ලයිලයි ජෝනුයි ආදරණිය විදියට ඉන්න වෙලාවක එයාලට නොහිතපු දේකට මුහුණ දෙන්න වුනා. එයාලා පාරේ ඇවිදගෙන යද්දි එකපාරටම ඇලන් එයාලා ලගට ඇවිත් මොකක් හරි වැදගත් දෙයක් කියන්න හැදුවා. ඒත් එයා ඒක කියන්න කලින් කට්ටියක් ඇවිත් ඇලන්ට වෙඩි තියලා මරලා දැම්මා. ඩිගල්ටත් තුවාල වුනා. හැබැයි ලොකු අමාරුවක් නෑ. ඒත් මේ කට්ටිය ක…
ලයිලයි ජෝනුයි ආදරණිය විදියට ඉන්න වෙලාවක එයාලට නොහිතපු දේකට මුහුණ දෙන්න වුනා. එයාලා පාරේ ඇවිදගෙන යද්දි එකපාරටම ඇලන් එයාලා ලගට ඇවිත් මොකක් හරි වැදගත් දෙයක් කියන්න හැදුවා. ඒත් එයා ඒක කියන්න කලින් කට්ටියක් ඇවිත් ඇලන්ට වෙඩි තියලා මරලා දැම්මා. ඩිගල්ටත් තුවාල වුනා. හැබැයි ලොකු අමාරුවක් නෑ. ඒත් මේ කට්ටිය කවුද කියලා කවුරුවත් දන්නේ නෑ. හැබැයි ගෝස්ට්ලා නෙවෙයි කියලා නම් කට්ටියට හොදටම ෂුවර්.
ඔය අතරේ ෆෙලසිටි ඉස්පිරිතාලයේ ඉදන් හොදවෙලා ගෙදර ආවා. හැබැයි එයාට ඇවිදින්න නම් බෑ. රෝද පුටුවේ තමයි දිගටම ඉන්න වෙන්නේ. ඒ වගේම එයාට තව බෙහෙත් බොන්නත් තියෙනවා. හැබැයි එයාට වැරදිලා පෙති 2ක් වෙනුවට පෙති තුනක් බීලා විකාර පේන්න පටන්ගත්තා. ඒ එයාගේ අතිත චරිතය ඇවිත් එයත් එක්ක කතා කරන්න පටන්ගත්තා. චැන්ගේ ප්‍රශ්නය විසදාගන්න ඩිගල් ලයිලා එක්ක ආර්ගස් එකට ගිහින් වොලර්ව මුණගැහිලා විස්තර වගයක් ගෙනාවා. ඒකෙ තියෙන විදියට එයාලා ෂැඩෝස්පයර් එකේ කට්ටියක්ලු. එතකොට අපිට දැනගන්න ලැබුනා ඩිගලුයි එයාගේ මල්ලියි ඇෆ්ගනිස්ථානයේ එකට වැඩ කරද්දි මේ ෂැඩෝස්පයර් එකට ඩිගල්ගේ මල්ලි සම්බන්ධ වෙලා ඉදලා තියෙනවා කියලා. මේකට නම් ඩිගල්ට ගොඩක් තරහා ගියා. හැබැයි ඇන්ඩි දැන් මේකට සම්බන්ධ නෑ කියලා කියන්නේ. ඒ වගේම එයා ෂැඩෝස්පයර්ලා ඉන්න පුලුවන් තැන ගැනත් කිවා. එතනට යද්දි නම් එයාලා පරක්කු වැඩියි ප්‍රාණඇපකාරයෝ මරලා දාලා ඉවරයි. එතනදි ඔලිවර් නූලෙන් කොටු නොවී බේරුනා. මේ සිද්දිය නිසා ඇන්ඩි ආර්ගස් එකේ ආරක්ෂාවට ගෙනාවා. ඇන්ඩි නම් කැමති මේ අයට උදව් කරන්න. හැබැයි කවුරුවත් එයා කියන දේ නම් ඇහුවේ නෑ.
