උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හැමෝටම ආයුබෝවන් කියනවා ! ඔන්න එහෙනම් Carrie කතාමාලාවේ තුන්වැනි කොටසට සිංහල උපසිරැසි අරන් ආවා.
පසුගිය කොටස්වල කැරීට විඳින්න වුණු දේවල් මතක ඇතිනේ. මේ කොටසේදී ඇය තමන් තුළ තියෙන අමුතු හැකියාව ගැන තොරතුරු හොයන්න පටන්ගන්නවා. තමන්ට සිදුවෙන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න හදන අතරේ, නොහිතපු විදිහේ ඇරයුමකුත් ඇයට ලැබෙනවා. ඒ හයි ස්කුල් එකේ පාටි එකකට,
කවදාවත් ඒ වගේ තැනකට ගිහින් නැති කැරීට මේක අලුත් අත්දැකීමක් ලබන්න අවස්ථාවක්. හැබැයි එයාගේ අම්මගේ තද තීන්දු එක්ක ඒ තීරණය ගන්න එක ලේසි නැහැ. අනික, මෙච්චර කල් තමන්ව කොන් කළ අය එක්වරම ළං වෙද්දී ඔවුන්ව විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් තියෙනවා.
මේ ඇරයුම කැරීට අලුත් යාළුකම්වල ආරම්භයක් වෙයිද? ඇගේ අමුතු බලය ගැන තවත් මොනවා දැනගන්න ලැබෙයිද? වැඩි විස්තර කියලා කුතුහලය නැති කරන්නේ නැතුව,ඔයාලාම බලන්න 
එහෙනම් ඊලග කොටසින් හමුවෙමු
ජයවේවා!


Subtitles
0 comments
No comments yet. Yours will be the first.
![Carrie [S01 : E03] Sinhala Subtitles | අලුත් ඇරයුමක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-856289df5161610c78f6201d.webp)


