Watch Trailer

Spartacus: Blood and Sand [S01 : E07] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ සහ අවාසනාවන්ත දේවල් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් පළමු කතා මාලාවේ තවත් පියවරක් තබන්නයි මේ සූදානම. අද ඉදිරිපත් කරන්නේ හත්වන කොටස. එහෙනම් හයවන කොටසේ මතකය පොඩ්ඩක් අවදි කර ගනිමු. අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා “ස්පාටකස්” හට, ඒ කියන්නේ දීර්ඝ කාලයක් දෑස් දල්වා ගෙන සිටිය තමන්ගේ ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ දෑතට ගන්න. ඒ වෙනුවෙන් ජීවිතය පවා පර…

එහෙනම් පළමු කතා මාලාවේ තවත් පියවරක් තබන්නයි මේ සූදානම. අද ඉදිරිපත් කරන්නේ හත්වන කොටස. එහෙනම් හයවන කොටසේ මතකය පොඩ්ඩක් අවදි කර ගනිමු.

අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා “ස්පාටකස්” හට, ඒ කියන්නේ දීර්ඝ කාලයක් දෑස් දල්වා ගෙන සිටිය තමන්ගේ ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ දෑතට ගන්න. ඒ වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබුවා. අවසානයේ ඔහුට ඇයව තම දෑත් වෙතම ලබා ගත්තා, නමුත් ඇයගේ අවසන් හුස්ම පොද හෙලන්න සිදු වුයේ ඒ දෑස් දල්වා ගෙන සිටි මොහොතේදීම. “ස්පාටකස්” සැලසුම් කරගෙන සිටි හැම දෙයක්ම ව්‍යර්ථ වුනා. “සුරා” සමඟ පුහුණු පාසලෙන් පැන යන්න. නව ජිවිතයක් අරඹන්න මවපු සිහින හැම දෙයක්ම තණමත රැඳුනු පිනි බින්දුවක් වගේ ක්ෂණයකින් බොඳව ගියා. එහෙම තමා “ස්පාටකස්ට” තම දෛවය සරදම් කලේ. දෛවයට වඩා “ස්පාටකස්ට” සරදම් කලේ “බැටියාටස්” විසින්.

මේ අතර “බර්කා” තමන්ගේ නිදහස මිලට ගන්න සූදානමකින් හිටියේ, මේ වහල් ජිවිතයෙන්, මේ හිරගෙයක් වගේ පුහුණු කඳවුරෙන් මිදිලා “පිට්‍රොස්” නමැති තමන්ගේ සමලිංගික සගයා සමඟ නව ලොවකට පිය නගන්න. එතනදී සිදුවන්නේ තවත් අවාසනාවන්ත දෙයක්. “බර්කා” විසින් “පීට්‍රොස්ගේ” හිත හදන්න කියපු බොරුවක් “අශුර්” නමැති ඔට්ටු කරුවා “බැටියාටස්ගේ” කනේ තියලා තමන්ගෙන් “බර්කාට” ලැබිය යුතු ඔට්ටු මුදල නවත්වා ගන්න නියම රඟපෑමක් කරවනවා. එහිදී අවාසනාවන්ත ලෙස “බර්කාට” තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ කිසිම වරදක් නොකරම. “බැටියාටස්” විසින් කල තවත් අනුවණ ක්‍රියාවක් තමයි එයත්. එත් ඒක තමන්ගෙන් සිදුවුන අත්වැරැද්දක් කියලා පිළිගන්න ඔහු කැමති නැහැ.

හත්වැනි කොටසේ ආරම්භය එතැන සිටන්,
බිරිඳගේ අකල් වියෝවෙන් හෙම්බත් වෙලා සිටින “ස්පාටකස්ට” මේ වුන දේ හිතා ගන්නවත් බැහැ. එත් ඒ අවාසනාවන්ත වියෝවට වගකිව යුත්තා කවුරුන්ද කියලා අපිට දැක ගත හැකි උවත් “ස්පාටකස්” තවමත් හිතන්නේ “බැටියාටස්” කියන්නේ යහපත් මිනිහෙක් කියලා. මේ අතරේදී අවාසනාවන්ත එක සිදුවීමක් වෙනවා. “පිට්‍රොස්” හිතන්නේ ඇත්තටම “බර්කා” තමන්ව දාල නිදහස ලබා ගෙන ගියා කියලා. එහෙම තමා “ලුඩුස්” වල සිටින අයට ප්‍රචාරය යවන්නේ. “බර්කා” නැති වුන පසු “පිට්‍රොස්ට” හට ලබන්නේත් නපුරු කලදසාවක්. අවසානයේ “පිට්‍රොස්ට” වෙන්නේ කුමක්ද කියල බල ගන්න පුළුවන් අද කතාවේ අවසානයේදී. ඒ අතරතුර “ස්පාටකස්ට” තවත් තරඟයකට ආරාධනාවක් ලැබෙනවා. මෙහිදී “ස්පාටකස්” තීරණය කරනවා ඔහුගේ බිරිඳ හැම මොහොතකම කිව්වා වගේ දෙවියන් ඔහුත් සමඟ සිටිනවද කියන එක පරික්ෂාවට ලක් කරන්න. මොකද දැන් ඔහුට ජිවත් වෙන්න අමුතුවෙන් කියලා බලාපොරොත්තුවක් නැහැ. අවසානෙදි බලමු “ස්පාටකස්ගේ” උදව්වට “සුරා” කිව්වා වගේ දෙවියන් සිටිනවද කියලත්.

“ස්පාටකස්ගේ” ඉරණම කොයි අතකට දෝලනය වෙනවද කියලා ඉදිරි කතාංග වලදී දැක ගන්න හැකි වේවි. පළමු කතා මාලාවේ තව කොටස් හයක් පමණයි ඉතුරුව තියෙන්නේ. ඔක්කොම එක සැරේ දෙන්න කියලා කිහිප දෙනෙක් ඉල්ලලා තිබුනා. එහෙම කරන්න පුළුවන් කමක් තිබ්බ නම් නොකර ඉන්නේ නැහැ. මොකද මම අනෙක් වැඩ කටයුතු කරගෙන යන ගමන් තමා මේ දේ ඔයාල වෙත ඉක්මනින් දෙන්න බලන්නේ. ඕනේ කතාවක් සතියකට වතාවනේ රූපවාහිනියේ දෙන්නෙත්. ඉතින් අපි සතියකට කොටස් තුනක් දෙන විදිහට දැනට කොටස් ලබා දීලා තියෙනවා. තරහා නොවී පොඩ්ඩක් ඉවසමු නේද? එතකොට තම කතාවේ රසය වැඩි 😀 ඉක්මණටම නැවත හමුවෙනතුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

27,047 downloadsDownload Spartacus.S01E07-1.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1All BT1Next BT1

Subtitles

27,047 downloadsDownload Subtitles29 KB

78 comments

  1. Gala

    වැඩේ වම් පට්ටටි.
    කලින් එකේ සුරාව මරන්න බැටියාටිස් කළ කුමණ්ත්‍රණය දැකල හිත සසල වුණා.
    කතාව නම් සුපිරියි.
    එළ දිගටම කරමු.
    අපි බලන් ඉන්නවා.

  2. pradeep nilanga

    niyamai tanxxxxxxxxxxxxxxxxx

  3. Shanaka

    Thax machan..onna mamath ba gatta..ithuru tikath ikmanatama denna saho....

  4. උදාර

    පට්ට පට්ට මචං

  5. lasidu

    ජයම වේවා සහෝට :)

  6. asitha

    ikmanata sub dala apita me drama eka balanna denawata godak sthuthi.jaya wewa oyata

  7. quik

    thanks

  8. tharanga

    පට්ට පතුරු මචං අනිවා බලනවා මේක ඔය දෙන ඉක්මන මදෑ වෙනත් වැඩත් එක්ක නේ මේකත් කරන්න ඕනේ :)

    ජය

  9. chami

    thxxxxxxxxxx so much

  10. Isuru

    loweth na macho menna TV S habai paraiismae balanna one 18++++++ neh :P

  11. elakiri

    එළමකිරි මචං

  12. was

    පට්ටම පට්ට කියලා වැඩක නෑ සබ් ටික නම් පට්ට

  13. ccnp

    Thanks

  14. wow

    wow..maru :)

  15. ns

    thanx...

  16. h[A]s

    අනිවා දෙනකම් පුල පුලා උන්නේ... වැඩේ දිගටම කරමු

  17. srimal

    supirir :D

  18. Fernando

    :) maru :)

  19. ganidu

    ඉක්මනට දෙන එක නම් සුප්පා

  20. HarshA

    thnx lot bro

  21. kalinga

    ජය වේවා නියමම කතාවක් තමා මේක බොහොම පින්

  22. akila

    නියමයි සහෝ :)

  23. vee

    niyamama kathawak macho thxxxx

  24. g-a-n-d-u

    බාන්න දැම්ම පට්ට

  25. chamath cafe

    පට්ට ලොක්කා මේක නම් ලොවෙත් බලන කතාවක්

  26. dj

    එල මචෝ

  27. ela kolla

    වැඩේ නම් සිරා . නමුත් ඉක්මනට sab ටික දෙන්න පුලුවන්නම් මරු . ඉක්මනට දෙන්න හොද කොල්ල වගේ . ජයවේවා .

  28. pancha

    මෙක් සිංහල උපසිරැසි download කලත් winrar වලින් Extract කරනකොට error එකක් එනවනෙ.කොහොමද සිංහල උපසිරැසි ගන්නේ.

  29. suna

    ela.. ela.. mamath spartacus rasikayek una :D

  30. waruna

    niyami hode

  31. pubudu

    tx

  32. “චූටී මල්ලි”

    එල මචන් දිගටම දෙන්න

  33. pancha

    මචං උබලා ගන්න සිංහල උපසිරැස වැඩ කරනවාද

  34. දිදුල Kd සිල්වා

    නියමයි හසන්ත අයියෙ.. ඔයා සයිට් එක වෙනුවක් හුඟක් මහන්සි වෙලා වැඩ කරන බව ආරංචි වුනා.. එකදිගටම මේ වගේ කතා මාලාවක් ගේන එක ලේසිපහසු වැඩක් නෙවෙයි කියල අපි දන්නව.. ඔබේ මෙහෙයට අපේ ආචාරය.. ජයම වේවා!

  35. Eranda

    mamath baawoooooo :) :)

  36. malperera

    ස්තුතියි යලුවා ඔබට ජය වේවා.

  37. Sahan

    vade nm supiriyatama yanava broo.... thnxzz a lot...

  38. ruwan

    pattama kathawa machanla,asa hithuna godak ala digatama may wagay awa denna

  39. tikiri

    ආවා ආවා ස්පාටකස් ආවා.....හසන්ත සහෝදරයා නියමය් මචන්....ඔක්කොම එක පාර ඕන නැහැ මචන් ....අපි දන්නවා තමන්ගේ වැඩ පාඩු කරගෙන අනුන්ගේ රසවින්දනය වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය කැප කරන්න හැමෝටම බැහැ මචන්.අපිට සබ් දෙන උබල සෙට් එකම සුපිරි මිනිස්සු මචන්.උබල ඔක්කොටොම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕන ...ඉක්මනට ඕන නැහැ. මේ දෙන විදියට දීපන් මචන්.එතකොට පොඩි අතල් එකක් තියනවා.නැත්තම් මෙගා drama වගේ වෙනවා.ජය වේවා සහෝ.....

  40. trinco kolla

    keep it up

  41. prasad78

    Gladiators wage thamai ape me sub dena kollo tikath. Thamange mahansiya, balana ayage sathuta wenuwen kepa karana sirama set ekak. umbalata jayen jaya...

  42. dilan samindaka

    supirima kathawak.thx

  43. Dina

    elakiri hasantha ayyee.... u rock..

  44. Ravindra

    ඉක්මනක් ඕනේ නැ ..ස්තුතියි සහෝ ..extract කරනකොට error එනවනම් delete කර නැවත download කරන්න. කිහිපවිටක් කරාම එක හරියනවා....

  45. රොහාන්

    හසන්ත සහෝ ඔබතුමාගේ සිංහල උපසිරැසි ඉතාම උසස් මට්ටමක තියෙනවා.මෙච්චර අසභ්‍ය වචන තියෙන කථාවකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියන එකයි මගේ හැඟීම.නිකන් බාල වචන දාලා කුණුහරැප දෙන්නේ නැතිව හොඳට සබ් එක දීලා තියෙනවා. මම මේක කියන්නේ එහෙම නොකීවොත් ඔබගේ කැපවීමට කරන අගෞරවයක්.
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!මම මේ කථා මාලාවම බලලා තිබුනේ.ඒත් සිංහලත් එක්ක නැවත බලනවා.ඉතිං දෙනකන් තමයි බලන් ඉන්නේ පුලුවන් විදිහට දෙන්න.
    GOD BLESS YOU.

  46. danushka

    niyamai macho.....thanks...

  47. ravi70

    jayen jaya sahooooo,puluwan nam mb 150 vitara copy ekak dennako,,,tnx a lot

  48. Ishan Rd

    මරේ මරු බන් ඉලග එකත් ඉක්මනට දේන්නෝ

  49. krpranasinghe

    supiriiiiiiiiiiiiiiiiiiiiii................ wadak yaluwa....wade elatama yanawa

  50. දිෂාන්

    meka nam niyamama kathawak . jayen jayama wewa. anik kotasuth imanatama denna

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.