Watch Trailer

The Girl from Oslo AKA Bortført [S01 : E07] Sinhala Subtitles | පලායාම. [සිංහල උපසිරසි]

මේක ඊශ්‍රායල නිර්මාණයක්. ඒ වගේම මේක තමා ඊශ්‍රායල Netflix සුසංයෝගයෙන් කල එලි බහින පළවෙනිම නිර්මාණය. 2021 අප්‍රේල් 11 දින නිළ වශයෙන් Netflix නාලිකාව හරහා නිකුත් කරපු මේක, ඒ නිකුත් කරපු සතිය තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය වාර්තා කරන්නත් සමත් උනා. ඒ වගේම රටවල් කීපයක මාස ගානක් තිස්සෙ Top Most Viewed ලිස…

මේක ඊශ්‍රායල නිර්මාණයක්. ඒ වගේම මේක තමා ඊශ්‍රායල Netflix සුසංයෝගයෙන් කල එලි බහින පළවෙනිම නිර්මාණය. 2021 අප්‍රේල් 11 දින නිළ වශයෙන් Netflix නාලිකාව හරහා නිකුත් කරපු මේක, ඒ නිකුත් කරපු සතිය තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය වාර්තා කරන්නත් සමත් උනා. ඒ වගේම රටවල් කීපයක මාස ගානක් තිස්සෙ Top Most Viewed ලිස්ට් එකේ උඩම 10 අතරෙ රැදී ඉන්නත් පුළුවන් උනා. Drama/Thriller කැටගරියෙන් කියල කිව්වත් action එහෙමත් නැතුවම නෙවෙයි. IMDB අගය 6.3/10ක් කරකවා ගත්ත මේක අධ්‍යක්ෂණය කරන අය රඟපාන අය එහෙම අපි දන්න කියන අය නෙවෙයි. ඒ නිසා මං ඒ ගැන කියන්න යන්නෙ නෑ හොඳේ. මේක නෝර්වේජියානු/ඊශ්‍රායල සුසංයෝගයක්. ඒ නිසා නළු නිලි සෙට් එකම ඒ රටවල් දෙකේ අය තමයි ඉන්නෙ. දන්න අය නෑ කියල බලන්නෙ නැතුව ඉන්න එපා. එහෙම උනොත් ඉතින් අපරාදෙ. තව දෙයක් කියන්න ඕනෙ. මේක ඊශ්‍රායල කතාවක් නිසා එයාලගෙ නම් ගම් එහෙම ටිකක් නුහුරුයි. ටිකක් බලන් යද්දි හරි යයි. අනික මං සබ් එක කරල තියෙන්නෙ English Dubbed කරපු කොපියට. ඒක බාගෙන බලන්න. ඊශ්‍රායල භාෂාවෙන්ම තියන කොපි එකක් මං සබ් කරන්න පටන් ගද්දිත් රිලීස් වෙලා තිබ්බෙ නෑ.

ඔත්තු බලන්න Drone යානා එවන නිසා ඒක නවත්තන්න තවත් අනතුරු ඇඟවීමක් කරනව ඔයාල කලින් කොටසෙදි දකින්න ඇති. ඒ වගේම හමාස් එකට වැඩ කරන සෙල්මා අබු සලීම්ගේ ගෝලයවත් මරල දානව. එතකොට යූසුෆ් පියාට තේරුම් විස්තරේ තේරුම් කරල දීල එපියෙ අන්තිමට තුන්දෙනා එක්කම එතනින් පැනල එනව. ඉතින් පැනල යන එක සාර්ථකද කියල ඊළඟ එපියෙන් බලමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,484 downloadsDownload The-Girl-from-Oslo-S01-E07.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,484 downloadsDownload Subtitles16 KB

4 comments

  1. Anonymous

    Thanks jayawewa...!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.