Watch Trailer

Crossbones [S01 : E01] | යක්ෂයාගේ අඩවිය [සිංහල උපසිරැසි සමඟ]

Agents of Shield පළමු කතා සමයේ අවසානයත් සමඟම බොහේ දෙනාගෙන් ඉල්ලීම් ලැබුනා තවත් අලුත් කතා මාලාවකට උපසිරැසි ලබාදෙන්න කියලා. නමුත් අධ්‍යාපන කටයුතු වලට දැඩිසේ කාලය වැය කරන්න සිදු වෙලා තියෙන නිසා මම හිතුවා කතා මාලාවකට අතගහන එක ටිකක් අමාරු වෙයි කියලා. ඒත් ඉතින් කරුමේ කියන්නේ අපේ හසන්ත සහෝට පිං සිද්ද වෙන්…

crossbonesAgents of Shield පළමු කතා සමයේ අවසානයත් සමඟම බොහේ දෙනාගෙන් ඉල්ලීම් ලැබුනා තවත් අලුත් කතා මාලාවකට උපසිරැසි ලබාදෙන්න කියලා. නමුත් අධ්‍යාපන කටයුතු වලට දැඩිසේ කාලය වැය කරන්න සිදු වෙලා තියෙන නිසා මම හිතුවා කතා මාලාවකට අතගහන එක ටිකක් අමාරු වෙයි කියලා. ඒත් ඉතින් කරුමේ කියන්නේ අපේ හසන්ත සහෝට පිං සිද්ද වෙන්න (ස්තූතියි හොඳේ) ඔයාලා වෙනුවෙන් අකමැත්තෙන් 😉 හරි මේ කතා මාලාව අරගෙන එන්න මම බාරගත්තා. ඒ කිව්වේ බොහෝම කැමැත්තෙන් හරි.

මුලින්ම කියලා ඉන්නම් මේ කතා මාලාව මොකක්ද කියලා. NBC නාලිකාවෙන් 2014 මැයි 30 වන සිකුරාදා ඒ කියන්නේ අපේ වෙලාවෙන් ඊයේ පාන්දර ජාමේ මුලින්ම විකාශය වීම ආරම්භ කළ මේ කතා මාලාව නම් කරලා තියෙන්නේ Crossbones ලෙසට. ඔයාලට මතකනේ අපේ හසන්ත සහෝ උපසිරස ගන්වපු බ්ලැක් සේල්ස් කතා මාලාව. අන්න ඒ වගේ මුහුුදු කොල්ලකරුවෙක් වන, දැනගන්න ලැබුනු විදියට මුහුුදු කොල්ලකරුවන් අතර නම් දරාපු රාක්ෂයෙක් ලෙස හැඳින්වෙන බ්ලැක්බියර්ඩ් නම් කොල්ලකාර නායකයා වටා ගෙතුනු කතාවක් තමයි මේ. කතා මාලාවට පදනම වන්නේ Colin Woodard විසින් රචිත The Republic of Pirates ග්‍රන්ථයයි. කතා මාලාව ගැන වැඩි දුර තොරතුරු දැනගන්න පුළුවන් මෙතනින්.

දැන් කියන්නම් කතා මාලාව ආරම්භක කොටස ගැන විස්තරයක් කෙටියෙන්, නාවික බලයෙන් ලෝකයෙන් 1/5 ක පමණ ජනතාවක් තම ධජය යටතට ගන්නට සමත් වුන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට මහත් කරදරයක් වුන පුද්ගලයෙක් තමයි මේ බ්ලැක්බියර්ඩ්. ඉතින් රජු නියෝග කරනවා කාට හෝ හැකි නම් සාගරයේ ඕනෑම තැනක කිසිදු උපද්‍රවයකින් තොරව යාත්‍රා කිරීමට උපකාර වන උපකරණයක් නිපදවන ලෙස. ඒ උපකරණය බ්‍රිතාන්‍යය නාවිකයින් සතු වූ විට කිසිවෙකුට ඔවුන්ව නැවැත්විය නොහැකි වන නිසා. අද කොටස ආරම්භ වන්නේ එසේ නිර්මාණය කළ හෝරාමානය නම් උපකරණය රැගෙන යන බ්‍රිතාන්‍ය නැවට පහර දෙන බ්ලැක්බියර්ඩ්ගේ කොල්ලකරුවන්ගේ ප්‍රහාරයත් සමඟ. මේ උපකරණය සතුරන් අතට පත්වීම වැළැක්වීමටත් බ්ලැක්බියර්ඩ්ව ඝාතනය කිරීමටත් එක් නිළධාරියෙක් රහසේ ඒ නැවේ ගමන් කරනවා. ඔහු පෙනී හිටින්නේ ශල්‍යෙවෛද්‍යවරයෙක් විිදියට. ඉතින් අද කතාව ආරම්භ වන්නේ ඔන්න ඔය විදියට.

