පසුගිය කතාංගයේදි අපි දැක්ක SDF බලකාය සතු ගිනි නිවන රථ දෙකක් යොදාගෙන ප්‍රතික්‍රියාකාරක හරය වෙත බලාගාරය තුළ වූ ජල ආදාන නල පද්ධතිය හරහා අමතරව පිටතින් ගලය පොම්ප කර ප්‍රතික්‍රියාකාරක වල ස්ථායීතාවය පවත්වාගැනීමට බලාගාර කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරණවා. සහ එම නල පද්ධතිය සතු බලාගාරය ඇතුළතින් පිහිටන කපාට කිහිප…

පසුගිය කතාංගයේදි අපි දැක්ක SDF බලකාය සතු ගිනි නිවන රථ දෙකක් යොදාගෙන ප්‍රතික්‍රියාකාරක හරය වෙත බලාගාරය තුළ වූ ජල ආදාන නල පද්ධතිය හරහා අමතරව පිටතින් ගලය පොම්ප කර ප්‍රතික්‍රියාකාරක වල ස්ථායීතාවය පවත්වාගැනීමට බලාගාර කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරණවා. සහ එම නල පද්ධතිය සතු බලාගාරය ඇතුළතින් පිහිටන කපාට කිහිපය දැඩි විකිරණ අවධානම මධ්‍යයේ හා පිපුරුම් අවධානම මධ්‍යයේම එම ඒකක භාර පාලක මණ්ඩලයෙ පිරිස විසින් දැඩි ජිවිත අවධානමත් නොතකාම විවෘත කරගැනීමට දරණ ලද උත්සහයනුත් ඔබ දකින්නට ඇති.
ඉතිං අද අපි බලමු ඔවුන් ඒ දරණ ලද දැඩි අවධානම බලාගාරයේ පැවැත්ම සඳහා කෙලෙසකි න්බලපාවිද යන වග. මේ වන විටත් බලාගාරයේ දෙවන ප්‍රතික්‍රියක කුටිය තුළ පීඩනය එහි සැලසුම් ගත උපරිම පීඩන සීමාවත් ඉක්මවා ඇති ආකාරය ඔබ පෙර කතාංගයෙන් දකින්නට ඇති. මේ තත්වය තුළ එම අධික පීඩනද යටතට ගනිමින් එම කුටිය තුළට නල පද්ධතිය හරහා දැඩි පීඩනයක් යුතුව පිටතින් ලබා දෙන ජලය ඇතුළ් කිරීමට ඔවුනට සිදුවෙලා තිබෙනව..
ඉතිං අපි බලමු ඔවුන්ට පිටින් සම්බන්ධ කරන ලද ගිනිනිවන රථ වලට මේ අධික පීඩනයට ප්‍රතිරෝධීව ජලය ප්‍රතික්‍රියක කුටිය වෙත පොම්ප කරවීමට හැකිවේවිද යන්න..
සහ ඒ වගේම ඔවුනට මුහුණ දීමට තිබෙන අති භයානකම හයිඩ්‍රජන් පිපුරුම් අවධානම ඔවුන් කෙලෙසින් හසුරවා ගනීවිද යන්නත්…
ඉතිං කථාංගය සමඟින් මුළු ෆුකුෂිමා ඩායිචි න්‍යෂ්ටික බලාගාරයේම ඉරණම වෙනතකටම පෙරලීම ඔබට දැකගැනීමට හැකියාව ලැබේවි…
PS – මන් මේ කතාංගය උපසිරැසි ගන්වන දිනය වන විට ෆුකුෂිමා බලාගාරය පිළිබඳව නවතම කරුණක් පිළිබඳව ඔබටත් මේ වන විට දැනගැනීමට හැකියාව ලැබී තිබෙන්නට පුළුවනි. ඒ ෆුකුෂිමා බලාගාරය විසින් ඒ සතු දූෂිත අප ජලය මෙම මස (අගෝස්තු) 24 දින මහා සාගරය වෙත නිදහස් කිරීමට ජපානය තීරණය කර තිබීමයි. මෙම පුවත ලංකාවේද ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන සියල්ලගෙන්ම පාහේ මේ වන විට වාර්ථා කර අවසන්.. ඉතිං ඔබගේ වැඩි දැනුමට ඒ ගැන යමක් සඳහන් කරන්නම්….
ජපානය කොහොමත් පිහිටල තිබෙන්නෙ ආසියානු පැසිෆික් ගිනි වළල්ල – Pacific Ring of Fire පසුබිම් කරගෙන. මේ හේතුවෙන් භූකම්පන සහ සුනාමි තත්වයන් ජපානයට එතරම් නුහුරු උපද්‍රවයන් වෙන්නෙ නෑ. කෙසේ වුවත් අදාල සමාගමේ අවදානම් තක්සේරු වර්ථාවන් කෙරෙහි අවධානය යොමු නොකරමින් මෙම භූමි ප්‍රදේශයේ දැවැන්ත න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අදාල ටෝකියෝ විදුලි බල සමාගම මේ වන විටත් තම වරද ජනතාව ඉදිරියේ පිළිගෙන අවසන්..
