Watch Trailer

Death Note AKA Desu nôto [S01 : E05 & E06] Sinhala Subtitles | කව්ද මේ L? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ තුන්වැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන. හරි.ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horro…

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ තුන්වැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන. හරි.ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ  Tv series එකේ නිෂ්පාදනය  කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා,  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .මරනවා කියන්නේ ඒක මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා.වැඩේ කියන්නේ ලයිට් ගේ තාත්තත් වැඩ කරන්නේ පොලිසියේ මේ අතරේ  පොලිසියෙන් පරික්ශනේ තොරතුරු ටිකක් පිටට යනවා මේක දැනගත්ත L පොලිසියට සම්බන්ද අයගේ පස්සෙන් FBI එකේ කට්ටියව දානවා,ලයිට් ගේ පස්සෙනුත් එනවා ශිනිගමි මේක දැනගෙන ලයිට්ට කියනවා ලයිට් මේ පස්සෙන් එන කෙනාගේ නම දැනගන්න එයාට උගුලක් අටවනවාඑකෙන් නම දැනගන්නවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව. දැන් තුන්වැනි කොටස ගැන කියන්නම් ඉස්සෙල්ල ලයිට් අටවපු උගුලෙන් ලයිට් හිතපු විදියටම ඒ ඒජන්ට්ගේ නම දැනගන්නවා ඉතින් අහන්නදෙයක් නෑ නේ කීරා එයාට ඕන නමක් දැනගත්ත කියන්නේ ඉවරයි කියන එකනේ,ඉතින් ලයිට් අර ඒජන්ට් ලවාම ජපානෙට ආපු ඔක්කොම ඒජන්ට්ලව මරනවා ඒකත් ගොඩක් ඉන්ටෙල්ජන්ට් විදියට කරන්නේ ඒ කරන හැටි තුන්වෙනි කොටසින්ම බලන්නකෝ.කොහොමහරි එකපාරටම ඔක්කොම FBI ඒජන්ට්ල මරුන කියලා L ට ආරංචි වෙනවා.මේක නිසා L තීරණය කරනවා පොලිසියත් එක්ක රහසිගතව මේ කේස් එක විසඳන්න ඉතින් පොලිසියෙන් තෝරගත්ත කට්ටියකට L ව මුණගැහෙන්න එන්න කියනවා මේ කට්ටියට ලයිට්ගේ තාත්තත් අතුලත් ඉතින් බලාගෙන යනකොට L මොනවගේ කෙනෙක් ද කියලා දැනගන්න ලැබෙයි.මේ අතරේ ලයිට්ට ගෑනු කෙනෙක් හම්බවෙනවා පස්සේ ලයිට් දැනගන්නවා කීරා ඒ කියන්නේ ලයිට් ගැන ගොඩක් රහස් දන්නවා කියලා කව්ද මේ ගෑනු කෙනා ?L මොනවගේ කෙනෙක්ද ? කියලා දැනගන්න මේක බලන එක ඔයාලටම බාරයි.  එහෙනම් අදට ආයුබෝවන් ආයෙත්  ඊළඟ කොටසින් හමුවෙමු .ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

8,301 downloadsDownload Death-Note-E05-E06.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,301 downloadsDownload Subtitles29 KB

15 comments

  1. Chanu mikhail

    thanks bro
    jaya...

    1. kaweesha kalyana

      ස්තුති සහෝ.

  2. KP7

    Sub Ekata Thanks Bro Digatama Subs Denna.. Ela.. Jaya.. <3 <3 <3

    1. kaweesha kalyana

      ස්තුති සහෝ.

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා ඉතා වටිනා සේවය වෙනුවෙන් .

    1. kaweesha kalyana

      ස්තුති සහෝ.

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. rihanakash521

    Thanx sub ekata macho Tokyo ghoul re season.2 sub Eka Deanne nadda site eken

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. podda

    thanks bro!!!

  8. Anonymous

    Thanks !

  9. Sasanka sathyajith

    Thanks for the sub

  10. Pavith Wijesooriya

    ස්තූතියි අයියේ සබ් එකට...

  11. sah

    ko meke thiyenne 5,6 episodes wala sub ne

  12. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.