Watch Trailer

Sausage Party: Foodtopia [S02 : E05] Sinhala Subtitles | මිනිස්සු නැතුව අපිට පවතින්න බෑ [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින්… ජැක් නව ආහාර නගරේ රෝහලක ඉඳන් එකපාරටම ඇහැරෙනවා කොටස ආරම්භයේම. මෙතන ඉන්න කෑම වෛද්‍යවරු ජැක්ගේ රෝගී තත්ත්වයන් සියල්ලම පරීක්ෂා කර බලනවා. මෙතනදි ලොකු කාලයක ඉඳන් තිබුණු ජැක්ගේ කොන්දේ වේදනාවක් මේ කෑම වෛද්‍යවරු සුව කරනවා. ඉන්පස්සේ ෆ්‍රෑන්ක් මේ අලුත් ආ…

Sausage Party: Foodtopia Sinhala Subtitles

පෙර කොටසින්…

ජැක් නව ආහාර නගරේ රෝහලක ඉඳන් එකපාරටම ඇහැරෙනවා කොටස ආරම්භයේම. මෙතන ඉන්න කෑම වෛද්‍යවරු ජැක්ගේ රෝගී තත්ත්වයන් සියල්ලම පරීක්ෂා කර බලනවා. මෙතනදි ලොකු කාලයක ඉඳන් තිබුණු ජැක්ගේ කොන්දේ වේදනාවක් මේ කෑම වෛද්‍යවරු සුව කරනවා.

ඉන්පස්සේ ෆ්‍රෑන්ක් මේ අලුත් ආහාර නගරේ හැම තැනම ඇවිදලා බලනවා. මේක ගොඩක් දියුණු නගරයක් මෙහෙ කෑමයි මිනිස්සුයි එකට ජීවත් වෙනවා. මිනිසුන් කෑම වලට තමයි සේවය කරන්නේ. තව මෙයාලගේ දැනුමයි කුසලතායි නගරය දියුණු කරන්න යොදා ගන්නවා. රටකජු ඇටයක් විදියට මේ නගරයේ ඉන්නේ නායිකාව ෆ්‍රෑන්ක් ට පැහැදිලි කරනවා මිනිසුන්ගේ ශාරීරික හැකියාවන් සහ විශේෂ දැනුම නගරය දියුණු කිරීමට යොදාගන්න ආකාරය. උදාහරණ විදියට මිනිසුන් මේ කෑම බීම වලට වාහන පැදවීම, වෛද්‍ය සේවා සහ කියවීම උගන්වලා තියනවා.

ෆ්‍රෑන්ක් මේ නගරයේ සභාවේ සාමාජිකයෙකු විදියට පත්වෙනවා. ඒ වගේම සැමීට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හමුවීමේ අවස්ථාවක් ලැබෙනවා. බැරී තමන්ට ගැළපෙන දෙයක් හම්බවෙනකන් නගරයේ ඇවිදමින් ඉන්නවා. නගරයේ ඉන්න හැම කෑමකටම ශීතකරණ පහසුකම් ලබා දීලා තියෙන්නේ. මේකට “Fridge Row” කියලම වෙනම ප්‍රදේශයක් තියනවා. ට්‍රිෂ් ෆ්‍රෑන්ක්ටයි මෙයාගේ මිතුරන්ටයි වෙන වෙනම ශීතකරණත් ලබා දෙනවා.

 


ජැක් අවුරුදු ගණනාවකට පස්සේ පළවෙනි වතාවට පණ තියන මිනිස්සු ටිකක් දැකලා ගොඩක් පුදුම වෙලා සතුටින් මත්වෙනවා. කෑම විසින් මිනිහව දානවා මේ මිනිස්සු කණ්ඩායමත් එක්ක එකතු වෙලා පුහුණුවීම් වලට. මෙතනදි ජැක් ජිල් කියලා කාන්තාවක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා.

සැමී චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ඉදිරියේ තමන්ගෙම චිත්‍රපටයක් හදලා පෙන්වනවා. ඒක තමන්ගෙම ජීවිත කතාව පදනම් කරගත් චිත්‍රපටයක්. අධ්‍යක්ෂකවරු මේ චිත්‍රපටිය බොහොම ඉහළින්ම අගය කරනවා. මේ අතරෙම ෆ්‍රෑන්ක් කියවීම ඉගෙන ගනිමින් ඉන්නවා. මේ සඳහා මෙයා දැඩි උත්සාහයක යෙදෙමින් ඉන්නවා.

අන්තිමේ ජැක්, බෙරී සහ අනෙක් අය ඉන්ධන සොයමින් රෑ ගමනක් යනවා. මෙතනදි ජැක්, බෙරී කම්පනයට පත්වෙමින් දැනගන්නවා ඉන්ධන කියලා ඇත්තටම කියන්නේ කෑම වලට කියලා. මිනිස්සු මෙහෙම එළියට ගිහින් කෑම මරලා කන එක තමයි කරන්නේ. මේකටයි ඉන්ධන හොයන්න යන ගමන් කියලා කියන්නේ. මේ බරපතල අඳුරු අනාවරණයත් එක්ක ප්‍රශ්න මතු කරමින් කොටස මෙතනින් අවසන් වුණා.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

426 downloadsDownload Sausage-Party-Foodtopia-S02E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1All BT1Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

426 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං උපසිරැසියට

  2. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro..ithuru episode tike sub tikath ikmanata denna..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.