Dabba Cartel Sinhala Subtitles පසුගිය පෙබරවාරි 28වෙනිදා ඉඳන් Netflix ඔස්සේ විකාශනය වෙන්න ගත්ත, එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම හින්දි කතාමාලාවක් තමයි මේ Dabba Cartel කියන්නේ. Crime|Drama ගණයට අයිති වෙන මේ කතාමාලාවේ විශේෂත්වය තමයි හින්දි, දෙමල, තෙලුඟු, මලයාලම්, මරාටි ඇතුළු හැම සිනමා ක්ෂේත්‍රයකටම අදා…

Dabba Cartel Sinhala Subtitles

පසුගිය පෙබරවාරි 28වෙනිදා ඉඳන් Netflix ඔස්සේ විකාශනය වෙන්න ගත්ත, එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම හින්දි කතාමාලාවක් තමයි මේ Dabba Cartel කියන්නේ. Crime|Drama ගණයට අයිති වෙන මේ කතාමාලාවේ විශේෂත්වය තමයි හින්දි, දෙමල, තෙලුඟු, මලයාලම්, මරාටි ඇතුළු හැම සිනමා ක්ෂේත්‍රයකටම අදාළ සුපිරිම නිළියෝ ටිකක් එක්කහු කරගෙන නිර්මාණය කරලා තියෙන එක. රංගනයෙන් Shabana Azmi, Jyotika, Shalini Pandey, Nimisha Sajayan, Anjali Anand, Sai Tamhankar වගේ සෙට් එකක් එකතු වෙන අතර IMDb අගය විදිහට 7.1ක හොඳ අගයක් වාර්තා කරලත් තියෙනවා. ඉතින් කොටස් 07කින් සමන්විත වෙන මේ කතාමාලාවේ අද මේ අරන් එන්නේ අවසාන කොටස. මේ දක්වා බලාගෙන ආපු අය දන්නවා මේ කෑම පෙට්ටි බිස්නස් එකේ පලහිලව්ව. මෙයාලගේ බිස්නස් එක අනිත් ඒවයින් වෙනස් වුණේ ඒ කෑම පෙට්ටිවල තිබ්බේ කෑම විතරක්ම නොවෙන නිසා. ඉතින් ඔය බිස්නස් එක ගිහින් ගිහින්, ජයටම නැගලා ගිහින් ආයෙම පල්ලම් බහිද්දි තමයි අන්තිමට කණ්ඩායමට එක්කහු වෙච්ච වරුණා විසින් අදහසක් ගෙනාවේ. ගොඩක් අභියෝග එක්කලා ඒ වැඩේ කරන්න අරන් වැඩිකල් නොයාම ඒ බිස්නස් එකේ දියුණුවෙන් දියුණුවට පත්වෙන්න මෙයාලට පුළුවන් වෙනවා. හැබැයි ඒත් එක්කම එයාලගේ පස්සෙන් පන්නන්න ගත්තේ හොඳ දේවල් විතරක්ම නෙමේ. ඒකනේ කියන්නේ, ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ. හැමදේම හරි කාලෙදි නවත්තන්න ඕන. ඇදන් ගියොත් අපිමයි විනාශ වෙන්නේ. නේද? හරි එහෙනම් මේ කාර්යයත් මෙතනින් ඉවර වෙනවා. වැඩ සිද්ධ වෙන හැටියට මේක දෙවන කතාසමයක් දක්වාම යාවි කියලත් හිතෙනවා. බලමු ඉතින් නේද? කොහොමහරි මේ වැඩේට මාව එක්කහු කරගත්තු සුභාෂිනී අක්කටත් ගොඩක් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් අලුත් වැඩකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම ජයෙන් ජයම වේවා.

Dabba Cartel Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

777 downloadsDownload Dabba-Cartel-S01E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

 

 

 

Dabba Cartel Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

777 downloadsDownload Subtitles27 KB

2 comments

  1. අචින්ත

    සුභාෂිණී අක්කට වගේම මයුරටත් බොහෝම ස්තුතියි...ඕගොල්ලො සබ් නොකරන්න මේක නොබැලෙන්න තිවුණ චාන්ස් එක වැඩියි..එහෙම වුණා නම් අපරාදෙ..✌️

  2. Buddhika laKMal

    ස්තූතියි මේ සීරිස්එක කම්ප්ලීට්කරල සබ් දුන්න හැමෝටම ස්තූතියි.........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.