Watch Trailer

Amazon (1999) E04 Sinhala Subtitles | වනචාරීන්ගේ ගම්මානය [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

පෙර කොටසින්...

මේ එපිසෝඩ් එක පටන් ගන්නේ හරිම දුක හිතෙන විදියට. කලින් වුන සර්පයෙක් දෂ්ඨ කිරීමේ සිද්ධියකින් මාර්සෙල් මිය යනවා. කට්ටිය එයාගේ බඩු බාහිරාදිය බලද්දි එයාට පවුලක් ඉන්න බව දැනගන්න ලැබෙනවා. හැබැයි මේ කැලෑව ඇතුලේ මාර්සෙල් වගේ පළපුරුදු කෙනෙක් නැති එක කට්ටියට ලොකු බයක් ඇති කරනවා.


මාර්සෙල් මැරෙන වෙලාවේ වේදනාවෙන් කෑගහපු විදිහ සහ එයා සර්පයෙක් දෂ්ට කරලා මැරුණු විත්තිය පවුලේ අයට නොකියා ඉන්න කට්ටියම තීරණය කරනවා. මේ අතරේ, මුදවා ගැනීමේ කණ්ඩායම් එන්න කලින් යානය කඩා වැටුණු තැනට යන්න ඕනේ කියලා කට්ටිය අතරේ කතාබහක් ඇතිවෙනවා. ජිමී මේකට අවදානමක් ගන්න අකමැති වුණත්, දොස්තර තීරණය කරනවා ලයිටර් එකකුයි හෙල්ලෙකුයි අරගෙන තනියම හරි එතනට යන්න.



1 (3)

කැලේ ඇතුළේ දිවි ගලවාගන්න කෑම සහ ගින්දර හොයාගන්න එක මෙයාලට ලොකු අභියෝගයක් වෙනවා. ගස්වල කොටලා තියෙන මායිම් ලකුණු දැක්කම, තමන් ඉන්නේ වෙනත් ගෝත්‍රික කණ්ඩායමක දඩයම් භූමියක කියලා මෙයාලට තේරෙනවා. මේ ගමන අතරතුර, දොස්තර මහත්තයා එක්ක ඇන්ඩෘ තමන්ගේ ජීවිතේ ලොකු රහසක් හෙළි කරනවා. තමන්ට නිදන්ගත මයිලෝජන්ස් ලියුකෙමියාව කියන රෝගය තියෙනවා කියලා මිනිහා කියනවා. ඒ වගේම රෝගය පැතිරෙන්න කලින් තමන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව මාස 46ක් විතරයි කියලත් කියනවා. තමන් අවසාන සායනයට නොගිහින් මේ විදිහට ලෝකේ බලන්න ආවෙත් ඒ නිසයි කියනවා. 100කට වඩා මැරුණු අනතුරකින්, කොහොමත් මැරෙන්න ඉන්න තමන් බේරුණු එක ගැන මිනිහටම පුදුමයි. මේ අතරේ, ටාසන් වගේ කැලේට හුරු වුණු, ගස්වල තිබුණු මායිම් සලකුණම ඇඟේ තියෙන සුදු ජාතිකයෙකුත් මෙයාලා දකිනවා. පස්සේ මෙයාලව තවත් ගෝත්‍රිකයෝ කණ්ඩායමක් විසින් පන්නනවා. මේ අයගෙන් බේරෙන්න ගස් නගින්න පවා මෙයාලට සිද්ධ වෙනවා.



2 (3)

කතාවේ සංවේදීම හරිය පටන් ගන්නේ කට්ටියට හෙලිකොප්ටරයක සද්දයක් ඇහෙනකොටයි. "ඒ හෙලිකොප්ටරයක් මගේ යාළුවේ!" කියලා සතුටින් කෑගහන කට්ටිය, ඒක තමයි ජීවිතේ සතුටුම මොහොත කියලා හිතනවා. මෙයාලා පුළුවන් තරම් ඉක්මනට දර එකතු කරලා ලොකු ගින්නක් ගහලා සංඥාවක් දෙන්න උත්සාහ කරනවා. ඒත් කොච්චර කෑගැහුවත් උදව් ඉල්ලුවත්, හෙලිකොප්ටරේ ඉන්න අයට මෙයාලව පේන්නේ නෑ. යානයෙන් නිවේදනයක් ඇහෙනවා: "කවුරුන් හෝ පහළ සිටී නම් අපි දිවිගලවා ගත් අය සොයනවා" කියලා. විල්ට තේරෙනවා ඒ නිවේදනය කරන්නේ තමන්ගේ තාත්තා කියලා. ඒත් මෙයාලව නොදැකම හෙලිකොප්ටරේ යන්න යනවා.



3 (4)

යානය ගියාට පස්සේ එතන තිබුණු සමරු ඵලකයක් මෙයාලා දකිනවා. ඒකේ ගහලා තියෙනවා: "අප හැර ගිය පුංචි පුත්‍රයා වෙනුවෙන් විලියම් ස්කොට් බවර්, තෝමස් සහ සාරා බවර්ගේ ආදරණීය පුත්‍රයා. සදා මතකයේ රැඳේවා!"කියලා. ඇත්තටම ඒ යානය ඇවිත් තියෙන්නේ බේරුණු අයව හොයන්නම නෙමෙයි, විලියම් වෙනුවෙන් ස්මාරකයක් තියපු තැන පින්තූරයක් ගන්නයි. ඒ කියන්නේ ලෝකේ ඉන්න අය හිතාගෙන ඉන්නේ මෙයාලා ඔක්කොම මැරිලා කියලයි. කිසිම කෙනෙක් බේරිලා නෑ කියලා ලෝකයම හිතන එක, මේ කතාවේ දුක හිතෙනම අවසානයක් බවට පත්වෙනවා.



4 (3)

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

UD Shehan

Platinum

View profile
Subtitles
234
Downloads
454.7K
Readers' rating
No reviews yet

Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Write a review of UD Shehan →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.