Watch Trailer

Game of Thrones [S4E05 – First of His Name] (18+)| අනාගත සැලසුම්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා පස්වෙනි කොටස. මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ මුල්ම කොටස් වල ඉඳන්ම බොහොම සට කපට තීක්ෂණ නුවණින් වැඩ කරන බේලිෂ් හෙවත් ලිට්ල් ෆින්ගර් ගැන අපේ තරිඳු සහෝ සිංහලෙන් කරන හඳුන්වා දීම මෙතනින් බලලම අද කොටස බැලුවොත් සෑහෙන කුමණ්ත්‍රණ ටිකක අරමුණ වැටහේවී. එහෙනම් අපි කෙළින්ම හැරෙමු පහුගිය කොටස…

game of thrones all men must die

හොඳයි මෙන්න ගෙනාවා පස්වෙනි කොටස. මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ මුල්ම කොටස් වල ඉඳන්ම බොහොම සට කපට තීක්ෂණ නුවණින් වැඩ කරන බේලිෂ් හෙවත් ලිට්ල් ෆින්ගර් ගැන අපේ තරිඳු සහෝ සිංහලෙන් කරන හඳුන්වා දීම මෙතනින් බලලම අද කොටස බැලුවොත් සෑහෙන කුමණ්ත්‍රණ ටිකක අරමුණ වැටහේවී. එහෙනම් අපි කෙළින්ම හැරෙමු පහුගිය කොටස දිහාට.

කිංග්ස් ලෑන්ඩින් වලදී බ්‍රොන්ගේ පෙළඹීම මත ට්රියන් බලන්න යන ජේමි ඔහුත් සමඟ ජොෆ්‍රීගේ මරණය ගැන කතා කරනවා. සර්සි තමාගේ මරණය මිස වෙන කිසිවක් බලාපොරොත්තු නොවෙන බව ට්රියන් පවසන විට ජේමි ඔහුට දැනුම් දෙනවා සන්සාව හොයාගන්න කාට නමුත් නයිට් පදවියක් සර්සි පිරිනමන බව නිවේදනය කරලා තියෙන බව. ඉන් පසුව ජේමි හට සර්සි දැනුම් දෙනවා අනාගත රජු වන ටෝමන් ගේ කාමරයට යොදා ඇති ආරක්ෂාව දෙගුණ කරන ලෙස. හැබැයි ඒ සියල්ල මැද්දේ හයිගාඩ්න් වෙත පිටත් වෙන තම ආච්චි වූ ඔලෙන්නා ආර්යාවගේ උපදෙස් මත, රහසේ ටොමන් ගේ හිත දිනාගැනීමට ඔහුගේ කාමරයට පිවිසීමට මාජරී සමත් වෙනවා. ඒ වගේම තමා ජොෆ්‍රීගේ මරණය ගැන ඔලෙන්නා කලින් දැන සිටි බව ඇඟවෙන පරදි ප්‍රකාශයකුත් ඇය කරනවා. පසුදින පාන්දර තමාට ලැබුණු වැලේරියන් අසිපත, අලුත් සන්නාහයක් මෙන්ම ට්රියන්ගේ අතවැසි පොඩ්‍රික් බ්‍රියෙන්නා හට බාර දී සන්සාව සොයාගෙන ඇයව ආරක්ෂා සහිත තැනකට යවන ලෙස පවසා ඇයව පිටත් කොට හරිනු ලබනවා.

මේ අතර මුහුදේ යාත්‍රා කරමින් සිටින නැවේ සිටින බේලිෂ් ගෙන් සන්සා අහනවා ඔවුන් යන්නෙ කොහාටද කියා. ඔහු පවසනවා සන්සාගේ නැන්දණිය වූ ලයිසාව විවාහ කර ගැනීම පිණිස එයිරි බලා යන බව. ඒ අතරම සන්සා බේලිෂ් හට ජොෆ්‍රීගේ ඝාතන හවුල් කරුවෙක් ලෙස චෝදනා කරනවා. ඔහු තම සෘජු හවුල් වීම ප්‍රතික්ෂේප කරන මුත් සර් ඩොන්ටෝස් ඇයට ලබා දුන් මාලයේ එක ගලක තිබුණේ විෂ බවත්, එය අඩුවූ බව ඇය නොදකින්න ඇති බවත් පවසනවා. ඒ වගේම තමාට බොහෝ දේපල ලැනිස්ටර්වරු ලබා දුන් නමුත් ඔවුන්ට වඩා වාසිදායක වූ අලුත් හවුල්කරුවන්ට ජොෆ්‍රීව ඉවත්කිරීමට අවශ්‍යතාව තිබුණු බවත් ඔහු පවසනවා.

