කොහොමද ඉතිං කස්ටියට? හැමෝම හොදින් කියල හිතනව. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී කතාමාලාවේ 17 වැනි කොටසයි. ඉතිං මේ කොටස ගැන කියනව නම්, කැළයක ඇවිදිමින් සිටින අයෙකුට කරදරයකට පත්වී ඇතැයි සිතිය හැකි ගැහැණු ළමයෙක් යම් දෙයකින් පලායමින් සිටියදී හමු වෙනව. ඒ වගේම ඔහු ඇයට උදව් කිරීමට උත්සහ කළත් ඇය එයට ඉඩ…

කොහොමද ඉතිං කස්ටියට? හැමෝම හොදින් කියල හිතනව. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී කතාමාලාවේ 17 වැනි කොටසයි. ඉතිං මේ කොටස ගැන කියනව නම්, කැළයක ඇවිදිමින් සිටින අයෙකුට කරදරයකට පත්වී ඇතැයි සිතිය හැකි ගැහැණු ළමයෙක් යම් දෙයකින් පලායමින් සිටියදී හමු වෙනව. ඒ වගේම ඔහු ඇයට උදව් කිරීමට උත්සහ කළත් ඇය එයට ඉඩ දෙන්නෙ නැහැ. ඉතිං බුද්ධි අංශය සහ චිකාගෝ පොලිස් නිලධාරීන් ඇයව සෙවීම ආරම්භ කරනව. ඉතිං ලින්ඩ්සේ ට සහ ජේ ට කැළයේ තිබෙන කුඩා කැබින් එකක් හමු වෙනව. ඒ වගේම ඒ අසල තිබෙන බහාලුමක් තුළ ඇය දම්වැල් දමා බැද සිටියදී බුද්ධි අංශයට හමුවෙනවා.
ඒ වගේම පොලිස් නිලධාරීන් එම කැබින් එක අවට පරීක්ෂා කරන විටදී ඔවුන්ට වසර කිහිපයකට පෙර දී මිය ගිය තවත් මළසිරුරු දෙකක් හමු වෙනවා. ඒ ගැන පරීක්ෂණ කටයුතු කරන විට බුද්ධි අංශයට දැන ගැනීමට ලැබෙනවා මුලින් සොයාගත් ගැහැණු ළමයා සමග තවත් ගැහැණු ළමයෙක් පැහැරගෙන තිබෙන බව. ඉතිං මේ කොටසේ දැක ගැනීමට තියෙන්නේ පැහැරගත් අනෙක් ගැහැණු ළමයා සෙවීමට කරන පරීක්ෂණයක් ගැනයි. ඒ වගේම අවසානයේ නොසිතන පරිදි වෙනත්ම පැත්තකට කතාව යොමු වෙනවා. ඒ වගේ ඇඩම් සහ ඇට්වෝටර් ගැහැණු ළමයා සෙවීමට ගොස් පොඩි කරදරයකටත් පත් වෙනවා. ඒ වගේම ගැහැණු ළමයෙකුගේ ප්‍රශ්නයක් නිසා ජේ සහ ලින්ඩ්සේ අතර යම් ආරවුලකුත් ඇති වෙනවා. ඉතිං මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. එහෙනම් පුළුවන් ඉක්මණින් ඊළග කොටසින් හමුවෙමු.
සුබ දවසක්….!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E17.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
189 downloadsDownload Chicago-PD-S04E17.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
5 comments
ashan
Ravin
Thanks for the Sub
AWNCK
Thank you Very very much bro.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Advertisement



thanks sub ekata