Watch Trailer

Love Death + Robots [S04] Complete Season Sinhala Subtitles | අද්භූත කතාමාලාවේ හතර වන දිගහැරුම [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් යාළුවනේ කාලෙකට පස්සේ ආපහු වතාවක් සුපුරුදු වැඩේට බැස්සා. ඔයාලට මතක ඇති ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. අන්න ඒකේ 4 වන කතාමාලාව තමයි මම අද අරගෙන ආවා. මේක නිකුත් උනේ ගිය අවුරුද්දේ මැයි මාසයේ. ඒ කාලෙම උපසිරසි දෙන්න හිතාගෙන හිටියත් වැඩ නිසා ඒක මඟ හැරුනා. මට…

ආයූබෝවන් යාළුවනේ කාලෙකට පස්සේ ආපහු වතාවක් සුපුරුදු වැඩේට බැස්සා. ඔයාලට මතක ඇති ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. අන්න ඒකේ 4 වන කතාමාලාව තමයි මම අද අරගෙන ආවා. මේක නිකුත් උනේ ගිය අවුරුද්දේ මැයි මාසයේ. ඒ කාලෙම උපසිරසි දෙන්න හිතාගෙන හිටියත් වැඩ නිසා ඒක මඟ හැරුනා. මට ඒ ගැන ආපහු මතක් කරපු රවිඳු හේෂාන් සහෝටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන.

මේ කතාමාලාවේ විස්තර බැලුවොත් මෙවර මේක කතා කොටස් 10කින් සමන්විත වෙනවා. පොඩි පොඩි කොටස් නිසා ඔයාලට එක හුස්මට මේ බලන්න පුළුවන්. නිෂ්පාදන කටයුතු වලට David Fincher මහත්මයත් එක්වෙලා තියෙන නිසා මේ ගැන සැකයක් තියාගන්න ඕන නෑ.

ඒ වගේම තවම 05 වෙනි කතා මාලාවක් ගැනනම් නිශ්චිත තොරතුරක් නැති බවත් කියන්න ඕන. මෙවරත් බොහෝම සිත් ඇදගන්නා සුළු කතන්දර 10ක්ම තියෙන නිසා අපි ඒ ගැන පොඩ්ඩක් බලලා ඉමු.

  1. Can’t Stop– සුපිරි රොක් ප්‍රසංගය

මෙම කථාංගයේ දැක්වෙන්නේ 80 දශකයේ සිට ක්‍රියාකාරිව සිටින සුපිරි රොක් සංගීත කණ්ඩායමක් වන රෙඩ් හොට් චිලී පෙපර්ස් කණ්ඩායම 2003 දී ස්ලේන් කාසල් හිදී ඔවුන්ගේ “Can’t Stop” ගීතය සජීවීව ඉදිරිපත් කරන ආකාරයයි. සංගීත කණ්ඩායම සහ ප්‍රේක්ෂකයින් රූකඩ ලෙස නිරූපණය කර තිබෙනවා ඒ වගේම මෙය ගීතයක් පමණක් නිසා උපසිරසි නිකුත් කරලා නොමැති බවත් කරුණාවෙන් සලකන්න.

  1. Close Encounters of the Mini Kind– පිටසක්වල ආක්‍රමණය

ඔයාලට මතකද තුන්වන කතාසමයේ තිබුන Night of the Mini Dead කොටස. මේකත් අන්න ඒ විදියට කුඩා රූප අසුරින් නිර්මානය කරපු අපූරු කතාංගයක්. කලින් කොටසේ උනේ සොම්බී ආක්‍රමණයක්නේ මේ වතාවේ මූණ දෙන්න වෙන්නේ පිටසක්වල ආක්‍රමණයකට. ඒකත් කොහෙන් කෙලවර වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

