Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 01:02] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් යාලුවෝ හැමෝටම, තවත් අලුත් කොරියන් කතා මාලාවක් ඔයාලට දෙන්නයි හදන්නේ. මමයි නංගියි, කරපු Legend of the blue sea කතා මාලාවට ඔයාලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුනා,ඒ ගැන අදහස් දක්වපු අයටත් ස්තුති කරන ගමන්ම, අලුත් කතාව දිහාවට හැරෙමු, මේක ඉතිහාස කතාවක්, (The Emperor: Owner of the Mask ).මේ ක…

 

සුභ දවසක් බයිස්කෝප් යාලුවෝ හැමෝටම, තවත් අලුත් කොරියන් කතා මාලාවක් ඔයාලට දෙන්නයි හදන්නේ. මමයි නංගියි, කරපු Legend of the blue sea කතා මාලාවට ඔයාලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුනා,ඒ ගැන අදහස් දක්වපු අයටත් ස්තුති කරන ගමන්ම, අලුත් කතාව දිහාවට හැරෙමු,

මේක ඉතිහාස කතාවක්, (The Emperor: Owner of the Mask ).මේ කතාව විකාශය ආරම්භ වුනේ, මේ අවුරුද්දෙ, මැයි ,මාසයේ. මෙය කොටස් හතළිහකින් සමන්විතයි, එහෙත් එක් කොටසක් විකාශය වෙන්නේ විනාඩි තිස් පහක කාලයක් පමණයි, එම නිසා එකවර කොටස් දෙකක උපසිරැසි ඔබට ලැබේවි. මේ කතාව ආරම්භ වෙන්නේ ජෝසන් රජ සමයෙන්, ඒ කාලේ ප්යෙන්සෝ නමැති රහස් සංවිධානයක්, ගොඩනැගෙනවා. මොවුන් එවකට රජවී සිටි රජු ඝාතනය කොට, වෙනත් අයෙකු දේශයේ රජු බවට පත් කරනවා, ලී සුන් නාමයෙන්. එසේ කරන්නේ එක් කොන්දේසියක් මත,එය තමයි යම් දිනෙක රජුට ලැබෙන පළමු දරුවා, එනම් ඔටුන්න හිමි කුමරුන් මේ සංවිධානයට බැඳවීමේ පොරොන්දුව මත. රජු සියලුම දේ කල යුත්තේ මේ සංවිධානය ලබා දෙන අණට අනුවයි.

කෙමෙන් කාලය ගෙවී යද්දී, මේ රූකඩයක් බඳු රජුට මේ ගැන කලකිරීමක් ඇති වෙන්වා,එහෙත් ඔහුට ප්යෙන්සෝවට එරෙහිව නැගී සිටින්න තරම් ශක්තියක් නැති වෙනවා. කල් යත්ම රජ බිසවුන්ට පුතෙකු ලැබෙනවා. ඉතා බලගතු හඳහනකට මේ කුමරු උරුමකම් කියනවා. රජු ඔහුට ලි සුන් යන නාමය තිලින කරනවා, ඒ යම් දිනක ඔහු ප්යෙන්සෝව පරාජය කරනු ඇතැයි බලාපොරොත්තුවෙන්. ඒවගේම මේ සංවිධානයට වුවමනා වෙනවා දේශයේ වතුර වල සියලුම පාලනය තමන් අතට ගැනීමට, එනම් නොමිලයේ සැමටම හිමි වෙන වතුර මුදලට විකිණීමේ අයිතිය. රජු මෙයට විරුද්ධ වෙන නිසා ඔවුන් ඔටුන්න හිමි කුමරුන්ගේ ජීවිතය නැති කිරීමට උත්සහ කරනවා. මේ සිද්ධිය නිසා රජු එතැන් සිට ඔටුන්න හිමි කුමරුන් නිසි වයසට පත්වෙන තෙක් වෙස්මුහුණක් පැළඳ සිටීමට අණ කරනවා. ඒ ඔහු ගේ අනන්‍යතාවය සඟවා තැබීමට.කුමරුගේ මුහුණ දකිනා ඕනෑම අයෙකු මරා දැමීමට අණ කරනවා.