ආර්ගස් එකට ෂැඩොස්පයර් එකේ ඊලග ඉලක්කය ගැන දැනගන්න ලැබිලා. ඉතින් ඒ ඉලක්කය වුන තුවක්කු තොගය තියෙන තැනට ඇරෝ ටිම් එක ගිහින් එයාලව අල්ලාගන්න බලාගෙන ඉන්නවා. හැබැයි මොකක් හරි අවුලක් නිසා එතනට කවුරුවත් ආවේ නෑ. ඒ වෙලාවේ තමයි ඇන්ඩි කියපු දේ ඇත්තක් වුනේ. මොකද ෂැඩෝ ස්පයර් එක ඇත්තටම ඉලක්ක කරලා තියෙන්නේ ආර්ගස් එක වටලන්නයි. ඒ වගේම එයාලා ඒක කලා. ඉතින් එයාලගේ ලොක්කා අමන්දාගෙන් රහසිගත විස්තර වගයක් ගැන අහනවා. හැබැයි ඉතින් එයා නම් ඒක කියන්න ලැස්ති වෙලා නෑ. ඒ වගේම ඒ ගොඩනැගිල්ලේ කොනක ඩිගලුයි ජෝනුයි ඉදලා මේක කැමරාවලින් දැකලා ඇරෝ ටිම් එකට දැනුම් දෙනවා. ඒ වගේම ෂැඩෝස්පයර් එකට ඕනි විස්තර කියන්න බැරි නිසා අමන්දාව මරලා දානවා. ආරක්ෂකයෝ ඇන්ඩිවත් ඒ වෙලාවේදි හොයාගන්නවා. ඒ වගේම ඇන්ඩි ඩිගල්ව බිල්ලට දිලා ලයිලාගෙන් එයාලට ඕනි විස්තර දැනගන්න හදනවා. ඉතින් ඩිගල්ව නැතිකරගන්න බැරි නිසා ලයිලා කෝඩ් එක දෙන්නයි හදන්නේ. ඒත් ෆෙලසිටි නිසා ලයිලාගේ කෝඩ් එක වැඩ කරන්නේ නෑ. ඉතින් ඒ මොහොතේ ඇන්ඩියි ඩිගලුයි මේ අයත් එක්ක සටන් කරනවා. ඒ වෙලාවේ ඇරෝ ටිම් එකත් මෙතනට ඇවිත් මෙයාලට උදව් වෙනවා.
අන්තිමේට කොහොම හරි මේ හැමදේම විසදිලා යනවා. අමන්දා වොලර් මැරෙනවා. ලයිලා බේරෙනවා. ෂැඩෝ ස්පයර් එකේ වැඩේ වරදිනවා වගේම. ඇන්ඩි ඩිගල්ගේ හිත දිනාගන්නවා. ඒ නිසාම ඇන්ඩිට ඩිගල්ගේ ගෙදරට එන්න පුලුවන් වෙනවා. එයාට පවුලේ කෙනෙක් වෙන්න මේක අවස්ථාවක් වෙනවා. හැමදේකටම පස්සේ ෆෙලසිටියි ඔලිවර්ගේ අතරේ තියෙන සම්බන්ධය තවත් වැඩි වෙනවා. ෆෙලසිටි එයාගේ අතිතය ගැන ඔලිවර්ට කියලා ඒ හැම අතිතයක්ම අමතක කරලා දානවා. ඒ වගේම ඔලිවර් ෆෙලසිටිට පොරොන්දු වෙනවා එයා කොහොම හරි ෆෙලසිටිගේ ලෙඩේ හොද කරනවා කියලා. . . ^_^ තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
198 MB (x265) කොපිය මෙතනින් බාගන්න
60C7A609525D11298A5BA92FE4E7023F8ADDBED8245 MB (x264) කොපිය මෙතනින් බාගන්න
566E9A99BB2EE3BA6F5DA4E4B0C75ED68839A2F2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
12,698 downloadsDownload Arrow-S04-E12.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
37 comments
නිලංක
Janira
Elama mcho! Ikmanata deelane!
මධුකප්‍රිය පෙරේරා
නියමයි සහෝ..මේ දීලා තියෙන්නේ ඉක්මනටම..
ලබන සතියෙත් මේ වගේ දෙමු.ඔබට ජය.
උපසිරසියට ස්තුතියි.lakmal
The Shannara Chronicles S01E06 saba naddo
Lahiru Ruwanga
thanks machoooo
Sanju Madhuwantha
thak u very much bro sub ekata
Charuka
ikmanata dunna ne.thank you very much
damitht
thanks macho
kalana
thanks bro..........
tfpdlco
thanks bro
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Kesara Nipun Avishka
Niyamai bro.. thanks
LEO
black sails season 3 eketh sinhala sub dennakoo
camra
තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
Kasun Upeksha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමුAmila Eranda
thank you
Asanka
Thank you very much brother.All the best!
lakshan
සබට ස්තුතියි මචං.
Sudheera
niyamai macho.. ohoma yan
Udaya (Sip-piyasa)
ඔය තියෙන්නේ නියමට මචං good job machan
Udaya (Sip-piyasa)
ඔය තියෙන්නේ නියමට මචං
Sajeevi
Thanks
harsha
නිදහස හොඳින් සමරලා තියන බව පේනවා. අපි වෙනුවෙන් කරන කැපකිරීමට ස්තූතියි සබ් එක ගත්තා ජයවේවා
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
IshanS.Max
එල එල සහෝ
තැන්කිවි සබි එකට
Hope
Thanks machan
vimukthi
උපසිරසියට ස්තුතියි.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Darshana
13 episode 1 nadda?
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement
![Arrow [S04 : E12] with Sinhala Subtitles | කැල්කියුලේටර්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Arrow-TV-S4P3.jpg)

එල මචං