උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හලෝ හැමෝටම මේ ගෙන්නලා තියෙන්නෙ බෙන් 10 සීසන් 3 එපිසෝඩ් 01ටයි 02ටයි සින්හල සබ් එක කලින් සීසන් එක බලලා ඉවර කරලා ඇති කියලා හිතනවා.තුන්වෙනි කතා සමය පටන් ගන්නෙම බෙන්ගේ පරණ වගේම දරුණුම හතුරෙක් වෙන විල්ගැක්ස්ගේ (Vilgax) නැවත පැමිණීමත් එක්කයි. හැබැයි මේ පාර විල්ගැක්ස් එන්නේ නිකන්ම නෙමෙයි; වෙනත් ග්‍රහලෝක දහයක හිටපු බලවත්ම වීරයන්ව පරාජය කරලා, ඒ හැමෝගෙම සුපිරි බලයන් තමන්ගේ ඇඟට උරාගෙන වෙනදටත් වඩා දස ගුණයකින් විතර ශක්තිමත් වෙලයි. මන්දාකිණි නීති මාලාවට අනුව පෘථිවියට එන විල්ගැක්ස්, පෘථිවියේ ඉරණම තීරණය කරන්න බෙන්ට ද්වන්ධ සටනකට අභියෝග කරනවා. මේ අතරේ හයිබ්රිඩ්ලගෙන් විශ්වය බේරගත්ත නිසා පොඩ්ඩක් ඔළුව උදුම්මගෙන ඉන්න බෙන්, මැක්ස් සීයා සහ අලුත් ප්ලම්බර්ස් කණ්ඩායම පවා විල්ගැක්ස් ඉස්සරහ පරාජය වුණාමයි තේරුම් ගන්නේ මේ පාර තමන්ට මුහුණ දෙන්න වෙලා තියෙන අභියෝගයේ බරපතලකම.
මේ තරම් බලවත් වුණු විල්ගැක්ස්ව පරද්දන්න නම් තමන්ටත් අමතර වාසියක් ඕන වෙන බව තේරුම් ගන්න බෙන් සහ කෙවින්, ඇස්මිත්ගේ (Azmuth) අනතුරු ඇඟවීම් පවා ගණන් නොගෙන බල ඔරලෝසුවේ (Omnitrix) ප්‍රධාන පාලන පද්ධතිය (Master Control) හැක් කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ වැඩේ හිතපු විදිහට සාර්ථක නොවී ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට කෙවින්ගේ ශරීරය තමන් අවශෝෂණය කරගන්න ද්‍රව්‍යවල එකතුවකින් හැදුණු විරූපී ස්වරූපයකට පත්වෙලා ආපහු සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බැරි විදිහට හිරවෙනවා. ඒ විතරක් නෙමෙයි, බල ඔරලෝසුවේ හිටපු "අකුණු කන්නා" (Chromastone), "චිලී" (Goop), "මකුළු වදුරා" (Spidermonkey) සහ "රතු දැවැන්ත අඟා" (Way Big) කියන පිටසක්වලයෝ හතර දෙනා ඔරලෝසුවෙන් ගැලවිලා පැනලා යනවා.
ඉතින් විල්ගැක්ස් එක්ක සටනට යන්න තියෙන පැය කිහිපය ඇතුළත, මේ පැනලා ගියපු පිටසක්වලයෝ ටික ආපහු ඔරලෝසුවට දාගන්න බෙන්ට, ගුවේන්ට සහ කෙවින්ට ලොකු මෙහෙයුමක් කරන්න සිද්ධ වෙනවා. මොකද පැය 24ක් ඇතුළත උන්ව ආපහු අල්ලගත්තේ නැත්නම් ඒ බලයන් බෙන්ට සදහටම නැතිවෙලා යනවා. බල ඔරලෝසුවත් හරියට වැඩ කරන්නේ නැති පසුබිමක, තමන්ගේ බලවත්ම පිටසක්වලයන් නැතුව බෙන් කොහොමද ලෝක දහයක බලය තියෙන විල්ගැක්ස්ට මුහුණ දෙන්නේ? ඒ වගේම කාලෙකින් දකින්න ලැබෙන පරණ පිටසක්වල යාළුවෙකුගේ උදව්වෙන් මේ මාරාන්තික සටන කොහොම විසඳෙයිද කියලා මේ කොටස් දෙකෙන් හරිම කුතුහලයෙන් බලාගන්න පුළුවන් එහෙනන් ඊලඟ එපිසොඩ් එක වෙනකන් ජය වේවා!
- Ratings
- Reviews
- 0
- Subtitles
- 36
- Downloads
- 25.2K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Ben 10 Sinhala Sub
- #Ben 10: Alien Force Season 2
- #Ben 10: Alien Force Season 2 Sinhala Sub
- #Ben 10: Alien Force Season 2 Sinhala Subtitles
- #Ben 10: Alien Force Sinhala Sub
2 comments
Nexzo

Omniverse ekata thmi sub one 😒