හරි, දන්නෙම නැතුව Penny Dreadful අවසාන කතාංගයන් තුනට ආවා නේද? කොහොමහරි සතියක් විතර පරක්කු වෙලා තමයි අද මම ඔයාලව මුණගැහෙන්න එන්නේ. ඉතින් ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් ආය මතක් කරගෙන ඉමුකෝ එහෙනම්. ඩ්‍රැකියුලා තමංගේ අළුත් ගෝලයා එක්ක විස්තර හොයනවා. වික්ටර් සහ ජේකිල් තම පරීක්ෂණ තව දුරට…

හරි, දන්නෙම නැතුව Penny Dreadful අවසාන කතාංගයන් තුනට ආවා නේද? කොහොමහරි සතියක් විතර පරක්කු වෙලා තමයි අද මම ඔයාලව මුණගැහෙන්න එන්නේ. ඉතින් ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් ආය මතක් කරගෙන ඉමුකෝ එහෙනම්. ඩ්‍රැකියුලා තමංගේ අළුත් ගෝලයා එක්ක විස්තර හොයනවා. වික්ටර් සහ ජේකිල් තම පරීක්ෂණ තව දුරටත් කරගෙන යනවා ඒ වගේම වික්ටර ලිලීව හොයාගෙන ගිය සිදුවීම මතකයිනේ? ඒවගේම ලිලී ඩෝරියන් ඇතුළු පිරිස විප්ලවයකට සූදානම් වෙන්න වගේ හදන්නේ. මේකට ඩෝරියන්ගේ වැඩි කැමැත්තක් පේන්නේ නෑ. හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයි කියලා මිනිහට ලිලීව එපාවෙලාවත් ද? ඔයාලට ඉස්සරහදි මේ ගැන බලාගන්න පුලුවන් වෙයි. මේ අතර මිස්ටර් ක්ලෙයාර් ඉස්සර පදිංචි වෙලා හිටපු තැනට ගිහින් එයාගේ පවුල ගැන විස්තර හොයලා බලනවා. ඔහුගේ පුතා ජැක් ලෙඩවෙලා ඉන්නේ කියලා ඔහු දැනගන්නවා. ඒවගේම මිස්ටර් ලයිල්, වැනේසාට අඳුන්වාදුන් මිස් හාර්ඩගන් කියන තැනැත්තියගෙන් වැනේසා විශේෂ උපදෙස් ගන්නවා ඔයාලා දැක්කනේ. කඩු හරඹ කරන්නත් මෙයා දන්නවනේ. මේ අතරේ ඊතන්, සර් මැල්කම්, ඊතන්ගේ තාත්තා ඇතුළු පිරිස වාඩි වෙලා කෑම ගන්නවා. පස්සේ ඉතින් කට්ටිය වෙඩි තියාගත්තා තමයි. ඒකෙදි රස්ක්, මාර්ෂල්, සහ සර් මැල්කම්ගේ අතින් ඊතන්ගේ පියා මැරුම් කනවා. අවාසනාවන්ත විදියට හෙකටී මැරෙනවා මේ ගැටුමෙදි. අවසානයේ වැනේසා තමංගේ ආදරවන්තයා හොයාගෙන නැවත කෞතුකාගාරය පැත්තට යනවා. මේ වෙලාවේ වැනේසාගේ හිතේ තියෙන දේවල් හැම එකක්ම අපේ ඩ්‍රැකියුලා මහත්තයටම කියලා අරිනවානේ. අනේ අම්මපා අර යකාගේ මූණ දැක්කද? පවු කියලා හිතෙනවා.
“මාව දඩයම් කරන ප්‍රාණීන් වගයක් ඉන්නවා…” “ඒ ප්‍රාණින්ට නමක් තියෙනවද…?”ඔහොම කතාව යන අතරේ ඩ්‍රැකියුල් මහත්තයා වැනේසාව නිසාචර සත්වයින්ගේ නිවහනට එක්කරගෙන යනවා. එහිදි ඩොක්ටර් ස්වීට් වැනේසාට වවුලෙක් අරගෙන පෙන්නලා නිසාචර සත්වයින් ගැන ගොඩක් විස්තර කරනවනේ. වවුලෙක් අරන් පෙන්නන්නේ ඉතින් වෙන මොකටද නේද? ඒ වෙලාවේ ඔහු තමංගේ හිතේ ඇති ආදරය වැනේසාට කියනවා. එතනින් ඉදිරියට වුණ සිදුවීම අදාළ නෑනේ ඉතින්. ඔන්න ඔහොම හයවෙනි කතාංගය ඉවර වුණා.
හරි, එහෙනම් මෙන්න දැන් අද කතාව පැත්තට යමු. අද කතාව ගැන මොකුත්ම කියන්නේ නෑ. අද කතාවත් බලන්න ඔයාලට ආරාධනා කරනවා. මතකයිනේ තව කතාංගයන් දෙකයි තියෙන්නේ. ඉතින් කතාව ගැන, හොඳයිද නරකයිද කියලා වගේම මම ගැන උපසිරසි ගැන හැම අදහසක්ම දාලා යන්න කියලා ඔයාලා හැමෝගෙන්ම මම ඉල්ලනවා. මොකද අවසානයේ පහළින් දාලා තියෙන කමෙන්ට් දෙක තුන හරි විතරයි අපිට සතුටු වෙන්න තියෙන්නේ. එහෙනම් ගිය සතියෙ අදහස් දක්වපු හැමෝටම මම ස්තූතිවන්ත වෙන ගමන්ම අවසාන කතාංගයන් දෙකින් ඉක්මනින්ම මුණගැහෙනකන් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජයම වේවා…!
“සියළුම ආලෝකයන් අවසාන වේවි ලෝකය අන්ධකාරය තුළ ජීවත් වේවි. වසංගතයන්ගෙන් මනුෂ්‍ය වර්ගයා තුරන් වෙලා යාවි. අපගේ නෑදෑයන් වන, නිසාචර සත්වයින්, එළිදරව් වී පෝෂණය වේවි. අපිට තියෙන ඒවගේ බලයක්, අපිට තියෙන ඒවගේ රාජධානියක්, එය මගේ හාදුවකින්ම වේවි…”
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
426 downloadsDownload Penny.Dreadful.S03E07.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
10 comments
nilantha
thushara madusanka
thank machan sub 1kata
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ ජය වේවා
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග එපියෙන් හමු වෙමු
ජය වේවාRasika
05371535a0f279d4177679bc1ed0e0cae63ca115
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks machan.....jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha dilshan
sub එකට ස්තුති සහො...
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Advertisement

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට