Watch Trailer

Dollhouse (2025) Sinhala Subtitles | අද්භූත බෝනික්කාගේ වියරැව [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් හැමෝටම! අද මම අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණු, ජපාන් හොල්මන් චිත්‍රපටයක්. කලින් බලල තියෙන  සාමාන්‍ය හොල්මන් ෆිල්ම්වලට වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහේ කුතුහලය ඇතිකරන ෆිල්ම් එකක්. ආසියානු හොල්මන් ෆිල්ම් වලට කොහොමත් හොද ප්‍රතිචාර ලැබෙනවනෙ. ආසියානු Horror ෆිල්ම්වලට් ආස කරන අය අනිවාර්යයෙන්ම නරඹන්න ඕන සුපිරිම ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එක තමයි Dollhouse (2025). Shinobu Yaguchi අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Horror / Mystery / Psychological Thriller ගණයට තමයි අයිති වෙන්නේ. ප්‍රධාන චරිත පණ නඟන්නේ ජපන් සිනමාවේ දක්ෂ නළු නිළියන් වන Masami Nagasawa සහ Koji Seto විසින්. IMDb අගය 6.5ක්ද, Rotten Tomatoes අගය 100%ම ලබාගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා..

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්,

තමන්ගේ 5 හැවිරිදි දියණියගේ අවාසනාවන්ත මරණයෙන් පස්සේ දැඩි ලෙස මානසික පීඩාවෙන් පෙළෙන යෝෂී දවසක් අහම්බෙන් එයාලගෙ ගෙවල් හරියෙ තියෙන පරණ බඩු විකුණන පොළකටයනවා. ඊට පස්සෙ යෝෂිට තමන්ගේ මියගිය දියණියටම සමාන පෙනුමක් තියෙන අද්භූත බෝනික්කෙක් හම්බෙනවා. එයා ඒ බෝනික්කා මිලට අරගෙන ගෙදර ගෙනාවට පස්සේ, යෝෂිගේ දුක නැතිවී, ඇය සතුටින් කාලය ගත කරන්න පටන් ගන්නවා. හැබැයි, කාලයත් එක්ක යෝෂි සහ සුසුකිට (යෝෂිගෙ සැමියා) තවත් දරුවෙක් ලැබෙනවා, ඒත් එක්කම මෙයාලට අර බෝනික්කව අමතක වෙනවා. ඔන්න ඊට පස්සෙ තමයි වැඩේ පටන් ගන්නෙ, පස්සෙ
මේ ගෙදර අද්භූත භයානක සිදුවීම් මාලාවක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. කොච්චර මේ බෝනික්කා ගෙදරින් අයින් කරන්න හැදුවත් ආයෙ අයේ මේ බෝනික්කා එයාලා ළඟටම එනවා. 


මේ බෝනික්කාගේ ඇතුළේ සැඟවිලා තියෙන රහස මොකක්ද? මේ පවුලට මේ අද්භූත බෝනික්කගෙන් ගැලවීමක් ලැබෙයිද ? එහෙනම් ෆිල්ම් එක බලල රස විඳින්න..

තවත් උපසිරැසියකින් හමුවෙමු, 
හැමෝටම සුබ දවසක්!

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
8
Downloads
0
Readers' rating
No reviews yet

Write a review of A.I.Siriwardhana →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

1 comment

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස්

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.