කළින් කොටසේදි මතක් කරා වගේම මෙන්න ඔයාලට අටවෙනි කතාංගයත් ඉක්මන්ට අරන් එන්න පුලුවන් වුණා. ඒවගේම කියන්න ඕනි අවසාන කතාංගයන් දෙකම SHOWTIME නාලිකාව ජූනි මාසේ 19 වෙනිදාට නිකුත් කළා. ඉතින් අවසාන කතාංගයත් බොහොම ඉක්මනින් ඔයාලට හොඳ අවසානයක් එක්ක අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. වෙනදා වගේම ඔයාලා හත්වෙනි කොටස බලන්න ඇ…

කළින් කොටසේදි මතක් කරා වගේම මෙන්න ඔයාලට අටවෙනි කතාංගයත් ඉක්මන්ට අරන් එන්න පුලුවන් වුණා. ඒවගේම කියන්න ඕනි අවසාන කතාංගයන් දෙකම SHOWTIME නාලිකාව ජූනි මාසේ 19 වෙනිදාට නිකුත් කළා. ඉතින් අවසාන කතාංගයත් බොහොම ඉක්මනින් ඔයාලට හොඳ අවසානයක් එක්ක අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. වෙනදා වගේම ඔයාලා හත්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව පැත්තට යමුකෝ එහෙනම්. ඩ්‍රැකියුලා මහත්තයා එක්ක රාත්‍රිය ගතකරන වැනේසා උදේම පිටත් වෙලා යනවනේ. ඒවගේම මිස්ටර් ක්ලෙයාර්, වැනේසාව මුණගැහෙන්න ඇවිල්ල ඉන්නවා එයාට තියෙන ගැටලු සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්න හිතාගෙන, අවසානයේ මිස්ටර් ක්ලෙයාර් තම බිරිඳ සහ තමංගේ එකම පුතා වෙත යනවා. මේ අතර කයිටනේට වැනේසා සම්බන්ධයෙන් දර්ශනයන් වගයක් පේනවා. වැනේසා අනතුරක ඉන්නේ කියලා සහ වැනේසා එකී බලපෑම් වලට යටත් වෙලා කියලා ඔහුට පෙනුණනේ. ලිලී සහ ඩෝරියන් අතර ඇති සම්බන්ධතාවයට මොකද්ද වුණේ කියලා ඔයාලා දැන් දන්නවා. ඒවගේම ලිලීගේ ගණිකාවන් පිරිසත් ඔහු තමංගේ මන්දිරයෙන් පන්න ගත්තානේ. ඒවගේම ඩෝරියන්ට ලිලීව එපාවුණ තරම කියන්නේ මිනිහම, වික්ටර් එක්ක එකතු වෙලා ලිලීව අරගෙන යනවනේ. අවසානයේදි වැනේසා ඇයගේ තේරීම කරනවා ඔයාලා දැක්කා. ඔයාලට මොනවද හිතුණේ? මේ මොන අහවල් මඟුලක්ද කියලා මට නම් හිතුණා. ඉතින්, අපි බලමුකෝ අවසාන කතාවෙන් මොකද වෙන්නේ කියලා. තාම හරියට මොකුත් කියන්න බෑනේ.
මෙන්න අද කතාවට යනවා දැන්. හරි මම අද කතාවත් කියන්නේ නෑ. මොකද ඒක බලලාම ඔයාලට තේරුම් ගන්න වෙනවා මොකද වෙන්නේ කියලා. ඉතින් අද කතාවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අවසාන කතාංගයත් එක්ක ඉක්මනින්ම මුණගැහෙන බලාපොරොත්තුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම ජයෙන් ජයම වේවා…!
“මුළු ලොවම කෑ ගසා කියයි මහ හයියෙන් රකුසෙකුටත් වඩා දරුණු වූ මිනිසෙක් පැමිණ ඇති බව ලේ උරා බොන්නට ඒ නිසා කෙසේ නම් සෙනෙහසින් බැඳෙන්නද…? බිය වුණා මහ ගොඩක් අඳුරු සෙවනැලි වලට පණ පිටින් ලේ බිබී ඇවිඳිමින් යන නුඹට මගේ හද පාරවා ඇතිවෙලා ප්‍රේමයක් නුඹේ මුදු හාදුවෙන් සිදුවුණේ මහ පුදුමයක්… ලේ උරාබොන දරුණු වූ එක් මිනිසෙක් එනිසාම මා පසුපස ලුහුබඳී මුළු ලෝකයක් නමුදු මා සතුව ඇත්තේ විරාගික වූ ප්‍රේමයක් නුඹ නමින් නොදැනීම වැටෙයි උණු කඳුළක්… සුදු සුමුදු සඳවතිය කියන් මට පෙනෙන්නේ රකුසෙකු ලෙසද මාව නුඹට අනාරාධිතව හෝ පැමිණ නුඹ ළඟට නුඹේ ගෙල සිපගන්න ලැබුණා නම් මට හැඟේවි මා සතු ප්‍රේමයේ අනුරාගය නුඹට…”
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
542 downloadsDownload Penny.Dreadful.S03E08.Baiscopelk.com_.rar18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
13 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
නියමයි සහෝ
#එලස්Charith
Thank you very much!!!!!!!!
මිතුල් ලක්ශිත
සබ් එකට තැන්ක්ස් සහෝ අවසාන කොටසෙන් හමු වෙමු
ඩිලාන් හසිත
ස්තූතියි සහෝ
praneeth madu
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shehan
thanks bro
ashan
Direct Link
Rajitha
Thank you machan.....jayawewa........!
jeff
elz...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Advertisement

සබ් එකට තුති සහෝ