෙන්නේ.

Capture

මේ සීරිස් එකට උපසිරැසි මම හදපු විදිය ගැන කතා කරොත් නම් ඒක මගේ හොඳ පණ යාමක්. සෑහෙන්න මහන්සියක් වෙන්න වුණා මේකට. ඉංග්‍රීසි උපසිරැසි ගොනු මේ සීරිස් එකට කොහෙවත් හදලා තිබුනේ නෑ. ඉතින් මටම තමා මේකේ සේරම එපිසෝඩ් වල කතා කරන හඬට සවන් දීලා ලයින් එකෙන් ලයින් එක timing හිටං ගහගෙන කරන්න වුනේ. 2018 අවුරුද්දේ තමයි පළවෙනි එපිසෝඩ් එක කරන්න අරන් වැඩේට මුල්ගල තිබ්බේ. කොහොමහරි එපිසෝඩ් 7ක් වගේ කරලා මම දමලා ගහලා නිකන් හිටියා. මොකද මේ ටිකම කරන්න වෙච්ච මහන්සිය හොඳටෝම වැඩියි. දැන් 2019 අවුරුද්ද, ආසාවට මේක කරන්න ගත්තට බැහැයි කියලා මට හිතුනා. පස්සේ 2025 මේකේ මම කරලා අතඇරපු උපසිරැසි ගොනු ටික දැකලා කොහොමහරි ආයේ වැඩේ කරනවා කියලා හිතාගත්තා. මේ කාලේ AI හිටං ඇවිල්ලනේ, මම හිතුවා කාලරාමු ටික AI වලින් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒ වැඩෙත් හරිගියේ නෑ :( පස්සේ සුපුරුදු විදියට මමම එක දිගටම මහන්සිය නොබලා වැඩේ කරගෙන ගියා. හරියට ඇහෙන්නේ නැති වචන ආයේ ආයේ අහලා ගැළපෙන නියම වචන උවමනා තැන් වලට දුන්නා. කතාවේ රසය නැතිවෙන්න වග බලාගන්න මම උපරිම මහන්සියෙන් මේකට නිවැරදිම සුදුසු වචන යෙදුවා.

මම බයිස්කෝප් එකෙන් මේක කරන්නද කියලා බාරගත්තේ 2026 මාර්.තු වල ;) ඒ වෙද්දි මම මුළු සීරිස් එකම කරලා ඉවරයි, ලිපි ටික විතරක් ලියලා නෑ. මෙහෙම මම කරේ අර 2018 වැඩේ කරන්න ගත්තට මට ශුවර් එකක් තිබුණේ නැති නිසයි. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ උණුවෙන් හොඳ තේ කෝප්පයකුත් හදාගෙන මාරි බිස්කට් එකකුත් තේකේ පොගවගෙන සීරිස් එක බලන්න ගන්න ;)

මේ සීරිස් එක ගැන ජීවිතේට අහලා නැති අයට මේකේ කතාව ගැන 
කෙටියෙන් ස්පොයිල් නොවෙන්න මම දැන් කියන්නම්,

මේ කතාව ගෙතිලා තියෙන්නේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට කඩා වැටුණු ගුවන් යානයකින් බේරුණු හය දෙනෙක් වටායි. මෙයාලට මුලින්ම මුණගැහෙන්නේ ගොඩක් දරුණු, ආගන්තුකයන්ට අකමැති "වනචාරී ගෝත්‍රික" කණ්ඩායමයි. පස්සේ මෙයාලව "වරම් ලැබූවෝ" කියලා හඳුන්වන අමුතුම ආගමික අභිරහස් ගෝත්‍රයක් විසින් බේරා ගන්නවා. මේ "වරම් ලැබූවෝ" කියන ගෝත්‍රිකයන් කියන්නේ 16 වැනි සියවසේ ඇමසන් වනයේ අතරමං වුණු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් පැවත එන පිරිසක්. හැබැයි මෙයාලා එක්ක පෑහෙන එකත් ලෙහෙසි වැඩක් වෙන්නේ නෑ.

