Watch Trailer

Amazon (1999) E05 Sinhala Subtitles | දෙවියන්ගේ මිනිසුන්ද මේ? [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

පෙර කොටසේ කතාව පටන් ගත්තේ අපේ කණ්ඩායම ගෝත්‍රිකයන්ගේ අත්අඩංගුවට පත්වෙලා බයෙන් ඉන්න දර්ශනයකින්. මේ ගෝත්‍රිකයෝ මිනීමස් කන අයද කියලා එයාලා කතා වෙනවා. ඒත් විල් කියනවා එයාගේ අම්මා කියලා තියෙන විදිහට, ඇත්තම මිනීමස් කන අය දැන් නෑ, එයාලා ධෛර්යය ගන්න රණකාමීන්ගේ හදවත් විතරයි කන්නේ කියලා. (විල්ගේ දෙමාපියන් ඇමසන් වනය ගැන විශේෂඥයන්) මේ අතරේ හෙලි ගහපු හිස්කබල් දැකලා කට්ටිය තවත් බය වෙනවා. ඒත් මෙයාලට එකපාරටම හම්බෙනවා සිඩ්නිව! පොර මැරිලා නෑ ;) පණපිටින් ඉන්නවා. සිඩ්නි ඉන්නේ කට්ටිය එයාව කැලේ මැද දාලා ගියපු එක ගැන ලොකු තරහකින්. ඒ වගේම, ඇන්ඩෘ දොස්තර මහත්තයා එක්ක වෙන කතබහක් දුරදිග ගිහිල්ලා තමන්ට ලියුකෙමියාව තියෙනවා කියන රහස හැමෝම ඉදිරියේ කියනවා. මේ අස්සේ ජිමී ගාව තියෙන නටන නිරුවත් ගෑනු ළමයෙක්ගේ පින්තූරයක් තියෙන පෑනක් වගේ එකකට ගෝත්‍රිකයෝ ආස වෙනවා. අන්තිමට ජිමීට තමන් ඩොලර් 40ක් දීලා ගත්තු හවායි ඇඳුම පවා ගෝත්‍රිකයන්ට දෙන්න සිද්ධ වෙනවා.


1 (4)


මේ ගෝත්‍රිකයන්ගේ නීතිය තමයි "ඇහැට ඇහැක්" කියන එක. ඒ කියන්නේ තමන්ගේ කෙනෙක්ව මැරුවොත්, ඒ වෙනුවට එයාලත් කෙනෙක්ව මරනවා. මෙයාලා කතා වෙනවා තමන් කාවවත් මැරුවේ නැති නිසා තමන්ට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. කට්ටියටම හරිම බඩගිනියි, ජිමීට එකපාරටම මාළු බදින සුවඳක් පවා දැනෙන්න ගන්නවා. බලද්දී ඒක හීනයක් නෙමෙයි, ගෝත්‍රිකයෝ මෙයාලට කන්න මාළු ඔළුවක් ගෙනත් දීලා. මේ අතරේ ඇන්ඩෘගේ රෝග ලක්ෂණ උත්සන්න වෙලා, ඇස් සුදු වෙලා මිනිහා ගොඩක් දුර්වල වෙනවා.

2 (4)


කට්ටිය බැඳලා දාලා ඉන්නකොට අමුතු සුදු ජාතිකයෙක් එතනට එනවා, මිනිහගේ නම ෆැල්කනර් ජෝන්. ෆැල්කනර් කියනවා ගෝත්‍රිකයෝ එයාලගේ මැරුණු සගයා වෙනුවෙන් අවසන් කටයුතු කරලා අද රෑට පිරිමි කෙනාව (ජිමීව) මරන්නයි යන්නේ කියලා. ෆැල්කනර් මෙයාලගෙන් අහනවා මෙයාලත් එක්ක ළමයෙක් ආවා නේද කියලා, මොකද ඒක ශුද්ධ වූ අනාවැකියක තියෙනවාලු. ඒ ළමයා දෙවියන්ගේ තෑග්ගක් කියලත්, මේ ගෝත්‍රිකයෝ අපායෙන් ආපු යක්ෂයෝ කියලත් ජෝන් කියනවා. ඔන්න ඔය වෙලාවෙම ඇන්ඩෘ මල්වෙඩි විදින තුවක්කුවකුත් අරගෙන කට්ටියව බේරගන්න එතනට කඩාපාත් වෙනවා. කට්ටියම එතනින් බේරිලා පැනලා දුවනවා.

3 (5)


පැනලා දුවන අස්සේ පියාව වතුරෙදි පිරානා මාළුන්ගේ හැපුම් කෑමකට ලක්වෙනවා. කොහොමහරි කට්ටිය බේරිලා ආවත්, පොඩි ළමයා, ඒ කියන්නේ විල්ව මගදි අතුරුදහන් වෙලා කියලා මෙයාලට තේරෙනවා. ෆැල්කනර් කියනවා ගෝත්‍රිකයෝ ළමයාට කරදරයක් කරන එකක් නෑ, පස්සේ ගිහින් ළමයාව බේරගමු කියලා. අන්තිමට ෆැල්කනර් කට්ටියව අරගෙන යනවා එයාගේ ජනාවාසයට, ඒ කියන්නේ "වරම් ලැබුවන්ගේ නගරයට." මේක දැක්කම මේ අය 1978 දී සියදිවි නසාගත්තු ජෝන්ස්ටවුන් (Jonestown) වගේ ආගමික අන්තවාදීන් පිරිසක් වෙන්න ඇති කියලා දොස්තර මහත්තයා සැක කරනවා.

4 (4)


මේ "වරම් ලැබුවන්ගේ නගරයේ" ඇත්තටම මොකද වෙන්නේ කියලා ඊළඟ කොටසේ අපිට බලන්න ලොකු කුතුහලයක් ඉතුරු කරලා කොටස අවසාන වෙනවා.

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

UD Shehan

Platinum

View profile
Subtitles
234
Downloads
454.7K
Readers' rating
No reviews yet

Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Write a review of UD Shehan →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.