Erased Season 01 Sinhala Subtitles ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙමින් කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය විශේ…
Erased Season 01 Sinhala Subtitles
ඇනිමෙ අතරේ Hidden Gem එකක් වෙමින් කාල තරණය තේමා කරගත් අභිරහස් ඇනිමෙ කතා මාලාවක් තමයි Boku dake ga inai machi හෙවත් Erased කියල කියන්නෙ. ඝාතනයක් වැලැක්වීම අරමුණු කරගනිමින් කිසිම යන්ත්‍රයක් හෝ උපකරණයක් රහිතව එක් වරම මිනිස් පෞරුෂය පමණක් කාල තරණය කිරීම එහි අනන්‍ය විශේෂත්වය වුනු ඒ කතාවේ 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. මේ වෙනකල් කතාව නරඹපු ඔයාට මේ කතාවේ තියෙන ත්‍රාසය කුතුහලය ඒ වගේම දැනෙන්න ඇති කියල මං හිතනවා. ඒ වගේම තමයි මේ අවසානය තවත් රසවත්. කතාව වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා.
අවසාන උත්සහය විදිහට තවත් වතාවක් කාල තරණය කරන්න අවස්ථාවක් ලැබුනු සතෝරු ෆුජිනුමා, පෙර පරිදිම තමන්ගේ සම වයස් මිතුරන්ව ඝාතන වීමෙන් වළක්වන්න වැඩ කරනවා. ඒ නිසා සතෝරුගෙ වැඩ ඝාතකයාට හැම අතින්ම කරදරයක් උනා. කොටින්ම සතෝරුට අනාගතය පේනවා වගේ දෙයක් තමයි ඝාතකයා හිතන්නෙ. අවසාන උත්සහයෙදි මේ හැම දේටම මුල් වුනු ඒ ඝාතකයා එක්කම එකම වාහනේක යන්නත් සතෝරුට සිද්ධ උනා. ඒ වගේම කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු කෙනෙක් වුනු ඒ ඝාතකයා, හැමදේම සතෝරුට හෙළි කරද්දි සතෝරුට මරණය අද්දරටත් යන්න සිද්ධ වුනා. වඩාත් උද්වේගකරම වගේම කුතුහලය වඩවන කොටසට තමයි මීළඟට එන්නෙ. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ?
අනාගතය හොඳින්ම දැනන් හිටපු සතෝරු ෆුජිනුමාට මීළඟට මොකක් වේවිද? ඝාතකයාට මොකක් වේවිද? සතෝරු ආපු අනාගත කාල රාමුවෙන් දැන් වැඩකට නෑ, මොකද ඝාතන කිහිපයක්ම සතෝරු වළක්වලා අනාගතය වෙනස් කරපු නිසා. කතාවේ අවසානය කොහොම වේවිද? ඉතින් ඒ වගේම ප්‍රශ්න ගොන්නක් එක්ක මේ කතා මාලාවේ අවසානයට ඔබව අරගෙන යාවි. ඒ අවසානයට යත්ම ත්‍රාසයේ කුතුහලයේ කිසිම අඩුවක් ඔබට දකින්න විඳින්න නොලැබේවි. ඒ වගේම ලැබිය යුතු හොඳම අවසානයකුත් කතාවට ලැබේවි. මනුෂ්‍යත්වයේ තවත් සැඟවුනු පැතිකඩක් පෙන්වන කතාවක් බවට මේ Boku dake ga inai machi හෙවත් Erased ඇනිමෙ කතා මාලාව හැඳින්විය යුතුමයි. එහෙනම් නරඹන්න මේ කාල තරණ කතා මාලාව. මේ අවසානයෙන් පස්සෙ තවත් ඇනිමෙ කතාවකින් හමුවෙනකල් හැමෝටම Happy Anime!
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Erased Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
498 downloadsDownload Erased-S01-E11-E12-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
6 comments
හශාන්
Chamod
Thanx saho sub ekata....supirima sereis ekak .... steins gate ekatath genn puluwnd...
සංජන චමෝද් වික්‍රමරත්න
මේක නම් මට මිස් වෙන්න ගිය ඇනිමෙ එකක්. ඇත්තෙන්ම සුපිරියක්.
දිගටම මේ වගේ ඇනිමෙ වලට සබ් දෙන්න කියල ඉල්ලනව.P.S.: කාටූන් කියල මිස් කරගන්න හොද නැති ඒව මේ.
Ishan Madusha
බොහොම ස්තූතියි.
Mahesh Chaminda
මග නවත්තලා දාපු vinland saga season 2 dennako
Sandaru Zoysa
Bro ඊගාවට Mob Psycho 100 දෙන්න ❤❤
Advertisement

Kaiju no 8 dennako brother