උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
සෑහෙන කාලෙකට පස්සේ තවත් උපසිරසියක් අරගෙන තමයි මේ එන්නේ. වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන කියන්නම්කෝ. මේක 2024 අවුරුද්දේ ආපු 'Apocalypse Z: The Beginning of the End' ෆිල්ම් එකේ දෙවෙනි කොටස විදියට 2026 අවුරුද්දේ රිලීස් වුණ 'Apocalypse Z: New World' චිත්‍රපටය.
සොම්බි කතාවක් තමා මේකත්. TSJ කියන මාරාන්තික වෛරසය ලෝකේ පුරාම පැතිරිලා මිනිස්සු විකෘති වෙලා දරුණු විදියට එකිනෙකා හපාකන මෘගයෝ වගේ ජාතියක් බවට පත් වෙලා ඉන්න ලෝකයක් තමා මේකෙ තියෙන්නේ. මේ ව්‍යසනය නිසා මුළු යුරෝපයේම ඉතිරි වෙලා තියෙන එකම ආරක්ෂිත කලාපය බවට පත් වෙලා තියෙන්නේ කැනරි දූපත් විතරයි. ඉතින් මේ කතාවෙදි විශේෂ හමුදා කණ්ඩායමක් ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නගරයට යනවා අත්‍යවශ්‍ය කෑම බීම සහ සම්පත් හොයාගන්න අරමුණින්. හැබැයි මේ අවදානම් ගමනට රොබර්ටෝ කියන කෙනාත් එකතු වෙන්නේ ටිකක් සැක සහිත අරමුණක් හිතේ තියාගෙන.
මැඩ්‍රිඩ් නගරය කියන්නේ මේ වෙද්දි ආසාදිතයෝ දහස් ගණනකින් පිරිලා තියෙන මරණයේ නගරයක්. ඉතින් මේ කණ්ඩායමට එක පැත්තකින් මරන්න බැරි දහස් ගාණක් සොම්බියෝ එක්ක සටන් කරන ගමන්, අනිත් පැත්තෙන් තමන්ගේ කණ්ඩායම ඇතුළේ තියෙන ප්‍රශ්න, රහස් සහ විශ්වාසය බිඳවැටීම් වලිනුත් බේරිලා කොහොමහරි ජීවිතේ ගලවගන්න ලොකු ගේමක් දෙන්න වෙනවා. තමන්ගේ ජීවිතේ විතරක් බේරගන්නවද නැත්තම් මනුෂ්‍යත්වය වෙනුවෙන් අවදානමක් ගන්නවද කියලා මෙයාලට තීරණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අයට මේ මාරක ගමනෙන් බේරිලා එන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. සාමාන්‍ය සොම්බි කතාවකට වඩා සුපිරි ඇක්ෂන් ටිකකුත් මේකෙ තියෙනවා. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරසියකින් හමුවෙනතුරු සුභ දවසක්, ජය වේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 49
- Downloads
- 101.9K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
indika 75

thanks..