උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
පෙර කොටසින්...
කතාව පටන් ගන්නේ ඇමසන් වැසි වනාන්තරයට ඉහළින් පියාසර කරන මගී ගුවන් යානයකින්. නිවේදනයකින් මගීන්ට නිවේදනයක් කරනවා මේක "ලෝකයේ පෙණහල්ල" සහ "හරිත දේශය" කියලා. යානයේ ඉන්නේ විවිධාකාර මගීන්, සමහරු කැලේ ඉන්න කෘමීන්ට අකමැතියි, තවත් සමහරුන්ට ඕනේ මුහුදු වෙරළකට යන්න. මේ අතරේ 'පියා' සහ 'රෙනාටෝ' කියන යුවළ යානයේ පළමු පන්තියේ ගමන් කරනවා. සිඩ්නි කියන මගියා හොරෙන් පළමු පන්තියට රිංගන්න හැදුවත්, ගුවන් සේවිකාවන් මිනිහව ආපහු පිටිපස්සට යවනවා.

එකපාරටම යානය ලොකු අකුණු කුණාටුවකට මැදිවෙනවා. මේ අස්සේ යාන්ත්‍රික දෝෂයකුත් ඇතිවෙලා පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා. නියමුවා තැනිතලාවකට යානය ගොඩබාන්න උත්සාහ කළත්, ඒක සාර්ථක වෙන්නේ නෑ. කට්ටියගේ මරළතෝනි මැද්දේ යානය ඝන කැලේ මැදට කඩා වැටෙනවා.
යානය වැටිලා ටික වෙලාවකට පස්සේ හමුදා/මුදවාගැනීමේ කණ්ඩායමක් එතනට හෙලිකොප්ටර් වලින් එනවා. එයාලා ගණන් බලනවා මගීන් 111 දෙනෙක් මැරිලා, යානයේ පිටිපස්සේ හිටපු 9 දෙනෙකුත් අතුරුදහන් වෙලා කියලා. කර්නල් ඇතුළු මේ කණ්ඩායමට මිනිස්සු බේරගන්නවට වඩා ඕනේ කරන්නේ ඉක්මනට යානයේ 'කළු පෙට්ටිය' (Black box) හොයාගෙන එතනින් යන්න. මොකද කැලේ ඉන්න විෂ සහිත සත්තු සහ කෘමීන් නිසා එයාලට එතන ඉන්න එක අනතුරුදායකයි. මේ අතරේ මෙයාලට ගඟ ගාව වැටිලා හිටපු යානයේ එක්කෙනෙක්ව බාගෙට පණපිටින් හම්බවෙනවා. කළු පෙට්ටියත් හොයාගන්න මෙයාලා අනිත් අයව හොයන්නේ නැතුවම එතනින් යන්න යනවා.

මේ අතරේ යානයේ පසුපස කොටසේ හිටපු කිහිපදෙනෙකුට සිහිය එනවා. 'පියා' ට සිහිය ඇවිත් තමන්ගේ මහත්තයා රෙනාටෝව කැලේ හැමතැනම හොයනවා. මේ බේරුණු අය එකතු වෙලා කතා බහ කරද්දී, විල් කියන පොඩි ළමයගේ නළලේ අමුතු සලකුණක් කොටලා තියෙනවා මෙයාලා දකිනවා (ඒක කවුරු, කොයි වෙලේ කළාද කියලා කවුරුත් දන්නේ නෑ).
මෙයාලට තේරෙන ලොකුම සහ බයානකම දේ තමයි, අනතුරින් මැරුණු අයගේ කිසිම මළ සිරුරක් එතන නැති එක! කවුරුහරි ඒ සිරුරු සේරම අරන් ගිහින්. මුදවාගැනීමේ කණ්ඩායම කළු පෙට්ටියත් අරන් ගිහින් කියලා තේරුම් ගන්න මේ පිරිස, වෙන කරන්න දෙයක් නැති කමට යානය ළඟටම වෙලා ඉන්න තීරණය කරනවා.

මෙහෙම ඉන්නකොට එකපාරටම කැලේ ඇතුළෙන් අමුත්තෝ වගයක් මෙයාලා ඉස්සරහට එනවා. ඒ තමයි ඇමසන් කැලේ ජීවත් වෙන අමුතු ගෝත්‍රික ළමයි පිරිසක්. බේරුණු අය අතරින් හිටපු සිඩ්නි හෙවත් 'සූබී මාමා' කියන කෙනා මේ ළමයින්ට විහිළු කරමින් එයාලට බොන්න මත්පැන් දෙනවා. ඊටපස්සේ මිනිහා කැමරාව අරන් මේ ළමයින්ගේ ෆොටෝ එකක් ගහනවා. කැමරාවේ ෆ්ලෑෂ් එක වැදුණා විතරයි, එකපාරටම එක ගෝත්‍රික ළමයෙක් බයවෙලා විස කවපු හීයකින් සිඩ්නිට විදිනවා, මිනිහා එතනම මැරිලා වැටෙනවා.
මේක දැකලා හොඳටම බය වෙන අනිත් අය කෑගහගෙන කැලේ ඇතුළට දුවලා හැංගෙනවා. එයාලට තේරෙනවා මේ කැලේ ඉන්න එක කොච්චර භයානකද, ඒ වගේම එයාලා කොටුවෙලා ඉන්නේ කියලා. මේ වෙලාවේ එයාලට පිටත ලෝකයට පණිවිඩයක් යවන්න ඕනේ වෙනවා, ඒත් ජංගම දුරකථන වලට කිසිම සිග්නල් එකක් නෑ.

මේ නිසා 'විල්' කියන ළමයා තීරණය කරනවා උස ගහකට නැගලා සිග්නල් තියෙනවද කියලත්, කැලේ අවට තත්ත්වය කොහොමද කියලත් බලන්න. අනිත් අයගේ උදව්වෙන් විල් ගහ උඩටම නගිනවා. විල් ගහ මුදුනට ගියාට පස්සේ, පල්ලෙහා ඉන්න අය බයෙන් කෑගහලා අහනවා "විල්, ඔයාට මොනවද පේන්නේ?" කියලා.
ඉතින් ඒ කුතුහලය පිරුණු ප්‍රශ්නයත් එක්ක තමයි පළමු කොටස හරියටම ඉවර වෙන්නේ. එහෙනම් හෙට දෙවෙනි කොටස අරගෙන එනකන් ඉවසන් ඉන්න. මට පහළින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා ;)

- Ratings
- Reviews
- 0
- Subtitles
- 234
- Downloads
- 454.7K
- Readers' rating
- No reviews yet
Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Subtitles
- #David Oyelowo
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Rashida Jones
- #Rebecca Ferguson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
