Watch Trailer

Stuart Fails to Save the Universe [S01 : E06] Sinhala Subtitles | බඩඉරිඟු රසයි ! [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

කලින් කොටසේ වුණ දේවල්...
5 වෙනි කොටස පටන් ගන්නේ ස්ටිවර්ට්, බර්ට්, ඩෙනීස් සහ ක්රිප්කි අලුත් විශ්වයක ගෝත්‍රිකයන් මැද ඉන්න දර්ශනයෙන්. ඒ ගෝත්‍රිකයෝ මේ අයට කෑම බීම, ඉන්න තැනක් සහ යාලුකම ලබා දෙනවා.

ස්ටිවර්ට් මැෂින් එක හදන්න උත්සාහ කළත් ඒක හරියන්නේ නැහැ. ඒ අතරේ ක්‍රිප්කිගේ සපත්තු දෙකත් හොරකම් කරනවා.

බර්ට්ගේ 'කෙල්ල' වෙන චානාට, සිම්පා කියන තවත් ගෝත්‍රිකයෙක් ආරාධනා කරනවා. ඒත් බර්ට් කෙල්ලට එකකට වඩා සහකාරයන් ඉන්නවාට කැමති වෙන්නේ නැහැ.

ස්ටිවර්ට් සහ ඩෙනීස් අදහස් හුවමාරු කරගන්න ක්‍රමයක් හොයන්න යනකොට, වලස් අසූචි දිහා බලලා සංඥා තේරුම් ගන්න හදන ගෝත්‍රික ගැහැණු කෙනෙක්ව හම්බෙනවා. ස්ටිවර්ට්ත් ඒක කරලා බලද්දී, මැෂින් එකට 'රතු ක්වාට්ස්' කැටයක් පාවිච්චි කරන්න කියලා මැසේජ් එකක් හම්බෙනවා.

අනිත් පැත්තෙන් ක්‍රිප්කිට ඕන වෙනවා සීමාවන් පනවන්න. එයා එහෙ ඉන්න අයට තමන්ගේ පෞද්ගලික බඩු වෙන් කරලා අඳුරගන්න කියලා දෙනවා. ඒ වගේම කොමඩු සහ වෙනත් බඩු බාහිරාදිය පාවිච්චි කරලා ණය ලබාගැනීම සහ මුදල් පාලනය ගැනත් කියලා දෙනවා.

චානා, බර්ට් එක්ක විතරක් ඉන්න එක ගැන අසතුටින් ඉන්න සිම්පා ඇවිත් ඒක බිරිඳ/සහකාරිය බෙදා නොගැනීම ගැන අහනවා. ක්රිප්කි එයාට විසඳුම් තුනක් දෙනවා: කෙල්ලව අමතක කරන්න, කෙල්ල ලවා කොල්ලට පිට යන්න සලස්වන්න, නැත්නම් කොල්ලව අයින් කරලා දාන්න. සිම්පා තෝරගන්නේ තුන්වෙනි ක්‍රමය.

ස්ටිවර්ට් වැවෙන් නාගෙන ඩෙනීස් එක්ක බර්ට්ව හොයාගෙන යනවා. බර්ට් කියනවා එයා චානාව කසාද බඳින්න යනවා කියලා, ඒත් ඇයට කසාදය කියන දේ ගැන කිසිම අදහසක් නැහැ.

බර්ට් 'ගාවෙල්' කියන තවත් ගෝත්‍රිකයෙක්ව පෙන්වනවා. එයාගේ මාලයේ රතු ක්වාට්ස් කැටයක් තියෙනවා, ඒත් එයා ඒක දෙන්න බෑ කියනවා. ඒ හැමදේම සිද්ධ වෙන්නේ හැමදේම බෙදාගන්න "කොමියුනිස්ට්කාරයෙක් වෙන්න එපා" කියලා ක්‍රිප්කි දීපු දේශනය නිසයි. එදා රෑ ස්ටිවර්ට්, ගාවෙල්ගේ මාලය හොරකම් කරන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.

පහු වෙනිදා උදේ, බර්ට් ස්ටිවර්ට්ගෙන් එයාගේ දෙවෙනි මනමාලයා වෙන්න කියලත්, ඩෙනීස්ගෙන් මංගල චාරිත්‍ර ඉෂ්ට කරන්න කියලත් ඉල්ලනවා. ඒ අතරේ වටේ ඉන්න හැමෝම තමන්ගේ බඩු බාහිරාදිය වෙනුවෙන් රණ්ඩු වෙනවා. බර්ට් සහ චානා කසාද බඳින්න හදද්දීම සිම්පා ඒකට විරුද්ධ වෙනවා.

එතන ලොකු රණ්ඩුවක් පටන් ගන්නවා. ස්ටිවර්ට් ඒ අස්සේ රතු ක්වාට්ස් කැටය හොරකම් කරන්න වෙලාව යොදාගන්නවා. මැෂින් එක වැඩ කරන්න පටන් ගන්න අතරේ, මේ හතරදෙනාව තවත් විශ්වයකට විසි වෙනවා.

එයාලා ආයෙමත් ඇවිත් බහින්නේ කොමික් පොත් ෂොප් එක ඇතුලට, ඒත් මෙයාලා ඉන්නේ හරියටම නිවැරදි විශ්වයේද කියලා එයාලට ෂුවර් නැහැ. කතාව ඉවර වෙද්දී ඩෙනීස් ගහකින් කොළ වගයක් කඩන් කනවා.

මීළඟ කොටසින් නැවත හමුවෙමු.

                                

Subtitles by

අශාන් ශානක

Rank: SilverSilver
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

1 downloadsDownload Subtitles18 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.