Watch Trailer

See (2019-2022) [S03 : E06] Sinhala Subtitles | මීනීමස් බුදින ගෝත්‍රය. [සිංහල උපසිරැසි] [18+]

කොහොමද බයිස්කෝප්වාසි යාළුවනේ, සුපුරුදු පරිදි SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හයවෙනි කොටස අරගෙන ආවා. වෙනදා වගේම මේ කොටසත් අති සුපිරි කියලා නිර්දේශ කරන්න පුළුවන්. හැමෝම මේ වෙද්දි පස්වෙනි කොටස බලන්න ඇතිනේ. එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. පසුගිය කතාංගයෙන…

කොහොමද බයිස්කෝප්වාසි යාළුවනේ, සුපුරුදු පරිදි SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හයවෙනි කොටස අරගෙන ආවා. වෙනදා වගේම මේ කොටසත් අති සුපිරි කියලා නිර්දේශ කරන්න පුළුවන්. හැමෝම මේ වෙද්දි පස්වෙනි කොටස බලන්න ඇතිනේ. එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු.

පසුගිය කතාංගයෙන් . . ..

ලුසියන්ව හම්බෙන්න එක සිබෙත් කේන් තමන්ගේ සටකපට කමින් කොහොමහරි විච්ෆයින්ඩර් වරුන්ව තමන්ගේ පැත්තට නම්ම ගන්නවා. බෝම්බ හදන නිවසින් ළමයි ටික බේරගෙන චාලට් සහ රෙන් කැලේට ගියත් බාබා ඇතුළු අනිත් අයට පැනගන්න බැරි වෙනවා. බාබාවාස් සහ රේන්ජර්ගේ වැඩ කිඩ නිසා කට්ටිය පණ බේරගත්තත් ටෝර්මාඩා බෝම්බ ටිකත් අරන් පැනලා යනවා. ඒ වගේම හාලන් තමන්ගේ මව්බිමට ද්‍රෝහි නොවී අකැමැත්තෙන් උනත් ට්‍රොවියර්ව මරන්න සිද්ධ වෙනවා. තවත් මේ වගේ දරුණු ආයුධ හැදෙන එක නවත්තන්න ඕන නිසා බාබාවාස් නිවසේ තියෙන ජර්ලමරෙල්ගේ හැම පොතක්ම ගිනි තියනවා. ඒකට විරුද්ධ වෙන හනීවා, කෝෆූන් එක්ක රණ්ඩු වෙන විදියත් අපි දැක්කා. අන්තිමට දකින්න ලැබුනේ ළමයින්ව චාලට් එක්ක ආරක්ෂිත තැනකට යවලා, බාබා වාස් සහ හාලන් ඇතුළු පිරිස ආපහු පෙන්සා වලට පිටත් වෙන ආකාරයයි.

අද කතාංගයෙන් . . . . .

ලුසියන්ව තමන්ගේ පැත්තට නම්මගත්ත සිබෙත්, මාග්‍රාගේ රාජ සභා මණ්ඩලය සමූල ඝාතනය කරනවා. ටොර්මාඩා බෝම්බ එක්ක පායානු දේශයට එනවා කියලා ඉක්මනින් මාග්‍රාට දැනුම් දෙන්න ඕන නිසා බාබා වාස් ඇතුළු කණ්ඩායම හාලන් කියපු කෙටි මාර්ගයක යනවා. මේ කෙටි මාර්ගයෙ යන කට්ටියට නොහිතන කරදරයකට මුහුණ දෙන්න වෙන විදිය අද බලාගන්න පුළුවන්. ඒ වගේම ටෝර්මාඩාටත් අපූරූ ගනුදෙනුවක් කරන්න ලැබෙනවා. අවසානයෙදි ඛේදජනක විදියට කෙනෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ද වෙනවා. අද කොටස ගැන තව මුකුත් කියන්නේ නෑ. ඊළඟ කොටසත් අරන් මම ඉක්මනට ආපහු එන්නම් එතකන් හැමෝටම ජය වේවා!

කතාංගයේ නම : “The Lowlands”
කතා රචනය : Karl Taro Greenfeld and Nelson Greaves
අධ්‍යක්ෂණය : Anders Engström
IMDb අගය : 8.0
විකාශය වු දිනය : 2022 සැප්තැම්බර් 30
මීළඟ කතාංගය : “God Thunder”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,873 downloadsDownload See.S0.E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,873 downloadsDownload Subtitles21 KB

8 comments

  1. Kushan

    Sub akta thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Anonymous

    ඉවසිල්ලක් නෑ බෙුා්

  5. CHANDRASENA

    ඒපිය බාලා සබ දෙනකං බලන් ඉන්න අය මේ කොනට

  6. චන්දිම

    ගොඩක් ස්තුතියි සබ් එකට...

  7. Dewadithya

    Thanks for Sub!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.