මේක ඊශ්‍රායල නිර්මාණයක්. ඒ වගේම මේක තමා ඊශ්‍රායල Netflix සුසංයෝගයෙන් කල එලි බහින පළවෙනිම නිර්මාණය. 2021 අප්‍රේල් 11 දින නිළ වශයෙන් Netflix නාලිකාව හරහා නිකුත් කරපු මේක, ඒ නිකුත් කරපු සතිය තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය වාර්තා කරන්නත් සමත් උනා. ඒ වගේම රටවල් කීපයක මාස ගානක් තිස්සෙ Top Most Viewed ලිස…

මේක ඊශ්‍රායල නිර්මාණයක්. ඒ වගේම මේක තමා ඊශ්‍රායල Netflix සුසංයෝගයෙන් කල එලි බහින පළවෙනිම නිර්මාණය. 2021 අප්‍රේල් 11 දින නිළ වශයෙන් Netflix නාලිකාව හරහා නිකුත් කරපු මේක, ඒ නිකුත් කරපු සතිය තුල වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය වාර්තා කරන්නත් සමත් උනා. ඒ වගේම රටවල් කීපයක මාස ගානක් තිස්සෙ Top Most Viewed ලිස්ට් එකේ උඩම 10 අතරෙ රැදී ඉන්නත් පුළුවන් උනා. Drama/Thriller කැටගරියෙන් කියල කිව්වත් action එහෙමත් නැතුවම නෙවෙයි. IMDB අගය 6.3/10ක් කරකවා ගත්ත මේක අධ්‍යක්ෂණය කරන අය රඟපාන අය එහෙම අපි දන්න කියන අය නෙවෙයි. ඒ නිසා මං ඒ ගැන කියන්න යන්නෙ නෑ හොඳේ. මේක නෝර්වේජියානු/ඊශ්‍රායල සුසංයෝගයක්. ඒ නිසා නළු නිලි සෙට් එකම ඒ රටවල් දෙකේ අය තමයි ඉන්නෙ. දන්න අය නෑ කියල බලන්නෙ නැතුව ඉන්න එපා. එහෙම උනොත් ඉතින් අපරාදෙ. තව දෙයක් කියන්න ඕනෙ. මේක ඊශ්‍රායල කතාවක් නිසා එයාලගෙ නම් ගම් එහෙම ටිකක් නුහුරුයි. ටිකක් බලන් යද්දි හරි යයි. අනික මං සබ් එක කරල තියෙන්නෙ English Dubbed කරපු කොපියට. ඒක බාගෙන බලන්න. ඊශ්‍රායල භාෂාවෙන්ම තියන කොපි එකක් මං සබ් කරන්න පටන් ගද්දිත් රිලීස් වෙලා තිබ්බෙ නෑ.
අසාර්ථක වෙච්ච මෙහෙයුමේ වගකීම ඇලෙක්ස් බාර ගත්ත කලින් එපියෙ ඔයාල දකින්න ඇති. ඒ නිසා ඇලෙක්ස්ට මුහුණ දෙන්න සිද්ද උන ප්‍රශ්නත් ඔයාල දකින්න ඇති. ඒ වගේම ලයිල යුසුෆ්ට යෝජනාවකුත් ගෙනාව ප්‍රාණ ඇපකරයෝ දෙන්නව නිදහස් කරන් එන්න පුළුවන් උනොත් එයාට සමාව ලැබෙයි කියල. ඒ අස්සෙ කාල් ටත් යම් විදියක අනතුරු ඇඟවීමක් ISIS උන් කරනවා. එහෙනම් අද මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,381 downloadsDownload The-Girl-from-Oslo-S01-E06.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
4 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Thanks jayawewa.....!