  1. Spider Rose– අද්භූත පිටසක්වල සුරතලා

තුන්වන කතාසමයේ Swarm කතාංගයේ තිබෙන විශ්වයට අනුබද්ධිත කොටසක් විදියට නිර්මාණය වෙලා තිබෙන මේ කතාංගය තමයි මම පුද්ගලිකවම ආසම එක. ඈත අභ්‍යවකාශයේ තනිව වෙසෙන අර්ධ සයිබෝග්වරියක් වන ලිඩියා මාටිනෙස් පළිගැනිමේ චේතනාවෙන් පෙලෙන තැනත්තියක්. හදිසියේම ඇයගෙන් උදව් ඉල්ලමින් එන එක්තරා ජීවීන් පිරිසක් ඇයට අපූරු ත්‍යාගයක් පිරිනමනවා. තමන්ගෙ පළිගැනීම සාර්තක කරගන්න මේ ත්‍යාගය ලිඩියට උදව් වෙයිද?

  1. 400 Boys– අති භයානක ළදරුවෝ

පාශ්චාත් ලෝක විනාශ යුගයක භූගතව සැඟව ඉන්න කල්ලියක් පොළව මතුපිට සිටින භයානක තර්ජනයකට එරෙහිව පෙල ගැහෙනවා. 400 බෝයිස් ලෙස හැඳින්වෙන මේ තර්ජනය ඉවත් තුරන් කරන්න තවත් කල්ලි සමඟ එකතු වෙන්න වෙර දරන මොවුන්ට ජයගන්න හැකිවේද?

  1. The Other Large Thing–   ඩින්ගල්බෙරී ජෝන්ස්ගේ විප්ලවය

මේ කතාමාලාවේ තවත් ආසම කතාවක් තමයි මේ. ඔයාලට මතකද පළමු වෙනි කතාමාලාවේ සහ තුන්වන කතාමාලාවෙදි හිටිය රොබෝ වරු තුන් දෙනාගේ කතාංග දෙක. ඒ කතාංග වලදි අපි දැක්කා ලෝකයෙන් මනුෂ්‍යයන් වඳ වෙලා රොබෝ වරුන් සහ පූසන් විතරක් ඉතුරු වෙලා ඉන්න විදිය. එහෙම මිනිස්සු වඳ වෙලා ගිය හේතුව සහ පූසෝ විතරක් ඉතුරු උනේ ඇයි කියන එකට උත්තර ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. බලන් ගියාම ඩින්ගල්බෙරී ජෝන්ස් කියන්නේ තරහ කරගන්න සුදුසු කෙනෙක් නෙමෙයි.

  1. Golgotha– පිටසක්වල පූජක ආගමනය

ඔයාලා කවදාහරි හිතලා බැලුවද පිටසක්වල ජීවියෝ කියලා කට්ටියක් ඉන්නවනම් එයලගේ ආගම් මොනවා වෙයිද කියලා? අපිට වඩා ගොඩක් දියුණු තාක්ෂණයක් තියෙන වෙනත් ජිවින් තමන්ගේ ආගම හැටියට මොනවගේ දෙයක් තෝරගනීද? පිටසක්වලයෝ ටිකක් ඇවිත් අපේ සමුද්‍ර ජීවින් ගැන අමුතු විදියකට හිතන විදිය ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්.

  1. The Screaming of the Tyrannosaur– චන්ද්‍රයන් අතරට පවා ගිය මානව මිලේච්ඡත්වය

මානවයා අභ්‍යවකාශය ජයගත්තේ මීට වසර ගණනකට ඉහතදියි. ඒ වගේම තවත් වසර ගණනක් අනාගතයෙදී ඔවුන් තව තවත් අභ්‍යවකාශයේ පරතෙරට ගොස් ජනාවාස පවා පිහිටුවා ගනු ඇත. මෙහෙම ජනාවාස පිහිටුවාගත් යුගයක බ්‍රහස්පති ග්‍රහයට ඉහළින් වැජඹෙන මානව සමාජයක ඉහළ පැලැන්තියේ උත්සවයක් ඔබට බලාගන්න පුළුවන්. මානවයා කෙතරම් දියුණු වුවහත් ඔහුගේ මිලේච්ඡ ආශාවන් තවම පහව ගොස නැති බව ඔබට පසක් වේවී.

