Watch Trailer

Fringe [S02 : E03] Sinhala Subtitles |ඔවුන්… [සිංහල උපසිරසි සමඟ]

දිනේශ් සොයුරාගේ ලිපිය මේ කොටසේ නම් වෙනමම සිදුවීම් පෙළක් තමයි පෙන්නන්නේ.නමුත් ලෝකයට තර්ජනයක් වී ඇති “ඔවුන්”කවුද කියන එක ගැනනම් අදහසක් ගන්න පුළුවන්.ඒවගේම ඔලිවියා ඩංහම් ගේ අසනීප තත්වය ක්‍රමයෙන් සුවවෙමින් ඇතිබවක් තමයි පෙන්න තියෙන්නේ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.. හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය Fringe කතා…


දිනේශ් සොයුරාගේ ලිපිය
මේ කොටසේ නම් වෙනමම සිදුවීම් පෙළක් තමයි පෙන්නන්නේ.නමුත් ලෝකයට තර්ජනයක් වී ඇති “ඔවුන්”කවුද කියන එක ගැනනම් අදහසක් ගන්න පුළුවන්.ඒවගේම ඔලිවියා ඩංහම් ගේ අසනීප තත්වය ක්‍රමයෙන් සුවවෙමින් ඇතිබවක් තමයි පෙන්න තියෙන්නේ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.. හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය
Fringe කතා මාලාවේ දෙවන සමයට සම්බන්ධ වෙන්න ඔන්න මටත් අවස්ථාවක් ලැබුනා. බය වෙන්නෙපා, සම්බන්ධ වෙනවා කිව්වේ රඟපාලා නම් නෙවෙයි, 😊 සිංහල උපසිරැසි ගන්වලා. හුඟ කාලෙක ඉදන්, ඇමරිකානු විද්‍යාත්මක කතා මාලාවකට උපසිරැසි ගන්වන්න මට තිබුන ආශාවක් තමයි මේ විදියට ඉෂ්ට වෙන්නේ. ආරම්භයම Imdb 8.4ක් වගේ සුපිරි අගයක් ගත්ත Fringe කතා මාලාවට එක්කාසු වෙන්න ලැබීම වාසනාවක් විදියට මට හිතෙනවා. දෙවන කතා සමයේ නම් කොටස් පහක් වගේ තමයි මම උපසිරැසි ගේන්නේ. බලමු, පුලුවන්කමක් ලැබුනොත් තවත් ඉදිරියට Fringe ඔස්සේ හමුවෙමු.කිව්වත් වගේ මගේ පළවෙනි ඇමරිකානු කතා මාලාවකට කරපු නිර්මාණයනේ, ඉතින් අඩුපාඩු තිබුනොත් සමාව අවසර. ඒ වගේම ප්‍රතිචාරයක් දක්වන්නත් අමතක කරන්නෙපා.

අද කොටස නම් කළේ ”මිනිස් බෝම්බය” නමින්. ගිල්ස්පී කියන පොලිස් නිලධාරියාට දුරකතන ඇමතුමක් එනවා. ඒ කතා කරන කෙනා කියනවා දුම්රිය ස්ථානයට ගිහින් එතනදි කලු කෝට් එකක් ඇදන් ඉන්න මනුස්සයෙක්ගේ අතේ තියන බ්‍රීෆ්කේස් එක ගේන්න කියලා. හරිම සාමාන්‍ය ඉල්ලීමක් නේද? බ්‍රීෆ්කේස් එක අතට ගන්න තැනට යනකම් හැමදේම සාමාන්‍ය විදියට වෙනවා. ඒත් ඒ එක්කම මිනිස් බෝම්බය සක්‍රිය වෙනවා. මොකක්ද මේ ම්නිස් බෝම්බේ, කොහොමද එහෙම වෙන්නේ, එකී, මෙකී, නොකී සියලු ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න එකයි මේ පාර Fringe කට්ටියට පැවරෙන්නේ. තවත් දෙයක්, අනතුර නිසා ඔලිවියාට කායික තුවාල වගේම මානසිකවත් බලපැමක් වෙලා තියන බව ඔයාලට පේන්න ඇති. ඉතින් නීනා ශාර්ප් ඒකට විසදුමක් විදියට ඔලිවියාට, සෑම් වේස් ව හඳුන්වලා දෙනවා. මේ අලුත් හාදයා මනෝ චිකිත්සකයෙකුත් නෙවෙයි. ඒ වගේම මෙයා ටිකක් අමුතු ජාතියේ කෙනෙක්. අපි බලමුකෝ මේ අමුතු හාදයා, ඔලිවියාව සනීප කරයිද කියලා.එහෙනම් තවත් කොටසකින් හමුවෙමු! සුබ දවසක්!

ඇඩ්මින් : මේ සඳහා උපසිරසිකරුවන් දෙදෙනෙක් උපසිරැසිය ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවෙන ලෙස දෙදෙනාගේම උපසිරසි මෙහි පලකර ඇත.    


 

 

3,860 downloadsDownload Fringe-2x03-1.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට සහ “හෙළිලි හේමමාලි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Previous BT1

All BT1

Next BT1

Subtitles

3,860 downloadsDownload Subtitles64 KB

20 comments

  1. Soori

    ස්තුතියි දිනේෂ් සහෝ සබට....
    සුබ දවසක් වේවා..!!

    1. tharindupht9

      torrent link iynko

  2. Virajcom

    පට්ට සහෝ.. ගොඩක් ස්තුතියි සබ් එකට... පුලුවන්නම්.. " The Good Doctor " එකෙත් සබ් දෙන්න බලන්න මේකෙන් පස්සෙ.. සුභ පැතුම් සහෝ..

  3. nalindaedna

    Thanks for both

  4. Udara Damith Dissanayaka

    දෙන්නටම ස්තුතියි
    ඊලග කොටසෙන් මුණගැහැමු

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho & sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Darshana Prasanga

    Good

  7. Emil Shamen

    ThankS.. For Both...

  8. kasun.ksc

    machan meka download karanna torrent seed thiyena site 1 kiyannako

  9. Dushan Tharuka

    Thank You.....Jaya wewa !!!

  10. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  11. Indika Priyashantha

    puluwannm menna me rip 1kata sub dennako
    (Fringe S02 BRRip 720p x264 PaHe)

  12. Chapa-anu

    Oya sub dipu hama korean drama ekakma balala tiye. Godak thanx. Tawath lassana korean drama ekakata sub denna yalu. Tnx

  13. Buddi

    Thanks...........

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. MARK_42

    Mchn sub akata thnkz,me series akatama sub diyan bro,kaleka idan fringe ake sub anakn idiye,

  16. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  17. chinthaka.max4

    thankx machan

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  19. Manu

    Godak Sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.