2

කණ්ඩායමේ වැඩි පිරිසක් මේ අයගෙන් බේරිලා පැනලා යද්දී, එයාලට තවත් කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි මිනී මස් කන "දුරාචාරියෝ" කියන පිරිස. මේ ගෝත්‍රය මෙහෙයවන්නේ ප්‍රදේශයේ සියලුම ගෝත්‍ර තමන්ගේ යටතට ගන්න හදන පිස්සු වැටුණු කැනේඩියානු කාන්තාවක්.

"ඇත්තටම මේ අය බේරුණේ අහම්බෙන්ද? නැත්නම් මේ හැමදේම පිටුපස කවුරුහරි ඉන්නවද?"

අන්න ඒ කුතුහලය එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. කැලේ මැද අතරමං වුණු මේ අසරණ පිරිසට ආපහු ගෙදර යන්න පුළුවන් වෙයිද කියලා බලන්න නම් මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ සීරිස් එකක්.

3

රංගන ශිල්පීන්:

C. Thomas Howell - ඩොක්ටර් ඇලෙක්ස් කෙනඩි ලෙස
Carol Alt - කැරන් ඕල්ඩම් ලෙස
Fabiana Udenio - පියා ක්ලෙයාර් ලෙස
Chris Martin - ජිමී ස්ටැක් ලෙස
Rob Stewart - ඇන්ඩෲ ටැල්බට් ලෙස
Tyler Hynes - විල් බවර් ලෙස

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

UD Shehan

Platinum

View profile
Subtitles
234
Downloads
454.7K
Readers' rating
No reviews yet

Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Write a review of UD Shehan →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

13 comments

  1. Dan

    Sub tika ekapara denna

    Reply
  2. ඕෂද එරංග (Era Boy)

    මගේ මතකයේ හැටියට ඕක ගියේ 2003 වගේ වෙන්න ඕනේ. එතකොට මට අවුරුදු දෙකක් වගේ. මටත් ඔයා වගේම තමයි බලන්නත් උනේ. Anyway සබට ස්තුතියි.. ❤️🫶

    Reply
    1. UD Shehan

      ❤️❤️❤️

      Reply
  3. පිස්සු පුසා

    මුලින් කියපු හේතුව නිසාමයි ආවේ

    Reply
  4. නිශාන් සමීර

    සිංහල උපසිරසි වලට මේ තරම් මහන්සි වෙන එකට 🥰👉 ❤️❤️❤️
    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

    Reply
  5. Sohan Jayasooriya

    oya nam sirawatama pissek hode..me tharam mahansi wela sub ekak hadanawa kiyanne ithin.. eththatama pissek.. real waddek.. mama meka balana ekak nam nathi wei eth oyage mahansiya dekkama comment ekak dannama hithuna..

    Reply
    1. UD ShehanRank: PlatinumSubtitle author

      😉❤️

      Reply
  6. එල්. සී. ද මැල්Admin

    ස්තුතියි මේකෙ සබ් ගෙනාවට!

    Reply
  7. udara

    ෂුපිරි

    Reply
  8. Nightwing

    Hats off bn sub eka hadapu effort ekata

    Reply
    1. UD ShehanRank: PlatinumSubtitle author

      🙂❤️

      Reply
  9. ඉසුරු

    සුපිරි දැන් කොහොමද කොටස් ටික ඩවුන්ලෝඩ් කරන්නේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වැඩ කරන්නේ නෑනේ

    Reply
  10. isuru prabuddha

    මේ කතා මාලාව ගියේ 2002-2003 කාලේ සවස 6.00-6.30 සෙනසුරාදා දිනවල වගේ මතක ඒ කාලේ විදුලිය කප්පාදුවක් ගියපු නිසා අවසන් කොටස් කිහිපයක් බලන්න බැරි උනා. නැවත විකාශයක් ගියා මතක විදියට 2005-2006 වගේ බලන්න බැරි උන කොටස් කිහිපය නැවත විකාශයෙන් බලන්න පුලුවන් උනා.

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.