මේ කතා මාලාව කොටස් 10 කින් සමන්විත වන බවයි දැනට ආරංචි වන්නේ. රංගනයෙන් දායක වෙනවා John Malkovich (Blackbeard), Yasmine Al Massri (Selima), Richard Coyle (Tom Lowe), Claire Foy (Kate Balfour), David Hoflin (Charlie Rider), Tracy Ifeachr (Nenna), Chris Perfetti (Tim Fletch) යන රංගන ශිල්පීන්. පළමු කතාංගයෙන්ම කතාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න හැකිවේවි ඔයාලට. එහෙනම් ලබන සතියේ කොටසින් හමුවෙමු. ආ එක්කම කියන්න ඕන මේක විකාශය වෙන්නේ සෙනසුරාදා වුනාට මට උපසිරස ලබාදෙන්න වෙන්නේ නම් ඉරිදාට. ඒ ගැන අහිතක් හිතන්නේ නැති වෙයි කියලා හිතනවා. ජයම වේවා එහෙනම්..! එලස්ස්ස්……..

Crossbones (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 34e3282d5063008e4b4286725e629b6d9d50f1d7 310 MB කොපිය මෙතනින් බාගන්න f635b1cae11ee4cdbcfdd2e2af5af778f507fbfe 940 MB කොපිය මෙතනින් බාගන්න 5d0bd18f4321b396360d62d7543a505f0ccb49d7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,252 downloadsDownload Crossbones-S01E01.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles

2,252 downloadsDownload Subtitles90 KB

43 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  2. Dinesh

    onna ehenam bawa

    1. Watch 150mb TV Series

      tnks bros..

  3. Thanu

    Elaz, patta saho, thanx sub 1ta

  4. Sanjaya

    උපසිරැසියට ස්තූතියි.
    !!..ජය වේවා..!!

  5. dedunu- yatalamatta,

    නියමයි
    දිගටම සබ් දෙන්න !
    ජය වේවා !

  6. Tharindu Perera

    Elazz ahh....
    patta kathavak vagee...
    danma banava bn mekaa...
    thanksmachan sub ekatahh...

  7. jack

    නියමයි සහෝ..
    කියලා වැඩක් නෑ සුපිරි....

  8. LAKSHAN

    elaaaaaaaaaaaaaaaaaaaaaaa

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි සහෝ...
    කොහොමත් බලන්න එකක් නැතිව උන්නේ.....බ්ලැක් සෙල් වගේ පැස්ට කතාවක් වෙන්න ඇති..
    ඔය බ්ලැක්බීඩ් ගැන නම් පයිරට් ඔෆ් ද කැරිබියන් ෆිඋල්ම් එකෙන් හොඳහැටි අහලා තිබ්බා...
    එහෙනම් සහෝ මෙන්න මේක ගත්තා..
    බලමුකෝ නැගල යයිද කියලා..
    ජය වේවා..

  10. sampath

    Thanks Yasho.........

  11. වලාකුළ

    Thanks machan....

  12. me

    Thanks

  13. Gihan

    Sthuthiyi machn............

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  15. Ayesh

    Thank You. Walking Dead Ithuru Kotasa Amathaka Karannepa...

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි සහෝ...
    තවත් ටීඩී. සීරියස් එකක්..
    අනිවා බෑමක් තමයි ඉතින්...
    ඉත්රු කොටස් වලත් සබ් ඉක්මනට දෙමු...
    ජය වේවා...

  17. sarath

    thanks yasoda.