මේ අතර උතුරේ කාසල් බ්ලැක් වලදී ජොන් ගේ වෛරක්කාර වැඩබලන ප්‍රධානි ඇලිසර් ත්‍රෝන් වෙත ජැනෝස් පවසනවා, අනාගතයේ ජෝන් ප්‍රධානියා වීම වැළැක්වීමට ක්‍රස්ටර්ස් කීප් වෙත ඔහුව යවා මරණයට පත්වීමට ඉඩ හරින ලෙස. ඒ අනුව ඒ ප්‍රහාරයට යෑමට කැමති අය ඉදිරිපත් වන ලෙස පවසන විටදි ඔවුන් අතරට අලුතෙන් බඳවා ගත් ලොකී ද එකතු වෙනවා. නමුත් ජෝන් නොදන්නවා වුවත් ඔහු මෙහි පැමිණ සිටින්නේ රූස් බෝල්ටන් ගේ අණ පරිදි බ්‍රෑන්, රිකොන් හා ජෝන් යන සියලු ස්ටාක් උරුමකරුවන් ඝාතනය කරන අරමුණෙන්.

මේ අතර පටු මුහුදට එහා මැරීන් නගරය අසල රැකවල් ලා සිටි ඩැනේරිස් අවසානයේ කැරැල්ලක් ඇති කොට නගරය අල්ලා ගැනීමට සමත් වෙනවා. ඒ වගේම එහි හාම්පුතුන් නගරයට එන හැම හැතැක්ම කණුවකට වහල් ළමුන් ඇණ ගැසුවා සේ හාම්පුතුන්වද ඇණ ගසා දැමීමට නියම කරනවා.

අවසාන වශයෙන් ප්‍රාකාරයෙන් පිටත ක්‍රස්ටර්ස් කීප් වෙත පැමිණෙන බ්‍රෑන් ඇතුළු පිරිවර සමර් ව නිදහස් කරගැනීමට පෙර එහි සිටින කැරලි කරුවන්ට අහුවෙනවා. ඒ වගේම ධවල ඇවිදින්නන් වෙත ලැබෙන අලුත් උපන් පිරිමි දරුවෙක්ගේ ඇස් ඔවුන්ගේ කෙනෙක් නිල් පාටට හරවනවා.

හොඳයි ඔතනින් තමා පහුගිය කොටස අවසාන වුණේ. එහෙනම් අදත් තව කුතුහලයෙන් පිරුණු කොටසක් ඔයාලට බාගන්න ඉඩ දෙනවා. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?304

 

 

Due to copyright issues, we do not provide any torrent links.

65,333 downloadsDownload GOT.S04.E05.Sinhala.zip148 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles

65,333 downloadsDownload Subtitles148 KB

89 comments

  1. Randy

    අම්මෝ මෙන්න කලින්ම දීලා. තැන්ක්ස් සහෝ

  2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, මෙන්න බඩු දීලා..
    යකෝ දෙනකම් ඉවසිල්ලක් නැතිව උන්නේ...
    තැන්ක්ස් මෙයා රොයිලි අයියා..
    මේ සේරටම වග කියන්න ඕනේ ඔයා..
    ඔයා දෙන නිසා තමයි මේ සේරම බලන්න ගත්තේ..
    හෝම්ලෑන්ඩ් එකෙන් පස්සේ බලන එලම කතාව....
    ජය වේවා..
    ඔන්න ගත්තා.

  3. Heshan

    ela saho

    1. watch150mbtvseries

      thanks bro..

  4. DilanH

    ගොඩක් ස්තුතියි ජයවේවා

  5. Era

    patta machan..ada kalinma deela..thnx.

  6. randika

    thanks machan ....

  7. Madushanka

    Thanks saho

  8. nuwan

    elama thamai machan thank you wewaaa.................!

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හදිස්සියට කොමන්ටුව දැම්මට මොකෝ, දැනුයි කියෙව්වේ ලිපිය..
    ලිපිය නම් මැක්සා රොයිලි අයියේ..
    කලින් කොටහේ නොතේරුණු තැනුත් මේ ලිපිය කියද්දී තේරුම් යනවා..
    මේ විදියට ලිපිය දෙන්න..
    ජය වේවා...

  10. lakshan

    thanx! brother...

    ayi parakku qyala baluwa....
    next eps ikmanatama dapan machang

  11. Neranji Sulakkana

    ජය වේවා!!!

  12. piyumals

    pattay thanks bro...

  13. dinidu madushanka

    ela ela saho jaya wewa

  14. Mahesh

    Thnx bro sub ekata......

  15. [chathura]

    jayen jayama wewa Royiloyooooo

  16. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ ,,දැම්ම බලනවා :D මන් බලන සුපිරිම කතාව ...

