Watch Trailer

Stuart Fails to Save the Universe [S01 : E10] Sinhala Subtitles | සුභ උපන්දිනයක් ! [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

පෙර කොටසින්...

කතාව පටන් ගන්නේ ස්ටුවර්ට්, ඩෙනිස්, බර්ට් සහ ක්‍රිප්කේ කියන අය කොමික් පොතක කවරයේ හිරවෙලා ඉන්නවා කියලා තේරුම් ගැනීමත් එක්කයි.

කයිල්, ට්‍රෙවර්ගෙන් අහනවා මොකද කරන්නේ කියලා. ට්‍රෙවර් කියනවා පොත විකුණන්න එපා කියලා මිසක් කියවන්න එපා කියලා නෑනේ කියලා. කයිල් කියනවා ඕක ආපහු තියන්න කියලා. ට්‍රෙවර් පොත ආපහු තිව්වම, ක්‍රිප්කේ කියනවා අපි තාම සැලැස්මක් එනකම් බලන් ඉන්නේ ස්ටුවර්ට් කියලා.ඩෙනිස් අහනවා අපිට මේක කළේ කවුද, කොහොමද කියලා? ස්ටුවර්ට් කියනවා මම හිතන්නේ මාව අර පිස්සු ආයතනයට දැම්ම කෙනෙක් වෙන්න ඇති කියලා. ඊටස්පස්සේ ඩෙනිස් දකිනවා බර්ට් නෑ කියලා. ස්ටුවර්ට් අහනවා එයා කොහෙද කියලා. බර්ට් කියනවා මම දෙවැනි පිටුවේ ඉන්නේ, ලොකු පින්තූරය තියෙන පැත්තට එන්න, ඔයාට මගහැරෙන්නේ නෑ කියලා.

ස්ටුවර්ට්, ඩෙනිස් සහ ක්‍රිප්කේ ඒ පිටුව දිගේ ඉදිරියට යද්දී, එයාලට තේරෙනවා ආපහු චලනය වෙන්න පුළුවන් කියලා. ඒත් එයාලව කොමික් එක ඇතුළටම තවත් ගෙනියනවා. ස්ටුවර්ට් කියනවා මේක හොඳයි මොකද කොමික් පොත් ගැන මට වඩා හොඳට දන්නේ කවුද? මගේ ළමා කාලය මාව මේ මොහොතට ගෙනාවා කියලා. ක්‍රිප්කේ කියනවා ඒක ඔප්පු කරන්න කියලා. ස්ටුවර්ට් කියනවා අපි ඉන්නේ ගෝතම් නගරයේ කියලා. බර්ට් අහනවා අපි බැට්මෑන්ව හොයාගන්න ඕනෙද, එයා අපිට උදව් කරයිද කියලා? ස්ටුවර්ට් කියනවා නෑ, සමහරවිට කොස්මික් ට්‍රෙඩ්මිල් (විශ්වීය දාවන යන්ත්‍රයට) අපිට උදව් කරන්න පුළුවන් වෙයි කියලා. ක්‍රිප්කේ අහනවා මොකක්ද ඒ කිව්වේ කියලා? ඩෙනිස් කියනවා ඒක තමයි ෆ්ලෑෂ්ට විශ්වයන් අතර ගමන් කරන්න උදව් කරන උපකරණය කියලා. බර්ට් අහනවා සුපර්මෑන්ව ගෙන්න ගන්නේ නැත්තේ ඇයි කියලා? ස්ටුවර්ට් කියනවා එයා ප්‍රධාන පෙළේ (A-list) කෙනෙක්, අපිට කොහොමවත් එාව ගෙන්නගන්න බෑ කියලා. ක්‍රිප්කේ අහනවා අපි මේ ෆ්ලෑෂ්ව හොයාගන්නේ කොහෙන්ද කියලා. ස්ටුවර්ට් කියනවා එයා ඉන්නේ සෙන්ට්‍රල් නගරයේ, ඒක කන්සාස් නගරය ආසන්නයේ වෙන්න ඕනේ කියලා. ක්‍රිප්කේ කියනවා එහෙනම් අපි ගුවන්තොටුපළක් හොයාගමු කියලා.

