මේ සතියේ සබත් නිකුත් වෙන්න ප්‍රමාද වුණා. ඒ නිසා සබෙන් අඩක් වගේ කරලා සුපර්නැචුරල් එකට මූලිකත්වය දුන්නා. මේ ගැන කලින් කොටසෙදිත් මතක් කලාට වැඩක් නැහැ කියලා තේරුනේ ඒත් සමහර ෆිනාලේ එපිය කෝ කියලා අහන්න ගත්තමයි. අනේමන්දා ඉතින්! අවසානයට ඇවිත් තියෙන එකේ කලින් කොටසේ මොකක්ද වුණේ කියලා මතක් කරගමු. ඕමාර් ඉඩ්රි…

මේ සතියේ සබත් නිකුත් වෙන්න ප්‍රමාද වුණා. ඒ නිසා සබෙන් අඩක් වගේ කරලා සුපර්නැචුරල් එකට මූලිකත්වය දුන්නා. මේ ගැන කලින් කොටසෙදිත් මතක් කලාට වැඩක් නැහැ කියලා තේරුනේ ඒත් සමහර ෆිනාලේ එපිය කෝ කියලා අහන්න ගත්තමයි. අනේමන්දා ඉතින්! අවසානයට ඇවිත් තියෙන එකේ කලින් කොටසේ මොකක්ද වුණේ කියලා මතක් කරගමු. ඕමාර් ඉඩ්‍රිසිව අල්ලගත්තට පස්සේ ටීම් එකේ අය වායට්, නෝවින්, මැකැලැස්ටර් වගේම රෙනෝල්ඩ් හතරදෙනා එයාව අරගෙන එන ගමන් හිටියේ. මොකක්දෝ හේතුවක් නිසා මේ අය ප්‍රධාන පාරකින් යන්න තීරණය කරලා තිබුණා. මේ නිසාම කුලී හේවායෝ වගයක් ඇවිල්ලා මේ අයට පහර දෙන්න ගත්තා. මේ දෙගොල්ලෝ අතර වෙඩි ප්‍රහාර එල්ලවෙන අතරේ එක පාරටම රෙනෝල්ඩ් ඉඩ්‍රිසිව අරගෙන යන්න ගියා. ටීම් එකේ අයට විතරක් නෙවෙයි එක පාරටම මටත් නිකත් පිස්සු වගේ එයා එහෙම කලේ ඇයි කියලා. එයා ඒක කලේ ඩොනවන්ගේ නියෝග වලට නිසා තමයි. ඒත් ඇයි ඒ කියලා නම් ඇත්තටම හිතාගන්න බැරි වුණා. ඩොනවන්ගේ උපදෙස් පරිදි ඉඩ්‍රිසිව රහස් හමුවකට අරන් එන්න කියලයි එයා රෙනෝල්ඩ්ට නියෝග දීලා තිබුණේ. රෙනෝල්ඩ් ඉඩ්‍රිසිව අරන් ගියත් එක්කම ටීම් එකේ අයත් ඉක්මනින්ම වාහනයක නැගලා එයා පස්සේ පන්නන්න ගත්තා.නෝවින් මේකට ජෙන්සන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න කියලා හිතාගෙන එයාට කෝල් කලාට එයා උත්තර දුන්නේ නැහැ. මොකද කියලා අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නැහැනේ. අර කලින් වතාවක ජෙන්සන් ඉස්පිරිතාලෙ ඉන්නකොට ජෙන්සන්ගේ ෆයිල් ස්වයංක්‍රීයවම නෝවින්ට ඊමේල් එකක් හරහා ආවා කියලා කතාවක් ගියානේ. අන්න ඒ විදිහටම ජෙන්සන් අන්තිමටම හොය හොයා හිටිය ටෙනෙබ්‍රේ ව්‍යාපෘතියෙ හැම විස්තරයක්ම කලින් විදිහටම නෝවින්ට ලැබුනා. එතනදී තමයි ටීම් එකේ අය දැනගත්තේ ජේන් ලව්රි කියන්නේ බ්‍රිතාන්‍ය නියෝජිතවරියක් කියලා.
අපිට ජේන්ගෙයි ඩොනවන්ගෙයි පුංචි සිදුවීම් පෙලකුත් මේ අතරින් පතර දැකගන්න ලැබුණා. ඩොනවන් තමයි ජේන්ව පුහුණු කරලා ඉඩ්‍රිසි ලගට යවලා තියෙන්නේ එයාගේ විශ්වාසය දිනාගෙන, එයා ගැන විස්තර හොයාගෙන ඔත්තු සපයන්න කියලා. මේ විදිහට ඔත්තු සපයලා ටෙනෙබ්‍රේ ව්යාපෘතියෙන බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඉඩ්‍රිසිව මරලා දාන්නයි. ඒත් ත්රස්තවාදියා ලගට ඔත්තු බලන්න ගිය නියෝජිතවරිය අන්තිම නතර වෙලා තියෙන්නේ ත්රස්වාදියෙක්ට ආදරය කරලා තමන් සේවය කරන තැනට පිටුපාන විදිහට වැඩ සලස්වලා. ඉඩ්‍රිසිව ඕන කරපු මිනිස්සු නැවතුනෙම නැහැ එයාව අල්ලගන්නකන්ම. කොටින්ම රෙනෝල්ඩ් මගදිත් පහර දීමකට ලක් වුණා. මේ අතරෙදි තමයි රෙනෝල්ඩ් ගිය දිහාවටම එයාගේ ටීම් එකේ අයත් හොයාගෙන ආවේ. පස්සේ නෝවින් ඩොනවන් ගැන හැම ඇත්තක්මත් කියනවා. තමන්ගේ බිරිද කලේ බොරුවක් කියලා ඉඩ්රිසිත් දැනගන්නවා. ඒත් එක්කම රෙනෝල්ඩ් නෝවින්ට කිව්වා ජෙන්සන්ගේ මරණය ගැන. එයා විශ්වාස කලේ නැහැ එයාලගේ කුටියට ප්‍රහාරයක් එල්ල වුනු කතාව. එයා කිව්වෙම මේකත් ඩොනවන්ගේ වැඩක් වෙන්න ඇති කියලා. මේ අතරෙදි ඩොනවන් ගිහින් හිටියා ජේන්ව මුණගැහෙන්න. එයාව මුණ ගැහෙන්න ඉන්න අතරතුරදී ඩොනවන් කෝල් එකක හිටියේ. එයාට ඉහලින් නියෝග දෙන ගෑනු කෙනත් එක්ක. ඒ කෙනා කිව්වේ ටෙනෙබ්‍රේ ගැන හෙළි වුන නිසා මුළු ටීම් එකේම අයව මරලා දාන්න කියලා. ඩොනවන් ඒකටත් කැමති වුණා. ජේන් එතනට ගෙන්නගෙන එයාව අල්ලගන්න අදහසින් හිටියත් ජේන් එතනත් බෝම්බයක් පුපුරවලා යන්න ගියා. මේ අතරේදී ටීම් එකේ අය ඉන්න තැනට කට්ටිය ආයේ ඇවිත් පහර දෙන්න ගත්තේ. පහර දෙන ගමන් මේ අය ලගපාත තිබුණු නැවට ගොඩ වුණේ පහර දෙන්න තියෙන ලේසියට. නමුත් ඒ වෙනුවට එයාලව කොටු වුණා. ඒ වෙන කාටවත් නෙවෙයි අයිව්ස්ගේ මිනිස්සුන්ට. එයාගේ කට්ටියම තමයි මෙච්චර කාලයක් තිස්සේ මේ අයගේ පස්සේ පන්නලා තියෙන්නේ. මොකද අර ඔක්ටගන් කියන්නේ අයිව්ස්ගේ කම්පැනි වලින් එකක්. ජේන්ව ඔත්තු බලන්න. ඉඩ්‍රිසි ලගට යවපු කාලෙදි එයා ඩොනවන්ගේ සිස්ටම් වලට ඇතුල් වෙලා තොරතුරු හොයලා තියෙනවා. එතකොට එයා හොයාගෙන තියෙනවා “ඇට්ලස්” කියලා දෙයක් ගැන. ඉඩ්‍රිසි කිව්ව විදිහට නම් ඔය ඇට්ලස් කියන දේ ඉඩ්රිසිට වගේම ජේන්ට වාසියට පාවිච්චි කරන්න පුලුවන්ලු. මේක ගැන දැනගත්ත අයිව්ස්ට ඇට්ලස් ඕන වෙනවා. ඒ නිසා එයා ඉඩ්‍රිසිගේ නිදහස වෙනුවෙන් ඇට්ලස් එක ඉල්ලනවා. ටීම් එකේ අයව මරලා දාන අරමුණින්. ඒත් ඒ වෙලාවේ නෝවින් ඇවිත් ටීම් එකේ අයව බේරාගත්තා.
පස්සේ සැලසුමකට අනුව නෝවින් වගේම රෙනෝල්ඩ් දෙන්නා ගියා ඩොනවන් එන්න කියපු තැනට. මැකැලැස්ටර් වගේම වායට් ගියා ඉඩ්‍රිසි අයිව්ස් එක්ක ජේන්ව මුණ ගැහෙන්න ගියපු තැනට. ඩොනවන් ඒ වෙද්දී සැලසුම් කරලා තිබුණ එයාගේ කට්ටිය දම්මලා රෙනෝල්ඩ්ව මරන්න. කොටින්ම එයා දැනන් හිටියේ නැහැ රෙනෝල්ඩ් ලග ඉඩ්‍රිසිව නැහැ කියලා. කොහොම කොහොමින් හරි ඩොනවන් ඇත්ත වමාරන්න ගත්තා. රෙනෝල්ඩ් ඩොනවන්ගේ පස්සේ පන්නලා එයාව මරලා දාන අතරෙදි නෝවින්ව ඩොනවන්ගේ කට්ටියට කොටු වෙලා ඉද්දි තමයි මයිකල් වගේම ස්කොට් ඩබල ඇවිත් නෝවින්ව බේරගත්තේ. නෝවින් අඩුම තරමේ දැනගෙන හිටියෙවත් නැහැ මේ දෙන්නා කවුද කියලවත්. අනික් හමුව ගැන කියනවනම්, ඉඩ්‍රිසි වගේම අයිව්ස් එයාගේ කට්ටිය ලැස්ති කරගෙන ගිහින් ජේන්ව මුණගැහුනා. ඒත් ජේන් ඒ වෙලාවේ ඇට්ලස් එක තියෙන තැනකිව්වට හරියටම තැන කිව්වේ නැහැ. ඒත් එයා එක්කන් යන්නම් කිව්වා. ආයේ මේ ගොල්ලෝ මගහැරුනොත් අල්ලන්න වෙන්නේ නැති නිසා වායට් වගේම මැකැලැස්ටර් තීරණය කලා ජේන්වයි ඉඩ්රිසිවයි මරලා දාන්න. ජේන්ව නම් වායට් මරලා දැම්මා. ඒත් මැකැලැස්ටර්ට හැකියාවක් ලැබුණේ නැහැ ඉඩ්‍රිසිව මරලා දාන්න. ඒ නිසා ඒ ගොල්ලෝ එතනින් පැනගන්නවත් එක්කම වායට් වගේම මැකැලැස්ටර් ඒ ගොල්ලන්ගේ පස්සේ පැන්නුවා.
අද එතන ඉදන් කතාව ගලාගෙන යනවා. වායට් වගේම මැකැලැස්ටර් ඉඩ්‍රිසිගේ පස්සෙන් පන්නනවා. ඉඩ්‍රිසිගේ කට්ටිය ඇවිත් අයිව්ස්ගේ කට්ටියව මරලා ඉඩ්රිසිට උදව් කරනවා ඇට්ලස් එක අරගන්න. මිට කලින් ටීම් එකේ අය උත්සහ කරනවා ගිහින් ඇට්ලස් එක අරගන්න. සුපුරුදු පරිදි අද කොටසටත් මයිකල් වගේම ස්කොට් එනවා. ඒත් වැඩිය බලාපොරොත්තු තියාගන්න නම් එපා මේ දෙන්නා කරන්නේ ආරාධිත රංගනයක් විතරක් නිසා. මට නම් මයිකල් වගේම ස්කොට් දෙන්නා ගැන පොඩි සැකයක් තියෙනවා මේ දෙන්නා දැන් වැඩ කරන්නේ ඇත්තටම කාටද කියලා. මොකද හැසිරීම නම් හරිම අමුතුයි. බලලම ඉන්නකෝ එහෙනම් හරිහැටි අවසානයක් නොකර තවත් කතාසමයකට ඉතිරි කරන මේ කොටසත්.
මෙතෙක් කාලයක් කතාමාලාව හුග දෙනෙක් බැලුවේ නැහැ පරණ දෙන්නා නැති නිසා. කොටින්ම මේ කතාසමයේ රේටින් පවා අඩුවුණා. ඒ නිසා තමයි මං හිතන්නේ මේ කතාමාලාවේ නිෂ්පාදකවරුන් තීරණය කරන්න ඇත්තේ පරණ දෙන්නව ගෙන්නන්න ඕන කියලා. ඒකෙ ප්‍රතිඵලයක් නිසා වෙන්න ඕන IMDb අගය මුල් කොටස් අටටම 5.5-6.5 අතර පැවතුනු මේ කතාසමයේ අවසාන කොටස් දෙකට පිළිවෙලින් 9.2 ක් වගේම 9.4 වගේ ඉහල අගයන් ලබාගෙන තියෙන්නේ පරණ දෙන්නා ආරාධිත රංගනයෙන් හෝ දායක වුනු නිසා. ඔන්න එහෙනම් තවත් කතාසමයක අවසානයට ලගා වුණා. මේ වෙද්දීත් ස්ට්‍රයික් බැක් හත්වැනි කතාසමයට දීර්ඝ කරලා තියෙන්නේ.
මං ගිහින් එන්නෙම්. හැමෝටම ජයෙන් ජය! සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,707 downloadsDownload strike.back_.s06e10.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
54 comments
Udara Damith Dissanayaka
chathuralakmalsrivantha
thanks machnan
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Lakshitha
තැන්ක්ස් bro මේ season එකට සුපිරියටම sub දුන්නට.
මාරම ආසාවෙන් බලපු කතාවක් මේක.........
ඊළඟ season එකටත් මේ වගේම දෙමු.......Hash1000
Thankz bro.dipu sub okkotama
nimanaka
thanks brother ma season aka ikmanata dunata.. good job
Ravindu Rukshan
හම්මේ අයියෙ මෙච්චර කාලයක් සබ් දුන්නු එකට ස්තූතිවන්ත වෙනවා.මම කලින් ටිකනම් බලල නැහැ.කොහොමහරි මේකෙ වෙනස්ම ස්ටෝරි ලයින් එකක් යන නිසා බලන්න ගත්තා.බලනකොටයි හිතුනෙ පට්ට කියල.ඒවගේම පරක්කු නොකර සබ් ටිකත් ලබාදුන්නු එකට ස්තූති වන්තවෙනවා.Thx Thx කියල දාල අද තමා මෙච්චර ලොකු එකක් ලියන්න ගත්තෙ.ඒ කොහොමහරි ඔන්න ලිව්ව..එහෙනම් "ලහිරු ප්‍රසාද්" ඔබට සතුටුද දැන්????
ලහිරු ප්‍රසාද්
ඕ සතුටුයි.
Gathsara Umesh
Bhoooooom sthuuthiyi ayyee...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
maduranga
makath kiyanna oona . boombayakin kelawara wechca nati ekama season eka . meeka tama . Season 1 arunama
Kanchaka
Thanks bro.....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sameeradananjaya
parana denna innawa kiyanne nikan maru a
Dishara malshan
කොල්ලෝ මම හදවතින්ම මේ කියන්නෙ සුපිරි උබලා තමයි වැඩ කාරයෝ මෙක මම ආසම කතාවක් sseason එක ඉවර උනා පින් කොල්ලො season 7 ඔයා කරන්න ඔයා තාම සුදුස්සා එල කියන්න දේවල් නැ
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. මේ වගේ ඉස්සරහටත් අපිත් එක්කම ඉමු, ජය වේවා!... :-)
Shalika
ade 7 enawada pattai ne
KavindaRashmin
thnx bm...
Devindi Sulochana
Tnx aiya oyanam godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak hondai
dilsupun
Ela thnx sub ekata
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
anuka
Kawwda bro season 7 release venne?
suranuwan
thanks bro sub ekata...
Dilruk lahiru
Elzzzzzz
Dilruk lahiru
Elzzzzzz. Digatama sub denna...
Suranjan
Thank you bro kathawa genawata...........jayawewa......!
losaka
ස්තුතියි සහෝ ජය වෙිවා!!!!!
Kulathunga
ඔබට බොහෝම ස්තුතියි....සහෝදරයා....
Hemal
Thank you Brother for ur hard work
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
wikz
thanx 4 sub mcn...
Thisal
ස්තුතියි
Sagara
ඔක්කොම ටිකට සබ් කරනකන් බලාගෙන හිටියෙ..අනිත් සීසන් 05ම බලල තියෙන්නේ...අද අනිවා බානව...එල කොල්ලනේ උඹලට බොහෝම ස්තූතියි !
samiya
season 7 anne kavadda dannaneda bro...
sub akata thankzsamantokyo
thank you guys
Lahiru W
thanks for sub. thanks baiscope team
100
Sub eakata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru Wanniarachchi
Thanks brother .... sub tikata... S1 esala S6 wenaknma..
සමීර චතුරංග
ස්තුතියි..
Kapila4499
thanks for sub ..............
Sajithlakshan
බොහොම ස්තූතියි
Lt.Snk
Epi 10 ma sub gatta bro. balala iawarawela hoda naraka kiyannam. hemadamath diga article liwwata godak sthuthi. jaya wewa!
namika
thanks bro!
niyamai...Milindapriyalal
Thanks bro season 7 godadamu
Thanujaya Bandara
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…Dave
Thanx broh
kasun3
niyama wedak yaluwaaa digatama inna me wage hodama ewagen demma budu saranai
Mr.pamz
mulu season ekatama sub laba dunna chamara sampath brother ta bohoma isthuthi
Tskalubovila
patta.season 07 relece karala thiyenne eketh sub eka denna....tnx
Hashanchamara
Ela! Tnz bro
Dewadithya
Thanks for sub!
Advertisement


කොහොමත් කමක් නෑ අපි අනිත් එකත් බලලනවනේ එනිසා අවුලක් නෑ
මේකෙන් පාඩමක් ඉගෙන ගෙන ඊලග එකට මේ ඩබල ගෙනාවොත් ඒ ඇති
මන් එක
මන් කැපුනා
දිගටම මේවා ගේ ඒවාට සබ් දෙන්ඩ දයිරය laබේවා