කතාමාලාවේ තවත් අලංකාර කොටසක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන් ඒ වගේම අපි හැමෝම දන්න ජනප්‍රිය යූ ටියුබ් තරුවක් වන මිස්ටර් බීස්ට් මේ කතාවට එකතු වෙලා ඉන්නවා. මේ කතාවෙදි සුපිරි ඩයිනෝසිරස් සටන් ටිකකුත් ඔයාලට බලාගන්න පුළුවන් කියලා මතක් කරන්නත් ඕන.

  1. How Zeke Got Religion– අද්භූත ගුවන් ප්‍රහාරකයා

දෙවන ලෝක යුද සමයේ එක් කුඩා ප්‍රහාරක යානා කණ්ඩායමකට එක් විශේෂ මෙහෙයුමක් ලැබෙනවා. ඒ තමයි ප්‍රංශයේ තිබෙන පල්ලියකට පහර දීලා විනාශ කරන්න. මේ ගැන කණ්ඩායමේ ඉන්න කාටවත් කිසිම විස්තරයක් කියන්නේ නෑ වගේම ඔවුන්ට අණ දෙන්න අද්භූත මනුස්සයෙකුත් මෙයාලා එක්ක එනවා. ඇයි පල්ලියකට පහර දෙන්නේ? මොකක්ද මෙතන තියෙන රහස?

  1. Smart Appliances, Stupid Owners– ගෘහ උපකරණ කතා කරයි

නවීන තාක්ෂණයෙන් නිපදවුන එදිනෙදා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික් බඩු මුට්ටු වලට පණ තියෙනවනම් මොනවා කියයිද? එයාලගේ කතාව එයාලාගෙන්ම අහලම බලන්නකෝ.

  1. For He Can Creep– ලෝකය බේරගන්න පෙරට පැමිණි පූසෝ

18 වන සියවසේ එංගලන්තයේ විසූ Christopher Smart කියන කවියා “Jeoffry” කියලා පූසෙක් ගැන කවියක් ලියනවා. මේකේ විශේෂත්වය තමයි එයා මේක ලියන්නේ ලන්ඩන්වල ශාන්ත ලුක් උන්මන්තකගාරයේ සිර කරලා ඉන්න අවස්ථාවක. ඇත්තටම එයා එහෙම දෙයක් කලේ ඇයි.? මේක පිටිපස්සේ වෙනත් භයානක දෙයක් තියෙන්න බැරිද? ඒකට උත්තර මේක බැලුවම ඔයාලට හම්බෙයි.

එහෙනම් ඉතිං මගේ වැඩේ ඉවරයි දැන් තියෙන්නේ ඔයාලගේ වැඩේ. ඒ කියන්නේ උපසිරසියත් බාගෙන කොමෙන්ටුවක් දාගෙන යන එක තමයි. ඒ වගේම පළමු කතාමාලාව උපසිරසි ගන්වපු උදයංග සහෝවත්, දෙවෙනි කතාමාලාව උපසිරසි ගන්වපු හිරාන් සහෝටත් ඒ වගේම රවිඳු හේෂාන් සහෝටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. වාසනාවක්ති බුනොත් ඉක්මනටම තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

488 downloadsDownload Love-Death-Robots-Season-4.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

488 downloadsDownload Subtitles36 KB

5 comments

  1. Vinuka

    Thanks broo

  2. සුදර්ශන ( King Suu)

    බොහොම පිං සහෝ මේ කරන සේවයට. කලින් සීසන් ටීකත් බැලුවෙ ඔයාලා මේකට සබ් දීලා තියන නිසයි. නැත්තං මේ වගේ සුපිරි සීරිස් එකක් බලන එක මගහැරෙනවා. මම හිතුවෙ නෑ අලුත් සීසන් එකට සබ් කරයි කියලා. අනේ බොහොම ස්තුතියි සහෝ ඔයාට මේ අලුත් සීසන් එකටත් සබ් දුන්නට. ජය වේවා ඔයාලට...

  3. Anonymous

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

  4. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට

  5. Sandaru Nimsara

    Thanks bro❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.