  17. Prabhath

    Thanks machooooooooo :D

  18. ~~ප්‍රශන්න~~

    maru maru mama damme balanna menna bole sub dala

  19. Sam

    sub ikmnata dunnata thnkss broo..//

  20. Nilanka

    ගොඩක් ස්තුතියි ජයවේවා

  21. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  22. #ChalinduDeshan (කිනා)

    හම්මේ. අද යන්තං දෙවෙනි කොටස බලාගත්තා. මෙන්න පහත් දීලා. :P ඕම දෙන්න එපා ඈ!
    ජයවේවා!

  23. theekshanax

    thanks royly aiya

  24. YASAS

    machan ela kiri. ikmanatama dunnoth thawath ela kiri

  25. Sisira Hegoda

    Thanks.

  26. දසුන් සුචරිත

    ස්තුතියි මචන්.

  27. සුළැඟිල්ලා

    :D සැකේට වගේ බැලුවෙ.. මෙන්න අද සදුදා රෑම දිලා.. :D

  28. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  29. SHEN

    Passe thanx karanna ennam apahu me paththe... dan meka balalama innam.. thanx !!!

  30. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අද කොට ආදිපාදතුමා පෙන්නුවේ නැතෝ....
    හෙන අවුල්..

  31. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  32. වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි

    රොයිලි තමයි දස්සයා. පසු ගිය වතාවේ ඩැනේරිස් ගේ වැකියක් තිබුනා. "මම අසාධාරණයට සමාවෙන් පිළිතුරු දෙන්නේ නැහැ, මම එයට පිළිතුරු දෙන්නේ සාධාරණයෙන්" මේ වගේ ඒවා ඇහෙන කොට තමයි, මේක ලියන කෙනා මොන තරම් දක්ෂද කියලා හිතෙන්නේ. (හැබැයි මේක මේ තරම් ඉක්මනින් ලස්සනට අනුවාදනය කරන රොයිලි තරම් නම් දක්ෂ නැහැ මම හිතන්නේ......) රොයිලි මලයණ්ඩි ජයෙන් ජය.

    1. Shan Vimukthi

      අනිවා නිලන්ත අයියේ
      ඒ වගේම ඔයත් එහෙම කෙනෙක් තමා :)

  33. herali

    අම්මෝ............. යන්තම් ඇති කලින්ම දාලා. පිංසිද්ද වේවා!!!!!!!!!!!!!!!!

  34. සමීර චතුරංග

    නියමයි රොයිලි අයියා..අද නම් මේ කොටස දුන්නු දවසෙම බැලුවා..බොහොම තුති..ආයිත් බ්‍රහස්පතින්දා රෙවලුෂන් එනකම් බලන් ඉන්නවා එහෙනම්,ජය වේවා.

  35. natasha

    oyata mara speedne ayya thanx oyalata wadi wadiyen sub denna labewa

  36. indika

    thnq :)

  37. dev

    bohoma stuti saho.......... .

  38. POPPY

    ubanam deiyek ahh....

  39. Iresh

    ela ela jaya wewa saho......

  40. Hasitha Shalika

    Thank you bro

  41. Isu DP

    Thankzzz Royly Sahoo Subata......
    Sathiyakata Sub 3k genwa kiynne Pattaine....

    Godak Aya Meka thawath Asawen Blanne Oya Sub dena Hinda... Oyage Sub Supirine...
    Puhunuwen Lath Palapuruddane..
    Revolution Iwar unhama Thawa Supiri 1k gemu...

    Digatama Demu..
    Jaya Wewa !!!! :-) :-)

  42. harsha

    එලද බ්‍රා අද විස්තරය නම් පට්ට පට පට ඔන්න එහෙනම් සබ් එක ගත්තා ස්තූතියි එහෙනම් අයිත් බ්‍රහස්පතින් දා මුන ගැහෙමු

  43. shani

    thanks

  44. චතුරංග සුරාජ්පෙරේරා

    Thanks bro :D

  45. හර්ෂ ලහිරු

    එලකිරි ජයවේවා රොයිලි :D :D

  46. Jagath

    thanks.

  47. “චූටී මල්ලි”

    මෙ තියෙන්නෙ
    සබ ඉටිකිරිස් වගෙ දිලා
    එලස් රොයිලි
    සබට තුති
    ඔබට ජය................

  48. හර්ෂණ

    කැත වැඩ කරනවනේ.. කලින් දීල..
    .
    .
    .
    හැමදාම මෙහෙම කැත වැඩ කරන්න සහෝ......

  49. nishee

    patta kolla thanks macho

  50. Shan Vimukthi

    මෙන්න දැන් සබ ගන්නවෝ....................................................

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.