කාලයේ අවෑමෙන් කුමරු වැඩිමහල් වියට පත් වෙනවා. එහෙත් මේ වෙස්මුහුණක් පැළඳ ගෙවන ජීවිතය කුමරුට ඉතා නීරස වෙනවා. ඔහු හොර රහසේම මෙයට හේතු සොයන්නට පටන් ගන්නවා. දිනක් ඔහු වෙස්වලාගෙන රහසේම පළා යනවා. ඒ සත්‍ය දැනගැනීමේ අභිලාෂයෙන්. නගරයට යන කුමරුට දැනගන්න ලැබෙනවා සෑම අයෙකුටම නිදහස් අයිතියක් ඇති වතුරටත් මිලක් නියම වී ඇති වග. ඔහු බොහෝ කලකිරීමට පත් වෙනවා. නමුත් මේ යන ගමන ආපසු ලේසියෙන් මාලිගයට ඒමට නොහැකි ගමනක් බව කුමරු දැන සිටියේ නැහැ. ඒ අතරතුර ඔහුට මාලිගයේ කිසි දිනෙක නොසිටි මිතුරන් මුණ ගැහෙනවා, ඒ අයගෙන් එක් කෙනෙක් තමයි, ගා යුන් කියන්නේ, ඇය කුමරුට ගොඩක් සමීප වෙනවා. ඒවගේම මේ ජල අරගලය විසඳීමට, ප්යෙන්සෝව පරාජය කිරීමට ඇය උදව් කරනවා. මේ අරගලය තමයි මේ කතාවෙන් කියවෙන්නේ.

මේ කතාවේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ.

Yoo Seung-ho-  ලී සුන් (ඔටුන්න හිමි කුමරු ) Kim So-hyun – ගා යුන්  Yoon So-hee – හ්වා ගුන්  Heo Joon-ho- ඩේ මොක්  Park Chul-min – වූ බූ

 

එහෙමනම් ඔයාලට බලන්න ආරාධනා කරනවා. ඉතුරු කොටස් ටික නංගි තමයි අරගෙන එන්නේ.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය….

 

Ruler: Master of the Mask on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,563 downloadsDownload Ruler-Master-of-the-Mask-E01E02.zip127 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

5,563 downloadsDownload Subtitles127 KB

32 comments

  1. nishani upeksha

    Sub ekta thnk you. Lassana drama ekk. Aniwa blnwa. Meka. Meke ep 1&2 ektada thiynne?

    1. Gayesha Sathsarani

      ඔව් කොටස් දෙකක් එක සැරේ දෙනවා.

    2. janitha navoda

      me sub ekt gelapena video ekk gnn puluwn site ekk dennako, sub ekt thanks

  2. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    1. Gayesha Sathsarani

      ස්තුතියි, ඒ කතාවටත් උපසිරැසි දෙන්න බලන්නම්..

  3. ashan

    ගොඩක් ස්තූතියි මේ කතාවට සබ් දෙනවට.

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. madusara

    බොහොම ස්තුතියි...
    ඉක්මනට ඉතුරු තිකත් දෙන්න..

  6. Helili Hemamali

    නියමයි අක්කේ.. ස්තූතියි!

  7. C. R. ජයලත්

    Niyamai Akki Jaya Wewa!!!!!

  8. hasantha

    බොහෝම ඉස්තුති !!!!!!!!!!!
    එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙක බාගත කරන්නේ කොහොමද ??
    Torrent වලත් නෑනේ ????????????

  9. Udara Damith B/K

    බොහෝම ස්තුතියි

  10. Chami.S

    Lassana kathawak wage.
    Thanks sub walata.
    Good Luck..

  11. Nishan randika

    නියමයි !!!බොහොම ස්තූතියි

  12. Navindu Gunawardana

    Download කර ගන්න ලින්ක් නැ දිලා baiscopedownload එකෙත් නැ

  13. Chamu

    Godak lassana kathawak thxxx sub ekata.digatama sub denna

  14. Chamith Mihiranga

    Superb Sis...
    Thank you..

  15. Silent$

    Thnxxxxxxxxxxx Sis.... downlaod karanna link1k kiyanawda ?? plz ??

  16. ishani shanika

    THANX...

  17. ishhara

    download karana widiha danaganna puluwanda?

  18. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•| ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  19. Kasun Lakshan

    Akke mekat asub dunnata nam godaaaaaaaaaaaaaaaaaaaak sthuthiyi
    kiyanna wachana neeeeee.......
    karana siyaluma wada sarthaka wenna kiyala eka hithin prarthana karanwa
    wadi wadiyen labenna oniiii

  20. Ruwan indika

    menna link eka

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    ජය…

    1. janitha navoda

      e bn video eka download krgtte kohenda sub ekt match da

  23. hiru

    SUPPER

  24. sinethMLLB

    thanks dear give us more korean historical dramas

  25. Oshadi Dushmantha Palansooriya

    Thank you Sub ekata

  26. AkiAish

    Subtitle file eka download kalata open wenne nane! Error ekak watenawane

  27. අනු

  28. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.