මේ රැගෙන ආවේ නමවෙනි කොටස. ඒ වගේම අද කොටසින් DC කොමික් වල තියෙන තවත් චරිතයක් හඳුන්වා දෙනවා. එයා තමයි හාර්වි ඩෙන්ට්. එයා ගැන කෙටි විස්තරයක් ලිපිය අවසානයේ කියන්නම්. ඉතින් දැන් කියන්නම් කලින් කොටස සම්බන්ධව මූලික කරුණු ටිකක්. කලින් කොටසේ සිද්ධ උනේ රැකියා ලබාදෙන්න අමුතු ක්‍රමයක් අනුගමනය කරන ව්‍යවසායකයෙක්…
මේ රැගෙන ආවේ නමවෙනි කොටස. ඒ වගේම අද කොටසින් DC කොමික් වල තියෙන තවත් චරිතයක් හඳුන්වා දෙනවා. එයා තමයි හාර්වි ඩෙන්ට්. එයා ගැන කෙටි විස්තරයක් ලිපිය අවසානයේ කියන්නම්. ඉතින් දැන් කියන්නම් කලින් කොටස සම්බන්ධව මූලික කරුණු ටිකක්. කලින් කොටසේ සිද්ධ උනේ රැකියා ලබාදෙන්න අමුතු ක්‍රමයක් අනුගමනය කරන ව්‍යවසායකයෙක් ගැන. එයාගේ සේවකයන් ආයතනයට බඳවා ගැනීමේ අපූරු ක්‍රමය උනේ ද්වන්ද සටන්. එවැනි සටනකින් ජය ගන්න කෙනෙක්ට තමයි එයාගේ ආයතනයේ රැකියාව ලැබෙන්නේ. ඉතින් අවසානයේ ජිම් සහ හාර්වි දෙදෙනා සමත් උනා මේ අපූරු හාම්පුතාව යකඩ කූරු පිටිපස්සට කරවන්න.
අද කොටස ගැන කියනවා නම්, මම කලින් කිව්වා වගේම නව චරිතයක් එකතු වෙනවා. එයා නීතීඥයෙක්. දැනට කියවෙන හැටියට හොඳ ගුණ ගරුක යුක්ති සහගත පුද්ගලයෙක්. නමින් හාර්වි ඩෙන්ට්. එයාට තමයි වෙයින් ඝාතනයේ සැකකරුවන් හොයන්න ඇසින් දුටු සාක්ෂිය හෙවත් සෙලිනා කයිලිව බාර කරන්නේ. ඒ වගේම ගෝතම් හිරගේදරකින් නම ගිය අපරාධකරුවෙක් පැහැරගැන්නවා. මේ පැහැර ගැනීම තවත් දන්නා කියන කෙනෙකුගේ කුමන්ත්‍රණයක්. එහෙනම් ඔයාලට බාරයි අද කොටස. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!
හාර්වි ඩෙන්ට් ( Two Face )
අද කොටසේ හඳුන්වා දෙන චරිතය තමයි හාර්වි ඩෙන්ට්. මේ චරිතය මුලින්ම කරලියට පැමිණෙන්නේ රහස් පරීක්ෂක කොමික් කලාප අංක 66 දී. මේ කලාපය පල උනේ 1942 අගෝස්තු මාසයේදී. මුලින් මේ චරිතය යහපත් චරිතයක් වන අතර පසු කාලීනව දුෂ්ඨ චරිතයක් වෙනවා. මුලින් සහකාර දිස්ත්‍රික් නීතීඥයෙක් වශයෙන් කටයුතු කරන හාර්වි ඩෙන්ට් ජිම් ගෝර්ඩන්ගේ මිත්‍රයෙක්ද වෙනවා. බෘස් වෙයින්ගේ දෙමාපියන් ඝාතනය කිරීම සම්බන්ධ සැකකරුවන් සෙවීමේදී ඔහු ජිම් ගෝර්ඩන් හට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ඔහු පසු කාලීනව බෘස් වෙයින් බැට්මෑන් වූ පසු ඔහුගේද මිත්‍ර පාර්ශවයක් වෙනවා.
මේ චරිතය දුෂ්ඨ චරිතයක් බවට පත් වෙන්න හේතුව දොන් මැරෝනි. නඩු වාරයක් තුලදී ඔහුගේ මුහුණට විසිකරන ඇසිඩ් ප්‍රහාරයක් නිසා හාර්වි ඩෙන්ට්ගේ මුහුණ පාර්ශවික විකෘති වීමකට ලක් වෙනවා. එනම් එක පැත්තක් මනුෂ්‍ය ස්වභාවයක් ගන්නා අතර අනෙක් පැත්ත ඉතාමත් විකෘති දරුණු පෙනුමක් ආකාරයට පත් වෙනවා. මේ නිසා ඔහුව Two-Face නමැති අනුවර්ත නාමයෙන්ද හඳුන්වන්න පටන් ගන්නවා. හැබැයි මේ සිදුවීම මීට වෙනස් අකාරයකින් චිත්‍රපට වල දක්නට ලැබෙන්නේ. ඔහු යහපත් පුද්ගලයෙකුව සිටින කාලයේදී සැම විටම කාසියේ වාසිය උරගා බලා මිනිසුන්ට උදවු කරන්න පෙළඹී සිටිනවා. ඒ බව ඔයාලට අද කොටසින් දැකගන්න ලැබේවි. මේ කාසියේ දෙපැත්තම එක සමානයි. එත් මෙයාගේ මුහුණ විකෘති වීමත් සමඟ එයා ඒ ක්‍රමය යොදාගන්නවා දුෂ්ඨ වැඩ සඳහාත්.
කෙසේ වෙතත් හාර්වි ඩෙන්ට් හෙවත් ටු ෆේස් අවසානයේ බැට්මෑන්ගේ සතුරෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ චරිතය චිත්‍රපට තුලින් අපට දෙවරක් දෙදෙනෙක් සමීප කලා. ඒ මුලින් Tommy Lee Jones විසින් 1995 වසරේදී තිරගත වූ Batman Forever (1995) චිත්‍රපටයේදී. මෑතකදී ඒ චරිතය නැවත ප්‍රාණවත් කලේ Aaron Eckhart විසින්. ඒ ක්‍රිස්ටෝපර් නෝලාන් විසින් අධ්‍යක්ෂණය කල The Dark Knight (2008) චිත්‍රපටය තුලින්. එහි අවසානයේ ඔබ දකින මුහුණ විකෘති වූ පුද්ගලයා තමයි හාර්වි ඩෙන්ට් හෙවත් Two-Faces බවට පසුව පත්වෙන්නේ. පහත දැක්වෙන්නේ ඒ දෙදෙනා ඒ චරිතයට අනුව හැඩ ගැසුන ආකාරය සමඟ සත්‍ය කොමික් චරිතය අතර කර ඇති සංසන්දනයක්.
ඒවගේම හාර්වි ඩෙන්ට්ගේ මෙහෙමත් කියලා තියෙනවා,
“You either die a hero, or you live long enough to see yourself become the villain.”
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,565 downloadsDownload Gotham-S01E09.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
42 comments
Thanu
Deshan
අද මම මුලින්ම. :D
සබට ස්තූතියි සහෝAnushka
එළ නියමයි සහෝ...
yash
patta ahaaa digatama mekata sub denna
sajeevi
thanks
CyberJayn
Niyamai niyamai digatama me widiyata wisthara denna bro,Thanx
Ama
ස්තූතියි සහෝ!!!!!!!!!
නලින් පෙරේරා
ස්තුතියි හසන්ත අයියා! දෙනකල් බල බල උන්නේ..
ජය වේවා!
llaf
thanks hasa subata thuthi niyama wadak jaya wewa!!!!!
pasindu
thank you>>>>>
Sam
thnkss brooo...waiting for this...
amal
patta honde niyamai!!!!!!!!!!!!!!!!!
hamadama me wage ude pandarama gena kota comment nokara puluwanda
jaya wewa sahoooooooooooooooo####3
THISARU
patta tanX
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මූවිය මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා! එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
ෆිල්ම් එක නම් බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජයතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තොරතුරු ටිකනම් සුපිරියි
kanushka
Thanks bro
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Kushen
Sub ekata godak thanks saho :)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි හසෝ, මට මතකයි ඔය ඩයල් එක..
සුපිරි චරිතයක්..මේ පෝරම නේද බැට් මෑන් ට බාර වෙන්න කිව්වම මූ බැට් මෑන කියලා බාරවෙන්න හදන්නේ..
සුපිරිම පොරක්...
ජෝකර් කාරයා තමයි මට මතක විදියට පොරට විස දාන්නේ...
එහෙනම් කලින් කොටස් ටික තාම බලන්න උනේ න්හැ, වැඩ අධිකයි මෙයා...
අනිවා මේ දැන් කොටහ ගන්නවා..
ජය වේවා!!!
මේ අර දළඹුවොන්ගේ කතාවත් හොඳයිද?Jamson
Thanks buddy.. great work.
Geeth
Thankx hasantha saho. digatama yamu. obe pihita thama apata. jaya wewa
harshana
maarama watinawa. pehedili kireemanan niyamai. kathaawa balanda godak aasa hihenawa. sthuuthii ayye, ela......
Jayz Waniganeththi
Thanx mcho.. ada ikmantama. Keep it. Bs tc
Jayz Waniganeththi
Thanx saho.. mepara kalinma dunnata godak Thanx. Keep it. Vs
Mahesh
sub ekata thanx aaaaaa
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි හසන්ත සහෝ....!!!!
darshana
sub ekata thanks.good luck.
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි හසෝ සබ් එකට :D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න දැනුයි බාන්නේ. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල එලෝ
සබට තුති
ඔබට ජය............Ruchira
sub 1ට ස්තුතියි......
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!බිනාල්
අනේ මේක download වෙන්නේ නැනේ ඔයා දීලා තියෙන ලින්ක් 1කත් වැඩ කරනේ නැනේ.ටොරෙන්ට් බ්ලොක් කරලද??
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
sorry i'm late.
This is the time i'm downloading this now.Thnx for the sub.
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජයSanath Perera
thanks for sub bro.... ;)
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Advertisement
![Gotham [S01- E09] | හාර්වි ඩෙන්ට්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/GOTVSNEW3.jpg)


patta machn