ඉතිං මේ උපද්‍රවයෙන් බලාගාරය තුල එක්රැස් වූ දූෂිත අප ජලය මේ කාල සීමාව වන විට භාහිර පරිසරය වෙත මුදාහැරීමට ඔවුන් දැන් සූදානම්. ඒ එම ජලය අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ පිරිවිතරයන්ට අනුකූලව සම්පූර්ණයෙන්ම තනුක කිරීමෙන් පසුවයි. ඔවුන් මේ වන විට මේ අප ජලය වසර 12ක් පමන මුළුල්ලේම ගබඩා කර තබා ගන්නෙ කල් යාමත් සමඟම එහි විකිරණශීලීතාවය හීන වීමට ඉඩකඩ ලබා දීමටයි. කෙසේ නමුත් බලාගාරය පිහිටි භූමි ප්‍රදේශය අනුව ඔවුනට මෙම අප ජලය මුහුදට එක් කිරීම හැර වෙනත් විකල්පක් ඉතිරිව නැහැ. ඉතිං ඔවුන්ගෙ මේ තීරණය පිළිබඳව පෙර ලෝකය වෙත දැනුවත් කිරීමක් මැයි මස සිදු කල අතර එහිදී යොදාගත් ලෙස ඔවුන් අගෝස්තු මස 24 දින එම අප ජලය පැසිෆික් සාගරය වෙත මුදාහැරීම ආරම්භ කරනවා. එමෙන්ම එක ක්‍රියාවලිය දින 17ක් පුරාවටම සිදුකෙරෙනවා..
කෙසේ වෙතත් මේ ගැන නම් අසල්වැසි කිසිඳු රටක් හෝ මනාපය නම් ඵලකර සිටින්නෙ නෑ. ප්‍රධාන වශයෙන්ම චීනය විසින් දක්වන දැඩි විරෝධය හමුවෙයි ඔවුන් මෙම ක්‍රියාමාර්ගයන් ගනු ලබන්නෙ. ඒ වගේම කොරියාව, චීනය, රුසියාව වැනි අසල්වාසී රටවල් කිහිපයක්ම මේ වන විට මුහුදු ආහාර තම රට තුළ භාවිතය දැඩි ලෙස සීමා කිරීම හා ප්‍රතික්ෂේප කිරීමට යොමුවෙලා තිබෙනව. එ වගේම ජපාන ජනතාව තුළත් මුහුදු ආහාර සම්බන්ධයෙන් දැඩි අර්බුධකාරී තත්වයන් මේ වෙද්දිම නිර්මාණය වෙලයි තියෙන්නෙ. ඉතිං මේකට පිළිතුරක් වශයෙන් ජපාන රජය නියෝජනය කරමින් ජපාන වත්මන් අග්‍රාමාත්‍ය වරයා මාධ්‍ය ඉදිරියේම මුහුදු ආහාර අනුභව කරමින් තම රටවසියන් හට ඔවුන් පෙළෙන අනවශ්‍ය බියෙන් මිදීමට නිදසුනක් ලබා දී තිබෙනවා. (අපේ රටෙත් එහෙම දෙයක් වුණා වගේ මතකද ? :p).
මේ අතරම තම ජීවිකාවන් අහිමි වුණ ජපාන ධීවර ජනතාවටත් අවශ්‍ය කරන වන්දි මුදල් ලබාදීමටත් ජපාන රජය සූදානම් වෙලා තිබෙනවා..
ඉතිං අවසානයට ලංකාවටනම් මේ ක්‍රියාවළීය නිසා කිසිඳු ආකාරයක බලපෑමක් නොවන බව බලධාරීන් විසින් මාධ්‍ය හමුවේ මේ වනවිට අවධාරනය කර තිබෙනවා. එම නිස අනවශ්‍ය බියක් ඇති කර නොගන්න…
නැවතත් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
2,465 downloadsDownload The.Days_.2023.S01E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
10 comments
Manu
Buddhika Lakmal
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Manu
Godak sthuthi... Jaya wewa!
sahan p
e7 t oniiiiiii
Manu
Bohoma sthuthi..Jaya wewa!
Anonymous
උපසිරැස පරක්කුයි
Anonymous
next Epi Pls
Sathsara Palihawadana
thank you sub tika genawata ithuru ep 2 ke sub ikmanta balaporoththu wenawa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Advertisement
![The Days [S01: E06] Sinhala Subtitles | මෙතනින් පණපිටින් යන්න බැරි වෙවිද ?? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/The-Days-2023-Japan-tv-a.jpg)



Godak sthuthi..Jaya wewa!