උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ඔන්න අද ගෙන එනවා අළුත්ම මලයාලම් කොමඩිය. මලයාලි සිනමාවෙ මැදිවිය ඉක්මවූ එහෙත් වයස් ගත නොවූ නළුවන් අතර මගේ ප්‍රියතම නළු යුගලය තමයි ජෝජු ජෝජ් සහ බිජු මෙනන්. ඔවුන් මොන චිත්‍රපටයක රඟ පෑවත් ඔවුන් තුල ඇති පෞර්ෂය මගින් එහි කැපී පෙනෙන්න ඔවුන් සමත් වෙනවා. මේ චිත්‍රපටයෙ ප්‍රධාන භූමිකාව රඟන්නේ බිජු මෙනන්.
මූලිකවම මේක තාත්ත කෙනෙකුයි පුත්තු දෙන්නෙකුයි අතර කතාවක්. මව මිය ගිය බේබදු නිකමෙක් වන තාත්තයි ඔහුගෙන් පිහිටක් නැති පුතුන් අතර සම්බන්ධය කෙසේ වෙයිද? අහන්නත් දෙයක්ද? ඒත් ඒක අවසානයේ මොන තත්වයකට හැරෙයිද? ඒ වගේම පරම්පරා දෙකක සහෝදර සම්බන්ධතා දෙකක් ගැනත් මේ චිත්‍රපටයෙ කියවෙනවා. ඉතිං සමස්ථ වශයෙන් පවුලක් තුල ඇති වෙන ප්‍රශ්ණ අභියෝග සහ ඒවාට මුහුණ දෙන ආකාරය සහ පවුලක ඇති වටිනා කම මෙයට පාදක වෙනවා.
බිජු මෙනන් සමග ශ්‍රීනාත් බාෂි, ඝනපති පෝඩුවාල්, ග්‍රේස් ඇන්තනි, පෝල් වල්සන්, ජෝන් ඇන්තනි, අකිලා භාගවන්, කොට්ටායම් නසීර් ඌර් වශී ඇතුළු දිගු ලැයිස්තුවක් මෙහි රඟපානවා. මේ කාලෙ කට්ටියට ලොකු ඇණයක් වෙලා ඉන්න විනේ ෆෝට් මේකෙ පට්ටම ඇණයක් වෙන චරිතයක් සුපිරියට රඟ පානවා. කුළුඳුලේ අධ්‍යක්ශණය කරන පුද්ගලයගෙ නම තම්බි.
එහෙනම් නිදහසේ බලන්න, නැවත හමු වෙමු
- Ratings
- Reviews
- 0
- Subtitles
- 361
- Downloads
- 1.6M
- Readers' rating
- No reviews yet

Subtitles
3 comments
Deshan

Sub ek set wena video quality ekath danna.