  18. “චූටී මල්ලි”

    මේ තියෙන්නෙ
    නියම භාන්ඩයක්
    එලනෙ ඉරිදට උනාට කමක් නෑ මචන්
    එල එල
    සබට තුති
    ඔබට ජය..............

  19. dinidu madushanka

    eela ela saho patta katawak wage jaya wewa

  20. Sujith

    ජයවේවා!! මේ තියෙන්නේ! :D

  21. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    the 100 ‍එ‍කත්‍ ‍අ‍ව‍සා‍න‍ය‍ට ‍ල‍ගා ‍වෙ‍මින්‍
    ‍ප‍ව‍ති‍න ‍නි‍සා ‍මේ ‍අ‍ලුත්‍‍ම ‍ක‍තා ‍මා‍ලා‍ව ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍කි‍සි ‍ප‍රක්‍‍කු‍වක්‍ ‍නො‍මැ‍ති‍ව ‍මේ ‍ක‍තා‍ව‍ට
    ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  22. Aditha Praween

    එළ නියම කතාවක් වගේ
    කොල්ලා ඉක්මනටම දාලානේ .
    දිගටම කරගෙන යමු .
    :D

  23. sameera

    elakiri machoooooo.mama mail kara meke sub danta kiyalaaaaaaaaa thanxxxxxxxxxxxxxxxxxxx a lottttttt,,,

  24. Prabhath

    Thanks machan. ela kathawak wenna athii

  25. Hansa

    බොහොම ස්තුතීයි සහෝ

  26. Keshan Wasala

    එල සහෝ මේක දෙයි කියලා හිතුවේ නෑ ..ඔන්න එහෙනම් බලනවා ... දැන් ගොඩක් කතා ඉවර නිසා මේකවත් බලනවා :D ගොඩක් ස්තුතියි :D

  27. නලින්

    ස්තුතියි ශ්‍රීමාල් සහෝ!

    මෙක නම් මැක්සා පාරක් වගේ

    ජය වේවා!

  28. RT Pramod

    එල.. අලුත් එකක්... :) දිගටම දෙමු සහෝ.. බා ගන්නවා එහෙනම් ඈ..

  29. bhanu

    pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.............tnx mchi...........

  30. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මේකත් එහෙනම් ඉක්මනටම අපිට ලැබෙන බව විශ්වාසයි. මෙන්න බානවා. ජය෴෴ :P :P

  31. හසන්ත

    ඔන්න එහෙනම් මමත් එකතු වෙනවා බලන ගොඩට. හැබැයි මේක බ්ලැක් සේල්ස් එකට වඩා වෙනස් කතාවක්. එකේ තරම් දරුණු දර්ශණ නැහැ. එකේ වෙන්නේ නැවක් පස්සෙන් එලවපු එක. මේකේ හෝරාමානයක්. බලමු බ්ලැක්බියර්ඩ් මරන්න පුළුවන් වෙයිද කියලා එන සතියෙදිවත්. ස්තුතියි යශෝධ මල්ලි සබ් එකට. ජය වේවා!!

  32. #ChalinduDeshan (කිනා)

    සබ බෑවා මචං.
    වීඩියෝ එක කලින්ම බාගෙන තිබ්බේ.
    එල දිගටම දෙමු. ජයවේවා ඒනං!

  33. tharinda

    ela ela saho mekath ethin aye patta pata pata ekak wenna athi....

  34. shani

    thanks

  35. dilan k

    niyamai niyamai hoda ekkak wage

  36. buggycart

    penny dreadful dhaannako!!!

  37. දසන් බුද්ධික

    නියමයි නියමයි ඔන්න් ගත්තා... ජයවෙවාඅ...බොහොම තුති.....!!!

  38. Lahiru444

    mea banea gaman thank's mcn

  39. Imesh

    thnkz Sahoooo....Balama balamu kohomada kiyala...!!!!!

  40. nishshanka ruwan

    ස්තූතියි :)

  41. Ruwan

    නියමයි සහෝදරයා (Y) සුපිරි කතාවක්... සිංහලෙන් සබ් දෙන එකනම් මරු කොල්ලො, වැඩි වැඩියෙන් ලැබෙන්න ඔිනගග

  42. Chandika

    Thanks for subtitle

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.