Watch Trailer

Record of Ragnarok [S03: E05] Sinhala Subtitles | රජෙකුගේ අභිමානය [සිංහල උපසිරසි]

Record of Ragnarok Season 03 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 5 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. 7 වෙනි රැග්නරොක් සටනේ සටන්කාමීන් විදිහට සටන් කරන කින් ෂි හ…

Record of Ragnarok Season 03 Sinhala Subtitles

මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 5 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ.

7 වෙනි රැග්නරොක් සටනේ සටන්කාමීන් විදිහට සටන් කරන කින් ෂි හුවාංග් සහ හේඩිස් අතර සටන හරිම දරුණු විදිහට ආරම්භ වෙද්දි, කින් ෂි හුවාංග් පහරදීම් වලින් ඉදිරියට ආවා. ඒ වගේම කින් ෂි හුවාංග් ගේ අතීත කතාවත් අපිට දැනගන්න ලැබුනා. මෙන්න මේ අතීතය නිසාවෙන් හේඩිස්ගේ ප්‍රහාර ආපහු ඔහුටම යැවීමේ හැකියාව කින් ෂි හුවාංග්ට හිමි වුනු විදිහත් අපිට දැනගන්න ලැබුනා. ප්‍රතිවාදියගෙ ජීව ශක්තිය දකින කින් ෂි හුවාංග්ව අභිභවා යන්න හෙල්හයිම් හි රජුට පුලුවන් වේවිද? හෙල්හයිම් හි රජු හේඩිස් මේ වෙනුවෙන් අරගන්න පියවර මොනවද? ඒත් එක්කම රැග්නරොක් හි 7 වෙනි සටන ගලායන්නෙ කොහොමද? හරිම කුතුහලය දනවන ලේ වැගිරෙන සටනක් තමයි මේ ආරම්භ වෙලා තියෙන්නෙ. නරඹන්න මේ කතාව.

මේ season 3 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Record of Ragnarok S03 2025 1080p NF WEBRip Dual Audio 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට. Baiscope downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. උපසිරැසි ගැන ඔයාගෙ අදහස් පහළින් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

697 downloadsDownload Record-of-Ragnarok-S03-E05-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

697 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.