ගුවන්තොටුපළේදී, යානාව නඩත්තු ගැටළුවක් නිසා ප්‍රමාද වෙනවා. එයාලා ඉක්මනින් යානය ආපහු සූදානම් කරගත්තත්, කාර්ය මණ්ඩලයේ සේවා කාලය ඉවර වෙන නිසා අලුත් කණ්ඩායමක් එනකම් බලාගෙන ඉන්න වෙනවා. ක්‍රිප්කේ කියනවා අපි ඉන්නේ ක්‍රියාදාමයෙන් පිරිපුන් කොමික් පොතක, පැය ගණන් බලාගෙන ඉන්න එක කොහොමද ඇත්ත කතාවක් වෙන්නේ කියලා. ට්‍රෙවර් කියවන්නේ කණ්ඩායම ගුවන්තොටුපළේ වාඩිවෙලා ඉද්දී කයිල් සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන එක ගැනයි. ඊට පස්සේ එයා දකිනවා ස්ටුවර්ට්ලා කණ්ඩායම දැන් කවරයේ නෑ කියලා. එයා කයිල්ව ළඟට කතා කරලා ඒක කියනවා. කයිල් කියනවා මේක නරකයි, ඔයාට ඒක කියන්න බෑ කියලා. ට්‍රෙවර් කියනවා මට ඒක කියන්න අවශ්‍ය නෑ, එයා හැමදේම දන්නවා කියලා. තත්පර කිහිපයකට පසු, දැවැන්ත භ්‍රමණය වන ගෝලාකාර වස්තුවක් ඇවිත් ට්‍රෙවර්ව අළු කරලා දානවා. ඊට පස්සේ ඒ ගෝලය මිස්ටර් ෆ්‍රීස් කියන කෙනාට කියනවා කරන්න ඕන කුමක්ද කියලා එයා දන්නවා කියලා. මිස්ටර් ෆ්‍රීස් කවරයේ පෙනී සිට පිටුවෙන් ඉවතට ඇවිද යන ආකාරය පෙන්වනවා.

සෙන්ට්‍රල් නගරයේදී, ස්ටුවර්ට් සහ කණ්ඩායම කුලී රථයකට නැඟලා දකිනවා ගැරී තමයි මෙයාලගේ රියදුරා කියලා. ස්ටුවර්ට් එයාට කියනවා සෙන්ට්‍රල් නගරයේ පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණාගාරයට යන්න කියලා. තත්පර කිහිපයකට පසු, ෆ්ලෑෂ් වේගයෙන් පහුවෙලා යනවා. ස්ටුවර්ට් කියනවා එයා පසුපස යන්න කියලා. ගැරී කියනවා ඔයාට ඕන ෆ්ලෑෂ් පස්සේ යන්නද? මගේ ටැක්සියෙන් බැහැලා යන්න කියලා. ගැරී ටැක්සිය හරවාගෙන යන්න හදද්දීම, දැවැන්ත අයිස් ස්කන්ධයක් එයාගේ ටැක්සිය මතට වැටී එය තලා දමනවා. ෆ්‍රීස් ඇවිත් ස්ටුවර්ට්ලාට අයිස්වලින් පහර දෙන්න පටන් ගන්නවා. එයාලා ළඟ තිබුණු වාහන ගාල් කරන ස්ථානයකට දුවලා හැංගෙනවා. ෆ්‍රීස් එයාලට විශාල අයිස් බෝලයකින් පහර දෙන්න හදද්දී, ෆ්ලෑෂ් ඇවිත් ඒක නවත්වනවා. ෆ්‍රීස් දිගටම ෆ්ලෑෂ්ට පහර දෙද්දී ෆ්ලෑෂ් දුවලා යනවා, ස්ටුවර්ට්ලා හැංගිලා ඉන්නවා.

බර්ට් අහනවා ෆ්‍රීස් ඇයි අපිව මරන්න හදන්නේ කියලා? ස්ටුවර්ට් කියනවා ඒක වැදගත් නෑ, මේක සුපිරි ආරංචියක්, මොකද දැන් අපි පසුබිම් චරිත නෙවෙයි. ෆ්‍රීස් ආපු මොහොතේ ඉඳන් අපි ප්‍රධාන කතා මාලාවේ චරිත බවට පත්වුණා. ඒ කියන්නේ ෆ්ලෑෂ් අපිව හොයයි කියලා. ෆ්ලෑෂ් ඇවිත් ස්ටුවර්ට්ලාගෙන් අහනවා ඔයාලා හොඳින් ඉන්නවද කියලා. ස්ටුවර්ට් කියනවා අපි හොඳින්, හැබැයි අපි ඔයාව සම්බන්ධ කරගන්න ගොඩක් උත්සාහ කළා කියලා. ෆ්ලෑෂ් එතනින් පිටවෙලා යනවා.

එම දවසේම පස්වරුවේ, ස්ටුවර්ට් සහ කණ්ඩායම ෆ්ලෑෂ්ගේ ගෙදරට ගිහින් ඒමි ෆැරා ෆෝලර්ව හම්බවෙනවා. ස්ටුවර්ට් අහනවා ජේ ගැරික්ගේ පෙම්වතිය ජෝන් කොහෙද කියලා. ඒමි කියනවා ජෝන් එයාගේ කාරයෙන් පෝට්ලන්ඩ් වලට ගියා, මට උදව් කරන්න පුළුවන්ද කියලා. ටික වෙලාවකින් ජේ එවිත් අහනවා මොකද වෙන්නේ කියලා. ඩෙනිස් කියනවා අපි දන්නවා ඔයා තමයි ෆ්ලෑෂ් කියලා, අපිට ඔයාගේ උදව් අවශ්‍යයි කියලා. ජේ ඒක ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ.

ස්ටුවර්ට්ලා ජේට තමන්ගේ ගැටලුව කියලා කොස්මික් ට්‍රෙඩ්මිල් යන්ත්‍රය පාවිච්චි කරන්න දෙන්න කියලා ඉල්ලනවා. ඒමි කියනවා එයාලට ඒක පාවිච්චි කරන්න දෙන්න, මට ආපහු මගේ කාරය ගරාජයේ නවත්වන්න පුළුවන්නේ කියලා. ජේ කියනවා මගේ වේගය නැතුව එයාලට ඒක ක්‍රියාත්මක කරන්න බේ කියලා. ජේ කියනවා මම මේක කරනවා නම් මම ඇඳුම් මාරු කරගන්න ඕනේ කියලා. එයා රහස් අල්මාරිය අරිද්දී දකිනවා එයාගේ හිස්වැසුම නෑ කියලා. පස්සේ එයා ඒක ගරාජයෙන් පිටත ට්‍රෙඩ්මිල් එක ළඟ තිබී හොයාගන්නවා. ස්ටුවර්ට් අහනවා මේ යන්ත්‍රය වැඩ කරන්නේ කොහොමද කියලා. ෆ්ලෑෂ් කියනවා මම මේක අවශ්‍ය වේගයට ගත්තම, ඔයාලා හැඬල් එකෙන් අල්ලගන්න. ඔයාලා යන්න ඕන විශ්වයට ගියපු ගමන් අතහරින්න කියලා. ෆ්ලෑෂ් යන්ත්‍රය පණගන්වද්දිම, ෆ්‍රීස් ඇවිත් ගරාජයේ දොර කඩා දමනවා. එයා මුළු කණ්ඩායමටම වෙඩි තියන්න හදද්දී ම, යන්ත්‍රය ක්‍රියාත්මක වෙලා කණ්ඩායම එතනින් පිටවී යනවා. ටික වෙලාවක් යද්දී, එයාලා කැමති ලෝකයක් හොයාගෙන එතනින් එළියට එනවා. එයාලා එතනට ගියපු ගමන්ම, කයිල් ඇවිත් කියනවා මේක හොඳ නෑ, ඔයාව දැක්කම එයා සතුටු වෙන්නේ නෑ, මම දැනටමත් ට්‍රෙවර්ව අමාරුවක වැටෙව්වා කියලා. ක්‍රිප්කේ කියනවා ඒක කමක් නෑ අපි මෙතන නතර වෙන්නේ නෑ කියලා. මිනිහා කඩයෙන් එළියට යන්න හදද්දී දකිනවා එළියේ අන්ධකාරය හැර වෙන මුකුත් නෑ කියලා. කතාව ඉවර වන්නේ මෙන්න මෙතනින්.

හොදයි එහෙනම් කොටස් 10කින් පළමු කතා සමය අදන් අවසන් වෙනවා දෙවන කතා සමයෙන් 2027 නැවත හමුවෙමු සැමදෙනාටම ජය.

                                

Rank: Silver
Ratings
Reviews
0
Subtitles
18
Downloads
18.8K
Readers' rating
No reviews yet

Write a review of අශාන් ශානක →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

6 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Sandaru

    Thanks

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.